බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට විශේෂ වැඩසටහනක්

145

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන කමිටුව එක්ව සංවිධාන කරනු ලැබූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ පළමු මට්ටමේ වැඩසටහන කොළඹ, මෙට්ලන්ඩ් පෙදෙසේ, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී  ආරම්භ වුනා.

මෙලෙස ආරම්භ වූ වැඩසටහනට ශ්‍රී ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් පුහුණුකරුවන් 52 දෙදෙනෙකු සහභාගී ව තිබෙන අතර එම වැඩසටහන දින හතරක් පුරාවට පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා විසිරී සිටින යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දැනුම හා ප්‍රවීණත්වය සපයා දෙන දේශීය පුහුණුකරුවන් දැනුවත් කිරීම මෙම විශේෂ සිව්දින වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙනවා.

විවිධ වයස් කාණ්ඩවල පසුවන විවිධ නිපුණතා මට්ටම්වලින් සමන්විත එම පුහුණුකරුවන් මෙම වැඩසටහනේ විවිධ පුහුණු සැසි සඳහා සම්බන්ධ වී ලබා ගන්නා නිපුණතා වර්ධනය මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ වර්ධනයට ඉතා වැදගත් වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<