දකුණු අප්‍රිකානු සංචාරය ගැන Kohliට ප්‍රශ්නයක්

3014
(espn)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය ගැන මේ වන විට විවාදාත්මක තත්වයක් ඇතිව තිබෙනවා.

ඒ මේ දිනවල දකුණු අප්‍රිකාව හා ඒ ආශ්‍රිත රටවල වේගයෙන් පැතිර යන නව COVID-19 Omicron ප්‍රභේදය නිසයි. ඉන්දීය නායක Virat kohli මාධ්‍යයට පවසා තිබුණේ තමන් මේ සංචාරය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිසි පිළිතුරක් බලාපොරොත්තු වන බවයි.

ඉන්දීය නව පුහුණුකරු Rahul Dravid, ඉහළ පරිපාලනයේ තීරණ ක්‍රීඩකයින්ට දැනුම් දීම සඳහා ක්‍රීඩකයින් සමඟ සංවාදයක් ගොඩ නගා ඇති අතර එහි දී මෙම දකුණු තරගාවලිය පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.

අපිට මේ පිළිබඳව ඉතා ඉක්මනින් පැහැදිලි කරගන්න අවශ්‍යයි, ඒ නිසා අපි කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් ඔක්කොටම කතා කළා. Rahul Dravid කණ්ඩායම තුළ මේ පිළිබඳව සංවාදයක් ගොඩ නගා තිබෙනවා. මොකද අනෙක් ක්‍රීඩකයින්ගේ අදහස් දැන ගැනීමත් වැදගත්”, එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳව අදහස් දක්වමින් Virat Kohli නවසීලන්ත – ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් පැවැත් වූ මාධ්‍ය හමුවේ දී  පවසා තිබුණා.

අපි වගබලාගන්න ඕනේ ටෙස්ට් තරගය පිළිබඳ අවධානය බිඳ හෙලාගන්නේ නැතුව ඉන්න. නමුත් අපිට මේ පිළිබඳව පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි, හරියටම මොකද වෙන්නේ කියලා.”

අපි ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක කතා කළා. දවස් දෙක තුනකින් මේ ඔක්කොටම පිළිතුරක් ලැබෙයි. මේක සාමාන්‍ය කාලයක් නෙවේ. ගොඩක් සැලසුම් කරන්න තියෙනවා. ගොඩක් සූදානම් වෙන්න තියෙනවා. ඒ නිසයි අපි තේරුම් ගන්න ඕනේ මොනවද වෙන්නේ කියලා.”

දකුණු අප්‍රිකාවට මේ වන විට රටවල් කිහිපයකින්ම සංචරණ සීමා නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය A කණ්ඩයම මේ වන විට Bloemfontein හිදී පළමු පෙළ තරගාවලියක් ද ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එළඹෙන දෙසැම්බර් 17 වැනිදා සිට දකුණු අප්‍රිකාව සමඟ දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරග තුනක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග හතරක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Times of india ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<