සන්ජේ මන්ජේකාර් විස්තර විචාරයෙන් ඉවත් කරයි

93

මේ දිනවල ලොව පුරා පැතිර යන COVID-19 වයිරසය නිසා ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ ඉන්දීය දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය ද කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි. 

සංගාගේ පුහුණුවීම් අපතේ යයි?

පසුගිය දින කීපය මෙරට ක්‍රීඩාලෝලීන්ට එතරම් සුබදායි කාලයක් වූයේ නැත. වසංගතයක් ලෙස පැතිර යන…

මේ සිදුවීම් අවට ඇති අවුල් සහගත තත්වය තුළ, ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැදගත් තීරණයක් එතරම් මාධ්‍ය වල එතරම් අවධානයට ලක්වූයේ නැත. ඒ ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ කමිටුවෙන් සංජේ මන්ජේකාර් ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය ගත් තීරණයයි. 

හිටපු ඉන්දීය පිතිකරුවෙකු සහ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතම විචාරකයෙකු ලෙස හැඳින්වෙන සන්ජේ මන්ජේකාර් මෙලෙස විස්තර විචාරක මණ්ඩලයෙන් ඉවත් කිරීම ඉන්දීය මාධ්‍ය කීපයක් වාර්තා කර තිබුණි.  

ධර්ම්ශාලා හි පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගය වර්ෂාව නිසා නොපැවැත්වුනු අතර ඒ නිසා මන්ජේකාර්ගේ ඉවත් වීම එතරම් අවධානයට ලක් නොවීය. 

ඔහු මෙම එක්දින තරගයට ද එක්ව නොසිටි අතර සුනිල් ගවස්කාර්, එල් සිවාරාමක්‍රිෂ්ණන් සහ මුරලි කාර්තික් ඇතුළු අනෙකුත් සියලුම ඉන්දීය ක්‍රිකට් කමිටු විචාරකයින් එම තරගය සඳහා පැමිණ සිටියහ. 

මන්ජේකාර් 1996 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු අවසන් ලෝක කුසලාන තුන සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉසව් සියල්ලම සඳහා විස්තර විචාරක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 

එහෙත් ඔහු ඉන්දීය ක්‍රිකට් ආයතනයේ තරග සඳහා ප්‍රමාණවත් නොවන බව තීරණය කර ඇත. අප්‍රේල් 15 වන දින සිට ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ද මන්ජේකාර් විස්තර විචාරක මණ්ඩලය සඳහා ඇතුළත් නොකිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 

මන්ජේකාර් මෙලෙස ඉවත් කළේ ඇයි ද යන්න පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බොහෝ දෙනෙක් අදහස් දැක්වීමට කැමැත්තක් දැක්වූයේ නැත. නමුත් 54 හැවිරිදි හිටපු මුම්බායි නායකයා මෙම කමිටුවෙන් බැහැර කර ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ගයකින් තහවුරු විය.

“සමහර විට ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් මණ්ඩලයෙන් ද ඉවත්ව යනු ඇත. මෙම අවස්ථාවෙහිදී එය තවමත් තීරණය කරලා නෑ. නමුත් සත්‍යය නම් ඔවුන් ඔහුගේ වැඩ ගැන සතුටු නොවීමයි.” එම ආරංචි මාර්ග තවදුරටත් පවසා ඇත. 

‘ඔවුන්’ කවුරුන්ද යන්න එම ආරංචි මාර්ග විසින් පැහැදිලි කර නැත. මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති වන සෞරව් ගංගුලි විචාරකයෙකු වන අතර ලෝක කුසලාන ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉසව් කිහිපයක් සඳහා විස්තර විචාරකයෙකු ලෙස ඔහු එක්ව සිටී. 

IPL සිහින පස්සට යයි

COVID-19 (නව කොරොනා වයිරසය) පැතිරී යාම යාම පිළිබඳ ගෝලීය අවධානය යොමුවීමෙන් පසුව 2020…

පසුගිය වසරේ කොල්කටා හි පැවති දිවා රාත්‍රී ටෙස්ට් තරගය අතරතුර රවින්ද්‍ර ජඩේජා පිළිබඳව විවේචනාත්මක ප්‍රකාශයක් කිරීම සහ සෙසු විචාරක හර්ෂ බෝග්ලේ සමඟ වාදයකට පැටලීම වැනි සිදුවීම් නිසා මෑත කාලයේ මන්ජේකාර් පිළිබඳව මතභේද කිහිපයකට මුහුණ දී තිබිණි. 

ඔහු ජඩේජාට කුඩා දස්කම් සහිත (bits and pieces) ක්‍රීඩකයෙකු ලෙස නම් කර ඇති අතර ඉන් අනතුරුව තුන් ඉරියව් ක්‍රීඩකයා විශිෂ්ට දස්කම් දැක්වීමෙන් පසුව ඔහුගේ වැරැද්ද පිළිගෙන තිබිණි.

ඒ හා සමානව, ඔහු හර්ෂ බෝග්ලේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ද තම වරද පිළිගෙන තිබේ.  “එම විශේෂිත අදහස් දැක්වීමත් සමඟ, මාව පාලනය කරගන්න බැරි වුනා. මම වෘත්තීයමය නොවන ආකාරයට හැසිරුණා. මම වැරදියි. මම ඒ ගැන කනගාටු වෙනවා. මට ඇත්තටම කරදර වන්නේ මම මගේ හැඟීම්වලට මාව පාලනය කරන්න ඉඩ දෙනවා. එබැවින් බොහෝ අවස්ථාවල මගෙන් වෘත්තීයමය නොවන හැසිරීමක් පෙන්වනවා. මා කළ පළමු දෙය නම් නිෂ්පාදකයින්ගෙන් සමාව අයැදීමයි. මොකද ඒකෙ දී මා සම්පූර්ණයෙන්ම වැරදියි ”යනුවෙන් ඔහු පසුව cricinfo වෙත පවසා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<