ඉන්දීය ප්‍රබලයෙකු සංචිතයෙන් ඉවත් කරයි

7296

ඉන්දීය ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ සිටින ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන් හට 2019 කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට අද (19) සිදු විය. ඒ ඔහුගේ වමතේ මහපටැඟිල්ලේ සිදුව තිබෙන ආබාධයක් නිසාවෙනි.

ශක්තිමත් හා එකමුතු මැදපෙළක් ඕන – අර්ජුන රණතුංග

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට අවශ්‍ය නම් මැදපෙළ පිතිකරුවන් ශක්තිමත්ව හා කණ්ඩායම්…

පසුගිය 9 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේ දී ශතකයක් ලබාගෙන ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන යමින් තරගයේ වීරයා බවට ද පත්වූ ධවාන් පන්දු 109ක් තුල ලකුණු 117ක් වාර්තා කළේ 4 පහර 16ක් එල්ල කරමිනි.

එම තරගයේ දී පැට් කමින්ග්ස් එවූ පන්දුවක් ධවාන්ගේ වමතේ මහපටැඟිල්ලේ  වැදුණු නමුත් එහි දී ඉන්දීය කණ්ඩායමේ ප්‍රථමාධාර ඒකකය ඒ සඳහා හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබා දුන් නිසාවෙන් ඔහුට ශතකයක් දක්වා සිය ඉනිම රැගෙන යෑමට හැකි විය. එය ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දී ලබා ගත් තෙවැනි ශතකයයි.

කෙසේ නමුත් පසුගිය 12 වැනිදා ධවාන්ව ස්කෑන් පරීක්ෂාවක් සඳහා යොමු කළ අතර එහි ප්‍රතිඵලය අනුව එම ආබාධය සුව වීම සඳහා ඔහුට දිගු කාලයක විවේකයක් ලබා ගැනීමට අවශ්‍ය බව නිර්දේශ කර තිබේ. ඒ අනුව ඔහුට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියම අහිමි වී යන බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම අද (19) පැවසීය.

වෛද්‍යවරුන් පවසපු ආකාරයට ඔහුගේ ආබාධය සුව වෙන්න තව සති 3ක් හෝ 4ක් යයි. ඒක නිසා ඔහු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ආයිත් සහභාගී වෙන්නේ නැහැ. ඒක නිසා අපි රිශාබ් පන්ට්ව සංචිතයට කැඳවන්න තීරණය කළා. ඒ සඳහා අපිට අවශ්‍ය අනුමැතිය දැන් ලැබිලා තියෙන්නේ.” ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන සුනිල් සුබ්‍රමනියන් මහතා පැවසීය.

Video – ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගයක කඩුලු 10ක් දවාගත් එකම ශ්‍රී ලාංකිකයා – උපුල් චන්දන

1994 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් උපුල් චන්දන දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට්…

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමඟ පැවති තරගය සඳහා ද ධවාන් ක්‍රීඩා නොකළ නිසා ඔහු වෙනුවෙන් ක්‍රීඩා කළ ලෝකේශ් රාහුල් එම තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරමින් සාර්ථකව පිතිකරණයේ නිරත විය.

තේරීම් කමිටුව ලෝක කුසලාන සංචිතය නම් කළ දිනයේ දී ම අතිරේක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම නම් කළ අතර ඒ අතර සිටි රිශාබ් පන්ට් ධාවන් ආබාධයට ලක්වී දින කිහිපයක් ඇතුළත එංගලන්තයට පිටත් කර හැරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කරන ලදි.

ඒ අනුව 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන මීළඟ තරග සඳහා ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා  තෝරාගැනීමේ දී රිශාබ් පන්ට් හා දිනේෂ් කාර්තික් අතර හොඳ තරගයක් තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පවසා සිටී.

ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව හිටපු ගුවන් හමුදා ප්‍රවීණයෙකු යටතට

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මේ මස 17 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ආරක්ෂක උපදේශක තනතුරට…

මේ වන විට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තරග 130කට සහභාගී වී තිබෙන ධවාන් එහි දී ලකුණු 5480ක් රැස්කරගෙන තිබෙන්නේ ශතක 17ක් හා අර්ධ ශතක 27ක් වාර්තා කරගනිමිනි.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<