Sha’Carri Richardson වසරේ වේගවත්ම කාලය වාර්තා කරයි

226

කාන්තා මීටර් 100 ඉසව්ව සඳහා මෙම වසරේ වාර්තා වූ වේගවත්ම කාලය සටහන් කරමින් සහ ක්‍රීඩිකාවක මෙම වසරේ මෙතෙක් වාර්තා කළ වේගවත්ම කාලය වාර්තා කිරීමට ඇමරිකානු මලල ක්‍රීඩිකා Sha’Carri Richardson පසුගිය දා සමත් වුනා.

Miramar Invitational තරගාවලියට සහභාගී වූ ඇය එහි කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 10.72ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ අතර එම කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම කාන්තා මීටර් 100 ඉතිහාසයේ වාර්තා වූ හයවැනි හොඳම කාලය ලෙස ද සටහන් වුනා.

තවමත් 21 වැනි වියේ පසුවන Sha’Carri Richardson මෙතෙක් ජාත්‍යන්තර පිටියේ කැපී පෙනෙන ජයක් ලැබීමට සමත්ව නැති නමුත් ඇමරිකානු දේශීය මලල ක්‍රීඩා පිටියේ මෙම වකවානුවේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා.

තවත් ක්‍රීඩා පුවත්:

එම තරගාවලියේ පිරිමි මීටර් 100 තරගය ද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර ලෝක ශූර Justin Gatlin (තත් 9.98) ඉතාමත් තියුණු සටනකින් පරාජය කළ Kyree King (තත් 9.97) එම තරගය ජය ගැනීමට සමත් වුනා.

එමෙන්ම පිරිමි තරගය සඳහා තරග වැදුණු ක්‍රීඩකයන් සියල්ලම පාහේ තරගය තත්පර 10.15ක කාලයකින් අවසන් කිරීම ද කැපී පෙනුණා.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<