ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටන සඳහා නවසීලන්ත බලඇණිය නම් කරයි

913

ලබන දෙසැම්බර් 15 වන දා ආරම්භ වීමට නියමිත නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වන 13 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත කණ්ඩායම අද (10) දින නම් කළ අතර නිමාව දුටු පාකිස්තාන – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ අබුඩාබි හි පැවැති අවසන් තරගයේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වෙත සිය පිළ රැගෙන යාමට ඉමහත් දායකත්වයක් ලබාදුන් විලී සමර්විල් මෙම සංචිතයෙන් නිදහස් කර ඇත.

වසර 10ක වාර්තාවක් අලුත් කරමින් ඉන්දියාව සාර්ථක ආරම්භයක් ගනී

බොර්ඩර් – ගවස්කාර් කුසලානය වෙනුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට්…..

මීට අමතරව නවසීලන්ත ටෙස්ට් සංචිතයෙන් ඉශ් සෝදී ද සංචිතයෙන් නිදහස් කර දේශීය පළමු පෙල තරගාවලිය සඳහා යොමුකර ඇති අතර දඟ පන්දු බලඇණිය ශක්තිමත් කීරීමේ සම්පූර්ණ කාර්‍යභාරය අජාස් පටෙල් හට පැවරී ඇත. 26 හැවිරිදි විල් යන්ග් හට කණ්ඩායමේ ආරම්භක පිතිකරුගේ වගකීම පවරමින් ඔහුගේ ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය සඳහා නම් කර ඇත්තේ නවසීලන්ත A කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය A කණ්ඩායමට එරෙහිව පසුගිය (09) ඉරිදා දිනයේ පැවැති තරගයේ දී ලබාගත් අගනා ශතකය සහ එම තරග කිහිපය පුරාවට ඔහු පෙන්වූ දක්ෂතා පදනම් කොටගෙන ය.

පාකිස්තාන තරග සංචාරයේ දී අසාර්ථක වූ ඔවුන්ගේ නිත්‍ය ආරම්භක පිතිකරු ටොම් ලේතම් කෙරෙහි තේරීම් කමිටුව විශ්වාසය තබා ඇති අතර ඉකුත් තරගාවලියේ දී ඉනිම් හයක් තුළ ඔහුට රැස්කරගත හැකිවූයේ ලකුණු 109ක් පමණි. ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති සහ නීල් වැග්නර්ගෙන් සමන්විත ප්‍රබල නවසීලන්ත වේග පන්දු බලඇණිය තවත් ශක්තිමත් කරමින් දකුණතින් වේග පන්දු යවන මැට් හෙන්රි ද සංචිතයට එක්කර ඇත.

කුසල් සහ දික්වැල්ල ලකුණු අතරට පිවිසෙමින් බලාපොරොත්තු දල්වති

පළමු ඉනිමේ අසාර්ථක වූ ශ්‍රී ලංකා සෑම පිතිකරුවෙක්ම දෙවැනි ඉනිමේ දී සාර්ථක වෙමින් එළඹෙන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට කදිම…..

“පකිස්තාන සංචාරයේ දී අපේ කණ්ඩායම පෙන්නුම් කළ දක්ෂතා නිසා ටෙස්ට් කණ්ඩායමට සෑම දෙනාගෙන්ම විශාල සහයෝගයක් ලැබෙනවා. එම තරගාවලියේ දී අපි ගොඩනගාගත් රිද්මය දිගටම පවත්වාගෙන ඉදිරි තරගාවලි ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් නවසීලන්ත තේරීම් කමිටු සාමජික ගැවින් ලාසන් මහතා මාධ්‍ය වෙත සිය අදහස් දැක්වූවේය.

අජාස් පටෙල් පමණක් දඟ පන්දු යවන්නෙක් වශයෙන් යොදා ගැනීමට හේතු පැහැදිලි කළ ගැවින් මහතා සඳහන් කළේ අජාස් නවසීලන්තය තුළ දී ඉතා ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති නිසා මෙන්ම පකිස්තාන සංචාරය පුරාවටම ඔහූ පෙන්නුම් කළ දක්ෂතා ද පදනම් කරගනිමින් ඔහුව සංචිතය සඳහා තෝරගත් බවයි. තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් විලී සමර්විල්ගේ දක්ෂතා මහඟු දායකත්වයක් ලබාදුන් බව ද පැවසු ඒ මහතා තවදුරටත් දක්වා සිටියේ මෑත කාලයේ දී ප්‍රබල දඟ පන්දු යවන්නන් කිහිප දෙනෙකුම සංචිතයට එක්වීම නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා සතුටුදායක කාරණයක් ලෙසයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන 15 වනදා වෙලින්ටං හි බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.

නවසීලන්ත ටෙස්ට් සංචිතය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවල්, රොස් ටේලර්, හෙන්රි නිකෝල්ස්, බීජේ වොට්ලින්ග්, විල් යන්ග්, කොලින් ඩී ග්‍රන්ඩ්හෝම්, ටිම් සවුති, නීල් වැග්නර්, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝලට්, මැට් හෙන්රි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<