බංග්ලාදේශ – සිම්බාබ්වේ සංග්‍රාමයේ ක්‍රීඩකයෝ එකට එක කරති

383

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී අද (15) නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 218කින් බංග්ලාදේශය ජය ගැනීමත් සමඟම දෙරට අතර පැවැත්වූ  ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 151කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා පොතේ වාර්තා රැසක්ම අලුත් කරමිනි. ඒ නිසාවෙන් සිම්බාබ්වේ කණ්ඩායම මේ තරගයට අවතීර්ණ වූයේ ඉතාමත් හොඳ ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිවයි.

ශෂිකලා වීරයා වෙමින් බංගලි ක්‍රීඩිකාවන් අසරණ කරයි

ICC ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (15) සාන්ත ලුසියා හී ඩැරන් සමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය…

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 522ක් ලබාගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදි.  

එහි දී දක්ෂ පිතිකරණයක නිරත වූ මුශ්ෆිකර් රහීම් සිය දෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබා ගනිමින් නොදැවී 219ක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ඉනිම එක් හයේ පහරකින් හා හතරේ පහර 18කින් වර්ණවත් විය. බංග්ලාදේශ පිතිකරුවෙක් ටෙස්ට් ද්විත්ව ශතක දෙකක් ලබා ගත් පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත විය.

මොමිනුල් හක් හතරේ පහර 19ක් සමඟින් සිය 7 වැනි ටෙස්ට් ශතකය ලබා ගත් අතර රහීම් සමඟ එක්ව බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 266ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ද ඔහු සමත් විය.

ටෙන්ඩායි චටාරාගේ පන්දුවක් හමුවේ බ්‍රයන් චැරී අතට උඩ පන්දුවක් ලබා දුන් ලකුණු 161ක් ලබා සිටි මොමිනුල් පිටියෙන් ඉවත්ව යෑමත් සමඟ බංග්ලාදේශ සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ද නිමාවට පත්විය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ටයිජුල් ඉස්ලාම්ගේ ඉනිම ලකුණු 4කට සීමා කිරීමට කයිල් ජාවිස් සමත් වූයේ කඩුලු රකින ක්‍රීඩක රේගිස් චකබ්වාගේ සහාය ද ඇතිවයි.

ශ්‍රී ලංකාව හමුවේ අඩපණ වූ එංගලන්ත ඉනිමට සෑම් පණ පොවයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භය සනිටුහන් කරමින් සුරංග ලක්මාල්…

මෙහෙදි හසන් (ලකුණු 68) සමඟ එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144*ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 500 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමට ද රහීම් සමත් වෙද්දී, ඔහුට සහය වූ හසන් ලබා ගත් සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. සිම්බාබ්වේ කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ කයිල් ජාවිස් ලකුණු 71කට කඩුලු 5ක් දවා ගත්තේය.

කඩුලු 7ක් දැවී ලකුණු 522ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටවූ බංග්ලාදේශ ඉනිමට පිළිතුරු දුන් සිම්බාබ්වේ කණ්ඩායම සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 304ක් පමණි. එහි දී සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු බ්‍රයන් චැරී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 53ක් රැස්කළේය.

ලකුණු 131කට කඩුලු 5ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ දී පිටියේ එක්වූ බ්‍රෙන්ඩන් ටේලර් (ලකුණු 110) සහ පීටර් මුවර් (ලකුණු 83) සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 300 සීමාව ආසන්නයට රැගෙන ආවේය. ඒ සඳහා ඔවුන් දෙදෙනා අතරේ 6 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු  ලකුණු 139ක සබඳතාවය සාක්ෂි දරනු ඇත.

පස්වැනි ටෙස්ට් ශතකය හතරේ පහර 10කින් අලංකාර කිරීමට ටේලර් සමත් වෙද්දී මුවර්ගේ පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය එක් හයේ පහරකින් හා මනරම් හතරේ පහර 12කින් වර්ණවත් විය. අවසානයේ සිම්බාබ්වේ ඉනිම ලකුණු 304 සීමා වූයේ බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 218ක පළමු ඉනිමේ වාසියක් ලබා දෙමිනි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ දඟපන්දු යවන ටයිජුල් ඉස්ලාම් සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනෙක්ම අඩු ලකුණු ලබා සිටිය දී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. සිම්බාබ්වේ ඉනිම සුනුවිසුනු කර දැමීම සඳහා ඉස්ලාම්ට අනගි සහයක් දුන් මෙහෙදි හසන් ලකුණු 61 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

බංග්ලාදේශ දෙවන ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් අසමත් වූ නමුත් නායක මහමදුල්ලා හා එක්වූ මිතුන් 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවයක් ගොඩනැංවූ අතර දකුණතින් පිතිකරණයේ නිරත වන මහමදුල්ලා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවන ටෙස්ට් ශතකයට හිමිකම් කීවේ 4 පහර 4ක් හා 6 පහර 2ක් සිය නමට ඉදිරියෙන් සටහන් කර ගනිමිනි. ඊට අමතරව ඔහුට සහය වූ මිතුන් ලකුණු 67 ලබා ගැනීමට 4 පහර 4ක් හා එක් 6 පහරක් එල්ල කරන ලදි. මහමදුල්ලා සිය ශතකය සම්පූර්ණ කරගත් වහාම සිය දෙවන ඉනිම අත්හිටුවන ලද්දේ සිම්බාබ්වේ කණ්ඩායමට සිය  ලකුණු 443ක ඉලක්කයක් ලබා දෙමිනි.

මේ තරගය ජයගෙන හෝ ජය පරාජයෙන් තොරව අවසන් කරමින් තරගාවලිය ජය ගැනීමේ අරමුණ ඇතිව පිටියට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම ඒ සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ ලකුණු 68ක් සබඳතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවමිනි. එහි දී බ්‍රයන් චැරී 4 පහර 3ක් හා එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 43ක් ලබා ගත්තේය. සිම්බාබ්වේ මැදපෙළ පිතිකරුවන් සිය වගකීම නිසියාකාරව ඉටුනොකිරිම නිසා පළමු ඉනිමේ ශතකයක් ලබාගත් බ්‍රෙන්ඩන් ටේලර් හට නැවතත් වැඩි බරපැනක් ඇදීමට සිදු විය.

Video – සැලසුම වුනේ එංගලන්තය ලකුණු 200කට සීමා කිරීමට – පුෂ්පකුමාර

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ…

ඔහු සිය කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් 4 පහර 10ක් සමඟින් ඉතාමත් වටිනා ශතකයක් ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් 6 වන ටෙස්ට් ශතකය ලබාගෙනයි. එම ලබා ගත් වටිනා හා සටන්කාමි ශතකය නිසා එක් තරගයක ඉනිම දෙකේ දී ම ශතක දෙකක් ලබා ගත් පළමු සිම්බාබ්වේ ක්‍රීඩකයා වීමට බ්‍රෙන්ඩන් ටේලර් හට අවස්ථාව උදා විය. අවසානයේ ඔවුන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 224ක් වන අතර පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක මෙහෙදී හසන් ලකුණු 38කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්විය.

මෙවර පැවැත්වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් වීම නිසා සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට තිබූ තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ, 2013 වසරට පසුව දෙරට අතර පැවැත්වූ ටෙස්ට් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වූ පළමු අවස්ථාව ලෙස සනිටුහන් කරමිනි.

බංග්ලාදේශ පළමු ඉනිම – 522/7d (160): මුෂ්ෆිකර් රහීම් 219*, මොමිනුල් හක් 161, මෙහෙදී හසන් 68, කයිල් ජාර්විස් 5/71.

සිම්බාබ්වේ පළමු ඉනිම – 304 (105.3): බ්‍රෙන්ඩන් ටේලර් 110, පීටර් මුවර් 83, බ්‍රයන් චැරී 53, ටයිජුල් ඉස්ලාම් 5/107.

බංග්ලාදේශ දෙවන ඉනිම – 224/6d (54): මහමදුල්ලා 101*, මොහොමඩ් මිතුන් 67, කයිල් ජාර්විස් 2/27, ඩොනල්ඩ් ටිරිපානෝ 2/31.

සිම්බාබ්වේ දෙවන ඉනිම – 224 (83.1): බ්‍රෙන්ඩන් ටේලර් 106*, බ්‍රයන් චැරී 43, මෙහෙදී හසන් 5/38.

  • තරගයේ වීරයා – මුෂ්ෆිකර් රහීම් (බංග්ලාදේශය)
  • තරගාවලියේ වීරයා – ටයිජුල් ඉස්ලාම් (බංග්ලාදේශය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <