ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව හිටපු ගුවන් හමුදා ප්‍රවීණයෙකු යටතට

358
business today.lk

හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මේ මස 17 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ආරක්ෂක උපදේශක තනතුරට පත් කර තිබේ.

ලෝක කුසලානය ගැන සංගා දැඩි අසතුටෙන්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා …….

රට තුල පවතින වත්මන් ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ තීරණය ගෙන ඇත්තේ ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන ඕනෑම මට්ටමේ ක්‍රිකට් තරගාවලියක දී ක්‍රීඩකයින්ට, එම තරගයට සහභාගී වන නිලධාරීන්ට, ක්‍රීඩාංගණයේ සේවක නිලධාරීන්ට හා ප්‍රේක්ෂකයින් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙනි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ආරක්ෂක උපදේශක ලෙස පත් කළ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා 1978 වසරේ දී හෙලිකොප්ටර් යානා නියමුවෙක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයට බැඳී ඇත. ඉන් අනතුරුව ගුවන් හමුදා කමාන්ඩෝ නිලධාරිවරයෙක් ලෙස උසස් වීමක් ලබා ගත් ගුණතිලක මහතා 2006 වසරේ සිට 2011 වසර දක්වා 12 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩකටයුතු සිදු කළේය.

ශක්තිමත් හා එකමුතු මැදපෙළක් ඕන – අර්ජුන රණතුංග

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ……..

“ඔහුට හොඳ ආරක්ෂක වැඩ පිළිවෙළක් තියෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා, ඉදිරියේ පැවැත්වෙන ශ්‍රී ලංකා තරග වෙනුවෙන් ඔහු දැන් ඉඳලම හොඳ ආරක්ෂක වැඩ පිළිවෙළක් සකස් කරාවි” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශම්මි සිල්වා,

“දැන් අපේ රටේ තියෙන තත්වයත් එක්ක ආරක්ෂාව කියන එක අංක 1 වෙලා තියෙන්නේ. ලෝක ඕනම කණ්ඩායමක් අපේ රටට තරග වදින්න එන්න කැමති විදිහට අපි හොඳ ආරක්ෂක වැඩපිළිවෙළක් හදන්න ඕන. එහෙම කරන්න පුළුවන් වුනොත් අපේ රටේ ඉදිරි කාලය තුල ක්‍රිකට් තරග පවත්වන්න පුළුවන් හැකියාව තියෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<