Mohammed Shami ඕස්ට්‍රේලියා තරගාවලියෙන් ඉවතට

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

395

කොරෝනා වයිරසය ආසාදනය වීම නිසාවෙන් ඉන්දීය කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Shamiට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අහිමිව තිබෙනවා.

එම නිසාවෙන් තරගාවලියෙන් ඔහුට ඉවත් වීමට සිදුව ඇති අතර ඔහුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස වේගපන්දු යවන ක්‍රීඩක Umesh Yadav නම් කර ඇති බවට වාර්තා වෙනවා.

එංගලන්තයේ Middlesex ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටි Umesh හට සිදු වූ ආබාධයක් නිසාවෙන් ප්‍රාන්ත තරගාවලිය අවසන් වනතුරු ක්‍රීඩා කිරීමට නොහැකි  වුනා.

ඔහුගේ එම ආබාධ තත්වය පිළිබඳව අදහස් දක්වමින් Middlesex ප්‍රාන්ත කණ්ඩායම සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශ කළේ, “සිව්දින තරග ක්‍රීඩා කිරීමට තරම් ඔහු සුවය ලබා නැති නිසාවෙන් Umesh හට මෙවර ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අහිමි වනවා.”

ඒ අනුව Umesh Yadav ඕස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇති අතර ඉන් පසුව පැවැත්වෙන දකුණු අප්‍රිකා තරගාවලිය සඳහා කොරෝනා සුවවීමේ ප්‍රතිඵල මත Mohammed Shami සහභාගි වීමට නියමිතයි.

2021 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව Mohammed Shami ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමට තේරී පත් වූ පළමු අවස්ථාව මෙය වූ අතර ඔහුට ඕස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකා තරගාවලිවල දී දස්කම් දක්වමින් නැවතත් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් ලබා ගැනීමට බොහෝ ඉඩක් තිබුණා.

Mohammed Shami ලෝක කුසලානයට යන ඉන්දීය කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියාව පිටත් වීමට සූදානම් බව ද Cricbuzz වෙබ් අඩවිය තහවුරු කර සිටියා.

එමෙන්ම Mohammed Shami වෙනුවට ඉන්දීය කණ්ඩායමට කැඳවූ Umesh Yadav එලෙස ඉන්දීය විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇත්තේ වසර තුනකට පසුව වන අතර ඔහු අවසන් වරට 2019 වසරේ දී ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කළා.

ඕස්ට්‍රේලියානු තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතය: Rohit Sharma (Captain), KL Rahul (vice-captain), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant (wicketkeeper), Dinesh Karthik (wicket-keeper), Hardik Pandya, R. Ashwin, Yuzvendra Chahal, Axar Patel, Bhuvneshwar Kumar, Harshal Patel, Deepak Chahar, Jasprit Bumrah and Umesh Yadav.

Cricbuzz වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<