IPL ඉතිරි කොටස එක්සත් අරාබි එමීර් හිදී!

134
IPL T20
(Image Credits – IPL T20)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2021 අදියරේ ඉතිරි කොටස එක්සත් අරාබි එමීර් හිදී පවත්වන්නට තීරණය කර තිබෙනවා. ඒ එළඹෙන සැප්තැම්බර් – ඔක්තෝබර් කාලසීමාවේ දීයි. මේ පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

මේ තීරණයට හේතුව ලෙස ඔවුන් පවසා තිබුණේ සැප්තැම්බර් – ඔක්තෝබර් කාලසීමාවේ දී ඉන්දියාවට ඇදහැලෙන මෝසම් වර්ෂාවයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ වාර්ෂික මහා සමුළුවක් අද මාර්ගගත ක්‍රමයට පැවැත්වුණු අතර IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් හිදී පවත්වන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සියලුම සාමාජිකයින් සිය කැමැත්ත පල කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම 2021 ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සත්කාරකත්වය දැරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් කල් ඉල්ලා සිටීමට ද මෙහි දී තීරණය කර තිබෙනවා.

IPL T20 වෙබ් අඩවිය ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<