KKR නායකයාට මෙවර IPL අහිමි වන ලකුණු

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

754
Shreyas Iyer likely to miss IPL 2023

කොන්ද ආශ්‍රිතව ඇති වූ ආබාධයක් නිසා Kolkata Night Riders කණ්ඩායම නියෝජනය කරන Shreyas Iyer හට මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වෙනවා.

කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු මෙන්ම නායකයා ද වන ඔහු නිමා වූ ඕස්ට්‍රේලියා තරගාවලියේ දී නැවත කණ්ඩායමට එක් වූවත් අවසන් තරගයේ දී නැවත ඇති වූ ආබාධයක් නිසා පිතිකරණයට පැමිණියේ නැහැ.

පසුව ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අහිමි වන බව නිවේදනය කළා.

එම ආබාධය නිසා ඔහුට මාස 4-5ක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බව වාර්තා වන නිසා මෙවර තරගාවලියේ දී KKR කණ්ඩායමට සිය නායකයා අහිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.

ඔහුගේ ආබාධයට සැත්කමක් කිරීමට නිර්දේශ කිරීම නිසා ඔහුට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය ද අහිමි වෙනවා.

ඔහුගේ සැත්කම බොහෝ දුරට නවදිල්ලි නුවර දී සිදු කිරීමට නියමිත අතර 2022 බංග්ලාදේශ තරගාවලියෙන් පසු ඇති වූ මෙම ආබාධය නිසා ඔහුට බොහෝ තරගාවලි අහිමි වුනා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ ඉතා කැපී පෙනෙන පිතිකරුවෙකු වන ඔහු ඉන්දීය රුපියල් කෝටි 12.5 මුදලකට KKR කණ්ඩායම ලබා ගත් අතර IPL තරග 101ක දී ඔහු ලකුණු 2776ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<