අර්ජුන රණතුංග ශ්‍රී ලංකා කණ්ඩායමේ අමුතු පැත්තක් දකී

1948

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට අවශ්‍ය නම් මැදපෙළ පිතිකරුවන් ශක්තිමත්ව හා කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රීඩා කළ යුතු බව 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පවසා සිටියි.

මාලිංග ආයෙත් ගෙදර එයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන…

එක්තරා උත්සවයකට පැමිණ සිටි අර්ජුන රණතුංග අමාත්‍යතුමා එම උත්සවය අවසන් වීමෙන් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් ඊයේ (17) එතුමා මෙසේ සිය අදහස් පවසා සිටියේය.

“මම හිතන්නෙත් අපේ කණ්ඩායමට තණතීරු පැත්තෙන් යම් අවාසියක් වුනා කියලයි. කොහොම වුනත් ලෝක ක්‍රිකට් කවුන්සිලයට හොඳ හැටි කරුණු පහදලා දීලා යම් ලිපියක් ලියලා බලන්න ඕන මේක ගැන. නමුත් වර්තමාන ක්‍රිකට් බලධාරීන් හට ICC එකට මේක පහදලා දෙන්න තරම් දැනුමක් තියෙනවා කියලා  මම හිතෙන්නේ නැහැ.” යැයි එතුමා පවසන ලදි.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 16 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ලකුණු 87 අවාසනාවන්ත පරාජය පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.

“අපේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. මමත් ඒ තරගය බැලුවා. මම හිතන්නේ අපේ මැදපෙළ ක්‍රීඩකයින් හොඳට ක්‍රීඩා කර කර හිටිය ක්‍රීඩකයාට ඇවිල්ලා පීඩනය දැම්මා. ඔවුන් කරන්න ඕන ඒක නෙමෙයි. ඔවුන් ඇවිල්ලා කරන්න ඕන එකමුතු වෙලා මැදපෙළ ගොඩනංවන එකයි. අපි අපේ තියෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. හැබැයි පසුගිය කාලයේ හිටිය ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක බලන කොට දැන් ඉන්න අපේ කණ්ඩායමේ ලොකු දියුණුවක් දකිනවා.” යැයි එතුමා අවසන් ලෙස එහි දී පැවසීය.

ලෝක කුසලානයේ අපට නොපෙනෙන පැති ගැන අසන්ත පහදයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි දැයි…

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය මේ මස 21 වැනිදා එංගලන්තය සමඟ ලීඩ්ස් හිදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<