Home Sinhala එක්දින තරගාවලියේ පෙරමුණත් එංගලන්තයට

එක්දින තරගාවලියේ පෙරමුණත් එංගලන්තයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින තරග සංචාරය 2021

228

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (29) Durham හි Emirates Riverside ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට කඩුලු 5ක පරාජයක් හිමිකර දෙමිනි. 

මේ ජයග්‍රහණයත් සමඟින්, ICC සුපර් ලීගයේ එක්දින තරගාවලියක් වන මේ තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට වත්මන් එක්දින ලෝක ශූර එංගලන්තයට හැකි වුනා.

අද තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් සහ ප්‍රවීන් ජයවික්‍රම ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නට සමත් වුනා. ධනංජය ද සිල්වා ආබාධයකට ලක්ව සිටින නිසා සහ ඕෂද ප්‍රනාන්දු යම් අසනීප තත්වයකින් පෙළෙන නිසාවෙන් ඔවුන් දෙදෙනාට මේ තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා. ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුල ක්‍රීඩා කරනු ලබන තරුණම කණ්ඩායම මෙය වීමට බොහෝ විට ඉඩකඩ තිබෙනවා.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක Eoin Morgan  පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියා.

පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්

  • ශ්‍රී ලංකාව –  Kusal Perera(w/c), Pathum Nissanka, Charith Asalanka, Dasun Shanaka, Wanindu Hasaranga, Ramesh Mendis, Dhananjaya Lakshan, Chamika Karunaratne, Binura Fernando, Dushmantha Chameera, Praveen Jayawickrama
  • එංගලන්තය – Liam Livingstone,Jonny Bairstow (wk), Joe Root, Eoin Morgan (capt),Sam Billings, Moeen Ali, Sam Curran, Chris Woakes, David Willey, Mark Wood, Adil Rashid

ශ්‍රී ලංකා සංචිතයේ සිටි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වුන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනාට ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා තරග තහනමක් පැනවුනා. 

ඒ නිසාවෙන් ඔවුන් තවදුරටත් මේ තරගාවලිය සඳහා ක්‍රීඩා නොකොට ශ්‍රී ලංකාව බලා පිටත් කර එවීම නිසාවෙන් කුසල් ජනිත් පෙරේරා සමඟ ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරුණේ යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක වෙතයි.

පැතුම් සහ කුසල් පළමු කඩුල්ල සඳහා සෙමින් සීරුවේ ලකුණු 23ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ගොඩනංවා ගැනීමට වෑයම් කළත්, සිය අත්දැකීම් උපයෝගී කර ගත් Chris Woakes වේගය අඩාල කරමින් යැවූ පන්දුවකින් ලකුණු 5ක් ලබාගෙන සිටි නිස්සංකගේ කඩුල්ල දවා ගන්නට සමත් වුනා.

තරග තහනමට ලක්වූ ක්‍රීඩකයින් තිදෙනා සහ අවිශ්ක ප්‍රනාන්දු (ආබාධය), ධනංජය ද සිල්වා (ආබාධය), ඕෂද ප්‍රනාන්දු (අසනීප තත්වය) නොමැති නිසාවෙන් ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරණ ලැයිස්තුවේ සම්පූර්ණයෙන් වෙනස් වී තිබුණා. 

සිය 24 වැනි උපන්දිනය දවසේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් අසලංක ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව යන විට දසුන් ශානක හට ද සිය වගකීම ඉටු කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

කෙසේ නමුත් වෙනදා අංක 7-8 ස්ථානවල පිතිකරණයේ නිරත වන වනිඳු හසරංග මේ තරගයේ දී අංක 5 ස්ථානයෙන් පිතිකරු ලෙස පිටියට පැමිණ අනෙක් අන්තයෙන් කඩුල්ල රැකගෙන සිටි කුසල් පෙරේරා වෙත සවියක් ලබා දෙමින් අගනා ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනා. 

පන්දු 65ක දී වාර්තා වුනු වනිඳුගේ මේ සටන්කාමී ඉනිමට 4 පහර 6ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනු අතර ඔහු අද දිනයේ දී ලබා ගත්තේ සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 3 වැනි අර්ධ ශතකයයි.

Chris Woakes, Mark Woodගේ දක්ෂ පන්දුවාර කිහිපය සහ Sam Curranගේ අභියෝගාත්මක පන්දු හමුවේ නායකත්වයේ ඉනිමක් දියත් කළ කුසල් පෙරේරා 4 පහර 7ක් සිය ලකුණු සටහනට ඇතුළත් කරගනිමින් පන්දු 81ක දී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුනා. පෙරේරා අද දිනයේ දී ලබා ගත්තේ සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 15 වැනි අර්ධ ශතකයයි.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් දක්ෂ පන්දුවාර 10ක් ක්‍රියාත්මක කළ Chris Woakes නිලකුණු පන්දුවාර 5ක් සමඟ නිලකුණු පන්දු 49ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් මේ තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ තර්ජනාත්මක පන්දු යවන්නා බවට පත්වුනා. ඒ සඳහා අනගි සහයක් ලබා දුන් Mark Wood සිය පන්දුවාර 7ක් ලකුණු 19කට ක්‍රියාත්මක කිරීමට සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ලකුණු 186ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුනු Jonny Bairstow  සහ Liam Livingstone පළමු කඩුල්ල සඳහා වේගවත් ලකුණු 54ක සබඳතාවයක් දියත් කළ අතර එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් දියත් කළ Bairstow 4 පහර 6ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 21ක දී ලකුණු 43ක් ලබා ගත්තා.

පන්දුවාර 11කුත් පන්දු 5ක් අවසානයේ දී Jonny Bairstow, Liam Livingstone, නායක Eoin Morgan සහ Sam Billings යන ප්‍රබල කඩුලු 4 දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, Moeen Ali  සහ Joe Root අතරේ 5 වැනි කඩුල්ල සඳහා ගොඩනැංවුණු ලකුණු 91 සබඳතාවය නිසාවෙන් ශ්‍රී ලංකාව ගොඩනංවා තිබූ පීඩනය තරමක් එංගලන්තයෙන් ඉවතට ඇදී ගියා.

Root සමඟින් එක්ව ඉනිම ගොඩනැංවීම සඳහා සවියක් වුනු Moeen Ali, චමීර එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් දැවී ගිය නමුත් ශ්‍රී ලංකාව ඒ වන විටත් තරගය බොහෝ දුරට පරාජය වී තිබුණා.

සුපිරි පිතිකරණයක් දියත් කළ Joe Root ඉවසිලිවන්ත ලෙස සිය ඉනිම ගොඩනංවමින් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 34 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුනා. අවසානයේ දී ඔහු නොදැවුණු පිතිකරුවෙක් ලෙස එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේ 4 පහර 4ක් සමඟ පන්දු 87ක දී නොදැවී ලකුණු 79*ක් ලබාගෙනයි. Sam Curran නොදැවී ලකුණු 9*ක් ලබා ගත්තා.

දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රබල නම් ලැයිස්තුවක් සිටින එංගලන්ත පිතිකරුවන් සඳහා උපරිම පීඩනයක් ලබා දෙමින් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අතර අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් (කුසල් පෙරේරා සහ බිනුර ප්‍රනාන්දු) Moeen Ali (පළමු පන්දුවෙන්) සහ Joe Root දවා ගැනීමට අවස්ථාවක් තිබුණු නමුත් එම අවස්ථාවන් දෙක ගිලිහී ගියා. යම් හෙයකින් එම අවස්ථාවන් දෙක සාර්ථක වූවා නම් තරගයේ ප්‍රතිඵලය පවා වෙනස් වීමට යම් ඉඩක් තිබුණා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය සුපුරුදු දස්කම් අතරට එන්නට දුෂ්මන්ත චමීර සමත් වුනු අතර ඔහු පන්දුවාර 8ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 50කට කඩුලු 3ක් දවා ගත්තා. 

ඊට අමතරව බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවා ගන්නා විට, පන්දුවාර 7ක් ලකුණු 26කට ක්‍රියාත්මක කළ වනිඳු හසරංග එංගලන්ත පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය යම් මට්ටමකට පාලනය කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30ට ආරම්භ වීමට නියමිතව තිබෙන මේ තරගාවලියේ දෙවැනි එක්දින තරගය ජූලි 1 වැනිදා ලන්ඩන් නුවර The Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ තොරතුරු වගේම තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

තරගයේ වීරයා – Chris Woakes (එංගලන්තය)

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<