ශ්‍රී ලංකාවට එරෙහිව එන ඇෆ්ගන් එක්දින සංචිතය නම් කරයි

Afghanistan Tour of Sri Lanka 2024

254
Afghanistan Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඇෆ්ගන් සංචිතයක් නම් කර තිබෙනවා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (04) දිනයේ දී ප්‍රකාශයට පත් කළ මෙම සංචිතයට තවමත් සිය ආබාධය සුව නොවූ ඔවුන්ගේ ප්‍රබලතම දඟපන්දු තුරුම්පුව වන Rashid Khanගේ නම ඇතුළත් වී නැහැ.

ඇෆ්ගනිස්තානයේ ඉන්දීය තරග සංචාරය මෙන්ම, ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගය ද පිට කොන්දේ ඇතිවූ ආබාධය නිසා Rashid හට මඟ හැරී ගියා.

ඔහු වෙනුවට Qais Ahmad ඇෆ්ගන් එක්දින සංචිතයට නම් කර ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගයෙන් ටෙස්ට් වරම් හිමි කර ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ Naveed Zadran ද මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් ටෙස්ට් තරගය අතරතුර ආබාධයකට ලක් වූ Mohammad Saleem Safiට සංචිතයේ ඉඩ විවර වී නැහැ.

එක්දින තරගාවලිය සඳහා නම් කළ ඇෆ්ගනිස්තානය සංචිතය මෙසේයි;

Hashmatullah Shahidi (නායක), Rahmat Shah (උප නායක), Rahmanullah Gurbaz (WK), Ikram Alikhil (WK), Ibrahim Zadran, Riaz Hassan, Azmatullah Omarzai, Mohammad Nabi, Gulbadin Naib, Qais Ahmad, Noor Ahmad, Mujeeb Ur Rahman, Fazal Haq Farooqi, Naveed Zadran සහ Farid Ahmad Malik

ඊට අමතරව Sharafuddin Ashraf, Shahidullah Kamal, Abdul Rahman Rahmani සහ Bilal Sami යන ක්‍රීඩකයින් සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 09 වැනි දා ආරම්භ වීමට නියමිත අතර, පෙබරවාරි 11 සහ 14 යන දිනවල තරගාවලියේ ඉතිරි තරග ද්විත්වය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මෙම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<