Video – ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගයක කඩුලු 10ක් දවාගත් එකම ශ්‍රී ලාංකිකයා – උපුල් චන්දන

2437

1994 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් උපුල් චන්දන දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා දක්ෂ දකුණත් දඟ පන්දු යවන්නෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 147කට හා ටෙස්ට් තරග 16කට ක්‍රීඩා කරමින් කඩුලු 188ක් දවාගත්තේ රැස්කරගත් ලකුණු  2243ට අමතරවයි. උපුල් චන්දන 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් දිනා ගත් ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ හා ඉටු කරමින් සිටින උපුල් චන්දන කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ පහළොස් වැනි දිගහැරුම.