ස්ටීව් ස්මිත් ලෝක කුසලානයට පෙර ඇඟ උණුසුම් කරගනී

226
Steve Smith

නවසීලන්ත පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ (10) දිනයේ සමත් විය.

රිය පැදවීම බෙකම්ට තහනම්

පාපන්දු ඉතිහාසයේ සුපිරිතම තරුවක් සේ සැලකෙන එංගලන්ත ජාතික ඩේවිඩ් බෙකම් හට නීතිය ක්‍රියාත්මක


එහිදී මාස 15ක පමණ කාලයකට පසුව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින ස්ටීව් ස්මිත් මෙම තරගයේදී නොදැවී ලකුණු 91*ක් රැස්කරමින් ලෝක කුසලානය සඳහා ඔහුගේ තිබෙන සූදානම ලෝකයාට පෙන්වීමට සමත් විය.

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 289ක් රැස්කර ගැනීමට සමත් විය.

නවසීලන්ත පළමු පෙළ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් දකුණතින් පිතිකරණයේ නිරත වන විල් යන්ග් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟ පන්දු 108කදී වේගවත් ලකුණු 111ක් වාර්තා කළේය. ඊට අමතරව නවසීලන්ත පළමු පෙළ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩාකළ ජෝර්ජ් වෝල්කර් ලකුණු 59ක් ලබාගෙන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙන ලදි.

පන්දු යැවීමේ දී පැට් කමින්ග්ස් ලකුණු 32කට කඩුලු 4ක් දවාගන්නා විට ඇඩම් සැම්පා සහ මාර්කස් ස්ටොයිනස් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

පළමු තරග දෙක අවසානයේ කණ්ඩායම් දෙකම තරග 1-1 ලෙස ජයගෙන තිබීම නිසා තරගාවලිය ජයගැනීම වෙනුවෙන් මේ තරගය ජයගැනීම දෙපිළටම ඉතාමත් වැදගත් විය. එසේ ජයග්‍රහණය අරමුණු කරගෙන පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු පළමු පෙළ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ උස්මාන් කවාජා සහ ඩේවිඩ් වෝනර් යන දෙදෙනාම ප්‍රධාන ලකුණු පුවරුව ලකුණු 46ක් ලෙස දැක්වෙද්දී ක්‍රීඩාගාරයේ අසුන්ගෙන සිටියේ නවසීලන්ත කණ්ඩායමට වැඩි වාසියක් ලබාදෙමිනි.

තත්වය එසේ වුවත් ඉන් අනතුරුව පිටියේ එක්වූ ස්ටීව් ස්මිත් සහ ෂෝන් මාෂ් තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ තත්වය තරමක් දුරකට පරිවර්තනය කිරීමට සමත් විය. ෂෝන් මාෂ් ලකුණු 32යි.

තවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට දූෂණ චෝදනා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හා අවිශ්ක ගුණවර්ධන එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී

තරගයේ තත්වය සම්පූර්ණ ලෙසම වෙනස් කළ සබඳතාවය ගොඩනැගුණේ ඉන් අනතුරුවය. එහිදී ස්ටීව් ස්මිත් සහ ග්ලෙන් මැක්ස්වෙල් 5වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 104ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ වැඩි වාසිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙසට ලබාදෙන ලදි. ග්ලෙන් මැක්ස්වෙල් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 48කදී ලකුණු 70ක් රැස්කිරීමට සමත් විය.

අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 44ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 244ක් ලබාගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නවතා දැමුණු අතර ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 15කින් තරගය ජයගැනීමට ස්මිත් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.  

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමඟ පුහුණු ක්‍රිකට් තරග දෙකක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගී වීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජුනි මස 01 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ බ්‍රිස්ටල් හිදී පැවැත්වේ.

                                  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<