ශම්මි සිල්වා යළිත් නිතරගයෙන් ක්‍රිකට් සභාපති පුටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය 2023-25

213

2023-2025 කාල සීමාව සඳහා අද (20) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී එහි සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා යළිත් නිතරගයෙන් තේරී පත්වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති අසුනට පිට පිටම පත්වූූ තෙවැනි අවස්ථාව ලෙසින් ද මෙය සනිටුහන් වනවා. ඔහු අදාළ ධුරයට නිතරගයෙන් තේරී පත්වූ දෙවැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ඒ හැරුණු කොට උප සභාපතිවරුන් ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුත්, ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතාත් තේරී පත්වෙද්දී, භාණ්ඩාගාරිකවරයා ලෙසින් සුජීව ගොඩලියද්ද මහතාත්, උප ලේකම් වශයෙන් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාත් නිතරගයෙන් තේරී පත්වුනා.

2023-25 වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ප්‍රධාන තනතුරු මෙසේ බෙදී ගියා,

  • සභාපති – ශම්මි සිල්වා මහතා
  • උප සභාපතිවරුන් – ආචාර්යය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න
  • උප ලේකම් – මොහාන් ද සිල්වා මහතා
  • භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද මහතා
  • උප ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත මහතා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<