එංගලන්ත දඟයෙක් හදිසියේ රෝහලට

එංගලන්තයේ නවසීලන්ත තරග සංචාරය 2019

99

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර හැමිල්ටන් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය (නොවැම්බර් 30) අතරතුර එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජැක් ලීච් රෝහල් ගත කර තිබේ. ඒ හදිසියේම ඔහුගේ ආමාශය ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිව තිබෙන වේදනාවක් නිසයි.

නවසීලන්ත ක්‍රිකට් ආචර්ගෙන් සමාව අයදියි

එංගලන්තය සහ නවසීලන්තය අතර අද (25) මවුන්ට් මන්ගුවානි හිදී නිමා වූ පළමු ටෙස්ට්…

කෙසේ නමුත් වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ලීච් දෙවන ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා අතර නොමැති නිසාවෙන් තරගය පවත්වා ගැනීමට මෙය එතරම් බාධාවක් වූයේ නොමැත. 

තරගයේ දෙවන දිනයේ තෙවැනි සහ අවසන් කාල සමය තුල දී ලීච් හට ඇතිව තිබෙන මෙම ආමාශයේ වේදනාව නිසාවෙන් ඔවුන්ගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ලීච්ව වහාම රෝහල් ගත කිරීමට තීරණය කර තිබේ.

“එය කණගාටුදායක ප්‍රවෘත්තියක්. ඒත් ඔහුව රැකබලා ගන්න අපට විශාල වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ඉන්නවා.” යැයි එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් තරගයේ දෙවන දිනය අවසන් වූ පසුව පැවසීය. 

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය එංගලන්තය පරාජයට පත් විය. එම තරගයේ දී ලීච් ලකුණු 153ක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගත්තේය. ඒ නිසාවෙන් දෙවන ටෙස්ට් තරගය සඳහා ඔහු වෙනුවට ක්‍රිස් වෝක්ස් කණ්ඩායමට ආදේශ කරන ලදි.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙන අතර එම තරගයේ තොරතුරු ද ඇතුළුව ක්‍රීඩා පිටියේ නවතම තතු ඔබ ඉදිරියට රැගෙන ඒමට ThePapare.com සූදානම් සිටියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<