Home Sinhala පැතුම්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්!

පැතුම්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්!

1290

ශ්‍රී ලංකාව සතු වටිනාම යොවුන් ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම නම කියවෙන ක්‍රීඩකයෙකු වන පැතුම් නිශ්ශංක ලබාගත් වේගවත් ශතකයේ ආධාරයෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පරදා එරටදීම එක්දින තරගාවලියක් ජය ගැනීමට අද (24) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ඒ තරග 2 – 1ක් වශයෙනි. තවමත් 21 වැනි වියේ පසුවන පැතුම් අද පෙන්වූ දක්ෂතා ඔහුගේ ජාත්‍යන්තර වරම් තවත් ඉක්මන් කිරීමට ද බොහෝදුරට හේතුවක් වනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන පිළ අවසන් පන්දුවාරයේ දී වැඩ වරද්දා ගනියි!

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගය තියුණු…..

කුල්නා හිදී අද ඇරඹුනු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වෙද්දී ඔවුන්ගේ තීරණය වූයේ මුලින් පන්දු යැවීම වඩාත් යෝග්‍ය වන බවයි. එම තීරණය සනාථ කිරීමට මෙන් බංග්ලාදේශ පිළේ පළමු කඩුල්ල ලකුණු 9 දී බිඳ දැමීමට කළණ පෙරේරා සමත් වුවද එතැන් සිට ප්‍රතිවාදීන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් පැවැත්විය. ලකුණු 39ක් ලබා සිටි නජ්මුල් හොසේන් දවා ගනිමින් එම සබඳතාවයට තිත තබන්නේ රමේෂ් මෙන්ඩිස් විසිනි. ඉන් පසු පිටියට පිවිසි යසීර් අලි ලකුණු 9කට දවා ගැනීමට වනිඳු හසරංගගේ පා දඟ පන්දුවකට හැකිවිය.

නමුත් ඉනිම ආරම්භ කළ සයිෆ් හසන් අංක 4 පිතිකරු අෆීෆ් හොසේන් සමඟ එක්වී ශතක සබඳතාවයක් ගොඩ නගමින් තරගයේ වැඩි වාසි නැවතත් බංග්ලාදේශය දෙසට නතුකර දුන්හ. තවමත් වයස 20ක් වන සයිෆ් හසන් අද ලකුණු 117ක් රැස් කළේ පන්දු 130කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය. ඔහු අවසානයේ දැවී ගියේ වමතින් මද වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා යැවූ පන්දුවක් හමුවේ නායක අසලංක අතට උඩපන්දුවක් ලබා දෙමිනි.

අනෙක් අන්තයේ සිට සයිෆ් හසන්ට ශතකය කරා යාමට අනගි සහයක් දුන් අෆීෆ් හොසේන් නියමිත පන්දුවාර 50 අවසන් වනවිට නොදැවී ලකුණු 68ක් රැස් කරගෙන සිටියේය. ඒ හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟිනි. දෙරට අතර පැවති දෙවැනි එක්දින තරගය හයේ පහර දෙකක් සමඟින් අවසන් මොහොතේ කණපිට හැරවූ යීසින් අරෆත් අද නොදැවී ලකුණු 13ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී හොඳම දස්කම පෙන්නුම් කළේ ලකුණු 47ට කඩුලු 2ක් බිඳ හෙලූ කළණ පෙරේරා විසිනි.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් රැසක්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ටෙස්ට් තරග…..

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 270ක ඉලක්කයක් හිමි වුවද අද කුල්නා ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරගයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය ආදේශ කිරීමට සිදුවිය. එහිදී ශ්‍රී ලංකාවට පන්දුවාර 28කදී ලබාගත යුතු ඉලක්කය සටහන් වූයේ 199ක් ලෙසයි. මෙය යථාර්ථයක් කර ගැනීමට නම් යම් පිතිකරුවෙකු වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීම අනිවාර්ය කරුණක් විය. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එම බර කරට ගත්තේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක විසිනි.

මුල සිටම බංග්ලාදේශ පන්දු යවන්නන්ට අත දිගහැර පහර දුන් පැතුම් අද ශ්‍රී ලංකා නැගී එන පිළට තරගාවලි ජය තහවුරු කර දුන්නේ නොදැවී ලකුණු 115ක් ලබා ගනිමිනි. ප්‍රතිවාදී පිළේ ආරම්භක පිතිකරු සයිෆ් හසන්ට වඩා කැපී පෙනෙමින් ඔහු අද තමන්ට නුපුරුදු තණතිල්ලක සුපිරි දක්ෂතා දැක්වූයේ පන්දු 78කට පමණක් මුහුණ දෙමින් මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි. ඊට අලංකාර හතරේ පහර 8ක් සහ දැවැන්ත හයේ පහර 5ක් ඇතුළත් විය. 

හසිත බෝයගොඩ සහ චරිත් අසලංක අද දිනයේ සාර්ථක නොවූවද මිනෝද් භානුක ලබාගත් ලකුණු 55 ද ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණයට දැඩි ලෙස ඉවහල් විය. පන්දු 32ක් තුළ වාර්තා කරගත් මිනෝද්ගේ අර්ධ ශතකයට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. මොවුන් දෙදෙනාගේ සුපිරි ප්‍රහාරය නිසාම අවසන් පන්දුවාරය දක්වා ඇදී යා හැකි බව පෙනුනු අසීරු හඹා යෑමක් පන්දුවාර 24ක් තුලදීම ජයග්‍රහණයෙන් කෙලවර කර ගැනීමට ශ්‍රී ලංකා පිළට හැකිවිය. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ පාසල් වියේ මෙන්ම පළමු පෙළ දිවියේ ද සුපිරි දක්ෂතා පෙන්වමින් සිටින පැතුම් නිශ්ශංකයි. 

ශ්‍රී ලංකාවේ පාකිස්තානය තරග සංචාරයට දින නියම වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා…

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු නිල නොලත් සිව්දින ටෙස්ට් තරගය ලබන 27 වැනිදා කුල්නා හිදීම ආරම්භ කිරීමට සූදානම් කර ඇත. එම සියලු තතු විත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්!

බංග්ලාදේශ නැගී එන පිළ – කඩුලු 5ක් දැවී ලකුණු 269 (පන්දුවාර 50) : සයිෆ් හසන් 117, අෆීෆ් හොසේන් 68*, නජ්මුල් හොසේන් 39, යීසින් අරෆත් 13*, කලණ පෙරේරා 2/47, රමේෂ් මෙන්ඩිස් 1/44, ශිරාන් ප්‍රනාන්දු 1/48, වනිඳු හසරංග 1/58.

ශ්‍රී ලංකා නැගී එන පිළ – කඩුලු 3ක් දැවී ලකුණු 199 (පන්දුවාර 24) : පැතුම් නිශ්ශංක 115*, මිනෝද් භානුක 55, හසිත බෝයගොඩ 12, කමිඳු මෙන්ඩිස් 5*, යීසින් අරෆත් 1/29, අමිනුල් ඉස්ලාම් 1/32, රොබියුල් හක් 1/39.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka Emerging Team
199/3 (24)

Bangladesh Emerging Team
269/5 (50)

Batsmen R B 4s 6s SR
Saif Hassan c Charith Asalanka b Kalana Perera 117 130 4 7 90.00
Mohammad Naim c Ashen Bandara b Kalana Perera 6 12 1 0 50.00
Najmul Hossain Shanto c Hasitha Boyagoda b Ramesh Mendis 39 47 4 0 82.98
Yasir Ali c Jehan Daniel b Wanindu Hasaranga 9 24 0 0 37.50
Afif Hossain not out 68 70 6 1 97.14
Zakir Hasan c Wanindu Hasaranga b Shiran Fernando 7 7 1 0 100.00
Yeasin Arafat not out 13 11 1 0 118.18


Extras 10 (b 2 , lb 1 , nb 1, w 6, pen 0)
Total 269/5 (50 Overs, RR: 5.38)
Fall of Wickets 1-9 (3.6) Mohammad Naim, 2-83 (19.5) Najmul Hossain Shanto, 3-95 (24.5) Yasir Ali, 4-220 (44.2) Saif Hassan, 5-229 (45.5) Zakir Hasan,

Bowling O M R W Econ
Shiran Fernando 10 0 48 1 4.80
Kalana Perera 10 1 47 2 4.70
Jehan Daniel 6 0 48 0 8.00
Ramesh Mendis 10 0 44 1 4.40
Wanindu Hasaranga 10 0 58 1 5.80
Kamindu Mendis 4 0 21 0 5.25


Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 115 78 8 5 147.44
Hasitha Boyagoda b Aminul Islam 12 23 1 0 52.17
Charith Asalanka c Najmul Hossain Shanto b Robiul Haque 2 8 0 0 25.00
Minod Bhanuka b Yeasin Arafat 55 32 5 3 171.88
Kamindu Mendis not out 5 3 1 0 166.67


Extras 10 (b 0 , lb 4 , nb 0, w 6, pen 0)
Total 199/3 (24 Overs, RR: 8.29)
Fall of Wickets 1-64 (8.4) Hasitha Boyagoda, 2-68 (10.1) Charith Asalanka, 3-190 (22.6) Minod Bhanuka,

Bowling O M R W Econ
Shafiqul Islam 5 0 35 0 7.00
Yeasin Arafat 5 1 29 1 5.80
Nayeem Hasan 6 0 60 0 10.00
Robiul Haque 4 0 39 1 9.75
Aminul Islam 4 0 32 1 8.00