මෙවර LPL සටනට ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් රැසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

588

ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට රටවල් 11ක ක්‍රීඩකයින් 52 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

ඒ අතරට බංග්ලාදේශයේ Shakib Al Hasan, ඕස්ට්‍රේලියාවේ James Faulkner හා Ben Cutting මෙන්ම දකුණු අප්‍රිකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක Temba Bavuma සහ ලොව දැනට අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වන Tabraiz Shamsi ද ඇතුළත් බව තරගාවලි සංවිධායකයින් නිවේදනය කළා.

තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් (Draft) කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සඳහා ඉදිරිපත් වීම වෙනුවෙන් ලියාපදිංචි වී ඇති සෙසු ක්‍රීඩකයින් අතරට Mitchell McClenaghan, Nicholas Pooran, Mahmudullah, Tamim Iqbal, Ravi Rampaul, Usman Khawaja වැනි ක්‍රීඩකයින් ද ඇතුළත් වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මහනුවර කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක Irfan Pathanගේ සහෝදරයා වන ඉන්දියාවේ Yusuf Pathan ද තරගාවලියට එක්වීමට කැමැත්ත පල කර තිබෙනවා.

එමෙන්ම සිම්බාබ්වේ පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර්, නේපාලයේ Sandeep Lamichchane හා ඇමරිකාවේ Ali Khan ද තරගාවලියට එක් වීම සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයින් අතරට අයත්.

“පසුගිය වසරේ ලැබූ සාර්ථකත්වය සමඟ මෙවර ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් තරු රැසක් ලංකා ප‍්‍රිමියර් ලීග් දෙවැනි අදියර සමඟ එක් වීමට ලැයිස්තුගත වීම සැබවින්ම සතුටට කරුණක්. මෙම තත්වය ඉදිරි තරගාවලි සඳහා සුභවාදී තත්වයක් ලෙස නිසැකවම කිව හැකියි” යනුවෙන් ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රීඩක ලැයිස්තුව පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා සඳහන් කළා.

කණ්ඩායම් 5ක් ඊට එක් වන අතර, සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකියි.

එම ක්‍රීඩකයින් 20 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතු වෙනවා.

“මෙවර ඉදිරිපත් වූ ක‍්‍රීඩකයින් සමඟ ප්‍රේක්ෂකයින්ට අමතක නොවන තරගාවලි අත්දැකීමක් හිමි වන බවට කිසිදු සැකයක් නැහැ’’ යනුවෙන් IPG හි ප‍්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා කියා සිටියා.

LPL දෙවැනි අදියර සඳහා ක්‍රීඩා කිරීමට ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් පහත පරිදි වෙනවා.

  • බංග්ලාදේශය: Shakib Al Hasan, Mohammed Mahmudullah, Tamim Iqbal, Mehdy Hasan Miraz, Taskin Ahmed, Liton Das, Soumya Sarkar
  • ඕස්ට්‍රේලියාව: James Faulkner, Usman Khawaja, Ben Dunk, Callum Ferguson, Ben Cutting
  • බටහිර ඉන්දීය කොදෙව්: Nicholas Pooran,  Sherfane Rutherford, Sheldon Cottrell, Rayad Emrit, Ravi Rampaul, Dwayne Smith, Denesh Ramdin, Johnson Charles, Rowman Powell
  • පාකිස්තානය: Haris Sohail, Waqas Maqsood, Muhammed Hasnain, Mohammed Irfan, Shoaib Maqsood, Shan Masood, Anwar Ali, Ammad Butt
  • දකුණු අප‍්‍රිකාව: Temba Bavuma, Rilee Rossouw, David Wiese, Jon Jon Trevor Smuts, Morne Morkel, Rassie Van Der Dussen, Keshav Maharaj, Tabraiz Shamsi, Hardus Viljoen
  • ඇෆ්ගනිස්තානය: Asghar Afghan, Mohammed Shahzad, Najibullah Zadran, Naveen Ul Haq, Usman Shinwari, Rahmanullah Gurbaz, Hazratullah Zazai, Naveen ul Haq, Qais Ahmad
  • අනෙක් ක්‍රීඩකයින් – Yusuf Pathan (ඉන්දියාව), Brendon Taylor (සිම්බාබ්වේ), Sandeep Lamichchane (නේපාලය), Mitchell McClenaghan (නවසීලන්තය), Ali Khan (ඇමරිකා එක්සත් ජනපදය)

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<