ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගාවලියට දින තීන්දුයි

Afghanistan tour of Sri Lanka 2024

862

ටෙස්ට් තරගයක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත පූර්ණ සංචාරයකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. 

තරගාවලිය ආරම්භ කරමින් ටෙස්ට් තරගය පෙබරවාරි මස 2 සිට 6 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම තරගයට සත්කාරකත්වය ලබා දෙන්නේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයයි.  

ටෙස්ට් තරගයෙන් පසු තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පෙබරවාරි මස 09 සිට 14 දක්වා පැවැත්වෙන අතර පෙබරවාරි 17 සිට 21 දක්වා විස්සයි විස්ස තරගාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.  

තරගාවලියේ කාලසටහන, 

  • ටෙස්ට් තරගය – පෙබරවාරි 2 සිට 6 දක්වා (සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය) 

එක්දින තරගාවලිය 

  • පළමු එක්දින තරගය – පෙබරවාරි 09 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය) 
  • දෙවැනි එක්දින තරගය – පෙබරවාරි 11 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය) 
  • තෙවැනි එක්දින තරගය – පෙබරවාරි 14 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය) 

විස්සයි විස්ස තරගාවලිය  

  • පළමු විස්සයි විස්ස තරගය – පෙබරවාරි 17 (දඹුල්ල ක්‍රීඩාංගණය) 
  • දෙවැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 19 (දඹුල්ල ක්‍රීඩාංගණය) 
  • තෙවැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 21 (දඹුල්ල ක්‍රීඩාංගණය) 

මෙම තරගාවලිය ඇතුළු දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare සමඟ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<