LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි

LPL 2023

2623
LPL 2023

4 වැනි වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් LPL ඉතිහාසයේ පළමු වරට පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) රාත්‍රියේ සාර්ථකව නිමා වුනා.

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ ම වටිනාකම හිමි වූයේ නවක ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකට වන අතර, Jaffna Kings මඟින් ඔහුව ඇමරිකානු ඩොලර් ($) 92,000 මුදලකට මිල දී ගත්තා.

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී දෙවැනියට ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළ ම වටිනාකම ද Jaffna Kings විසින් ලබා දුන් අතර, එවර ඔවුන් ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංක වෙනුවෙන් $80,000ක මුදලක්  වෙන් කිරීමට පියවර ගත්තා.

මේ අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට Dambulla Aura විසින් $76,000ක් බැගින් වෙන් කරමින් ඔවුන් දෙදෙනා ව සිය කණ්ඩායමට එක් කර ගැනීමට සමත් වුනා.

එමෙන්ම B-Love Kandy විසින් හිටපු ශ්‍රී ලංකා නායක දිනේශ් චන්දිමාල් සිය කණ්ඩායම සමඟ එක් කර ගත්තේ $72,000ක් ඔහු වෙනුවෙන් වෙන් කරමිනුයි.

මේ අතර Galle Titans විසින් ඉහළ ම මුදලක් වැය කරමින් වෙන් කර ගත් ක්‍රීඩකයා වූයේ නවසීලන්තයේ Chad Bowes වන අතර, ඔහුට Titans වෙතින් $58,000ක වටිනාකමක් හිමි වුනා. එමෙන්ම මෙම වෙන්දේසියේ දී ඉහළ ම වටිනාකමක් හිමි වූ විදෙස් ක්‍රීඩකයා ලෙස සටහන් වූයේ ද Bowesගේ නමයි.

පාකිස්තාන සුපිරි පිතිකරු Iftikhar Ahmed වෙනුවෙන් Colombo Strikers වෙතින් $50,000ක වටිනාකමක් හිමි වූ අතර, පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Wahab Riaz වෙනුවෙන් ඔවුන් $40,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත්තා.

එමෙන්ම Jaffna Kings විසින් Shoaib Malik සහ Chris Lynn යන ක්‍රීඩකයින් දෙදෙනා වෙනුවෙන් ද $50,000 බැගින් වෙන් කිරීමට පියවර ගැනීම විශේෂත්වයක්.

ඊයේ පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව සියලු LPL සංචිත සහ ක්‍රීඩකයින්ට හිමි වූ වටිනාකම් පහතින් දැක්වෙනවා.

Jaffna Kings:

  1. David Miller (Direct Signing)
  2. Rahmanullah Gurbaz (Direct Signing)
  3. තිසර පෙරේරා (Direct Signing)
  4. මහීෂ් තීක්ශණ (Direct Signing)
  5. චරිත් අසලංක (US$ 80,000)
  6. දුනිත් වෙල්ලාලගේ (US$ 56,000)
  7. Shoaib Malik (US$ 50,000)
  8. පැතුම් කුමාර (US$ 5000)
  9. Vijayakanth Viyaskanth (US$ 18,000)
  10. Theesan Vithushan (US$ 5000)
  11. අසංක මනෝජ් (US$ 5000)
  12. නිශාන් මධුශ්ක (US$ 10,000)
  13. අසිත ප්‍රනාන්දු (US$ 28,000)
  14. Hardus Viljoen (US$ 30,000)
  15. නුවන් තුශාර (US$ 30,000)
  16. ඩිල්ශාන් මදුශංක (US$ 92,000)
  17. Zaman Khan (US$ 20,000)
  18. අශාන් රන්දික (US$ 5000)
  19. Rathnaraja Thanuradan (US$ 5000)
  20. Chris Lynn (US$ 50,000)
  21. අසේල ගුණරත්න (US$ 10,000)

Colombo Strikers

  1. Babar Azam (Direct Signing)
  2. Naseem Shah (Direct Signing)
  3. මතීෂ පතිරණ (Direct Signing)
  4. චාමික කරුණාරත්න (Direct Signing)
  5. පැතුම් නිස්සංක (US$ 40,000)
  6. නිරෝශන් දික්වැල්ල (US$ 44,000)
  7. Wahab Riaz (US$ 40,000)
  8. ලක්ශාන් සඳකැන් (US$ 30,000)
  9. නිපුන් ධනංජය (US$ 5000)
  10. මොවින් සුභසිංහ (US$ 10,000)
  11. ලහිරු උදාර (US$ 10,000)
  12. එශාන් මාලිංග (US$ 5000)
  13. ශෂික දුල්ශාන් (US$ 6500)
  14. නුවනිඳු ප්‍රනාන්දු (US$ 20,000)
  15. Iftikhar Ahmed (US$ 50,000)
  16. Lorcan Tucker (US$ 10,000)
  17. ජෙෆ්‍රි වැන්ඩසේ (US$ 20,000)
  18. ඇන්ජලෝ පෙරේරා (US$ 20,000
  19. ධනංජය ලක්ශාන් (US$ 20,000)
  20. කවිශ්ක අංජුල (US$ 5000)
  21. රමේශ් මෙන්ඩිස් (US$ 26,000)
  22. Mohammad Nawaz (US$ 30,000)
  23. අහන් වික්‍රමසිංහ (US$ 5000)
  24. යශෝධ ලංකා (US$ 5000)

Dambulla Aura

  1. Matthew Wade (Direct Signing)
  2. Lungi Ngidi (Direct Signing)
  3. කුසල් මෙන්ඩිස් (Direct Signing)
  4. අවිශ්ක ප්‍රනාන්දු (Direct Signing)
  5. ධනංජය ද සිල්වා (US$ 76,000)
  6. කුසල් ජනිත් පෙරේරා (US$ 42,000)
  7. Hayden Kerr (US$ 20,000)
  8. සදීර සමරවික්‍රම (US$ 68,000)
  9. බිනුර ප්‍රනාන්දු (US$ 76,000)
  10. Noor Ahmad (US$ 50,000)
  11. සචිත ජයතිලක (US$ 5000)
  12. ජනිත් ලියනගේ (US$ 10,000)
  13. දුශාන් හේමන්ත (US$ 20,000)
  14. ප්‍රමෝද් මදුශාන් (US$ 34,000)
  15. Shahnawaz Dahani (US$ 20,000)
  16. ලක්ශාන් එදිරිසිංහ (US$ 5000
  17. ජෙහාන් ඩැනියෙල් (US$ 8000)
  18. වනුජ සහන් (US$ 5000)
  19. කවිඳු පතිරණ (US$ 5000)
  20. රවිඳු ප්‍රනාන්දු (US$ 5000)
  21. Alex Ross (US$ 20,000)
  22. ට්‍රවීන් මැතිව් (US$ 7500)
  23. මනෙල්ක ද සිල්වා (US$ 5000)
  24. ප්‍රවීන් ජයවික්‍රම (US$ 20,000)

Galle Titans

  1. Shakib Al Hasan (Direct Signing)
  2. Tabraiz Shamsi (Direct Signing)
  3. දසුන් ශානක (Direct Signing)
  4. භානුක රාජපක්ෂ (Direct Signing)
  5. සීක්කුගේ ප්‍රසන්න (US$ 15,000)
  6. ලහිරු කුමාර (US$ 40,000)
  7. ලසිත් කෲස්පුල්ලේ (US$ 20,000)
  8. සොහාන් ද ලිවේරා (US$ 5000)
  9. අශාන් ප්‍රියංජන් (US$ 20,000)
  10. Ben Cutting (US$ 30,000)
  11. Mohammad Mithun (US$ 20,000)
  12. මිනෝද් භානුක (US$ 20,000)
  13. පසිඳු සූරියබණ්ඩාර (US$ 5000)
  14. ශෙවෝන් ඩැනියෙල් (US$ 22,000)
  15. මොහොමඩ් ශිරාස් (US$ 5000)
  16. ලහිරු සමරකෝන් (US$ 40,000)
  17. කසුන් රාජිත (US$ 40,000)
  18. අකිල ධනංජය (US$ 11,000)
  19. Chad Bowes (US$ 58,000)
  20. Tim Seifert (US$ 30,000)
  21. සොනාල් දිනූශ (US$ 5000)
  22. අවිශ්ක පෙරේරා (US$ 6000)
  23. අනුක් ප්‍රනාන්දු (US$ 5000)
  24. විශ්ව ප්‍රනාන්දු (US$ 10,000)

B-Love Kandy

  1. Mujeeb Ur Rahman (Direct Signing)
  2. Fakhar Zaman (Direct Signing)
  3. වනිඳු හසරංග (Direct Signing)
  4. ඇන්ජලෝ මැතිව්ස් (Direct Signing)
  5. ඉසුරු උදාන (US$ 40,000)
  6. දිනේශ් චන්දිමාල් (US$ 72,000)
  7. Mohammad Hasnain (US$ 34,000)
  8. දුශ්මන්ත චමීර (US$ 70,000)
  9. සහන් ආරච්ච්ගේ (US$ 28,000)
  10. අශේන් බණ්ඩාර (US$ 40,000)
  11. Mohammad Haris (US$ 20,000)
  12. නවෝද් පරණවිතා (US$ 5000)
  13. Asif Ali (US$ 30,000)
  14. කමිඳු මෙන්ඩිස් (US$ 60,000)
  15. නුවන් ප්‍රදීප් (US$ 20,000)
  16. චතුරංග ද සිල්වා (US$ 10,000)
  17. ලහිරු මධුශංක (US$ 26,000)
  18. Aamer Jamal (US$ 10,000)
  19. මල්ෂ තරුපති (US$ 13,000)
  20. තනුක දාබරේ (US$ 10,000)
  21. ලසිත් අබේරත්න (US$ 5000)
  22. අවිශ්ක තරිඳු (US$ 5000)

මෙම තරගාවලිය ජූලි 30 වැනිදා පටන් ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<