​එකම දින කඩඉම් දෙකක් පසුකරමින් මෝගන් වාර්තා පොතට

239

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සමාරම්භ කරමින් එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගයේ දී තම එක්දින ලකුණු 7000 කඩඉම පසු කිරීමට එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් අද (30) සමත් විය.

මෙහි සුවිශේෂීත්වයක් වන්නේ ඔහු මෙම කඩඉම සපුරා ගනු ලැබුවේ තමා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ 200 වැනි ජාත්‍යන්තර එක්දින තරගයේ දී වීමයි. මේ දක්වා එක්දින ලකුණු 7000 සීමාව පසු කළ ප්‍රථම සහ එකම එංගලන්ත පිතිකරුවා ද වන මෝගන් එංගලන්තය වෙනුවෙන් එදා මෙදා තුර වැඩිම එක්දින ලකුණු ලාභියා ද වේ. එමෙන්ම මෙවර ලෝක කුසලානය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ඔහු අද පන්දු 60ක දී ලකුණු 57ක් ලබා ගත්තේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමිනි.

මෙවර ලෝක කුසලානය හිරු නොබසින අධිරාජ්‍යයට?

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීම සඳහා ඇත්තේ තවත් ස්වල්ප කාලයකි. මේ සඳහා සහභාගී වන……

තමාටම ආවේණික දර්ශනීය පහරවල් රැසකින් හෙබි දක්ෂ වමත් පිතිකරුවෙකු වන ඔහු මේ වන විට එංගලන්ත මැදපෙළ ශක්තිමත් කරන නැංගුරම බවට පත්ව සිටී. කෙමෙන් කෙමෙන් ඉනිමක් ගොඩනැගීමට මෙන්ම අවශ්‍ය විටෙක දල ලකුණු වේගය වැඩි කරමින් ඕනෑම මොහොතක විශාල පහරක් කරා යෑමට හැකියාවක් ඇති මෝගන් මේ වන විට එංගලන්තයට සතු ප්‍රබලතම තුරුම්පුවකි. එමෙන්ම මනස්කාන්ත පිතිහරඹ විලාශයකින් හෙබි ඔහු පිටිය පුරා පහරවල් රැසකින් හෙබි පිතිකරුවෙකි.

මහ සයුරේ ගැඹුරු දියේ ජීවිතය සොයා ගිය එංගලන්ත උපනායකයා

2007 ලෝක කුසලාන තරගාවලිය අතරතුර එංගලන්ත කණ්ඩායමේ උපනායකයා ලෙසින් කටයුතු කළ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් අමුතුම…..

2006 වසරේ ස්කෝට්ලන්තය සමඟ පැවති තරගයක දී අයර්ලන්තය වෙනුවෙන් එක්දින වරම් ලබා ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වූ මෝගන් මුලින්ම එංගලන්තය වෙනුවෙන් එක්දින තරගයක් ක්‍රීඩා කළේ 2009 වසරේ දී ය.  මේ වන විට මෝගන් එංගලන්ත කණ්ඩායමේ නායකයා බවට ද පත්වෙමින් වාර්තා පිට වාර්තා තබමින් සිටින්නේ ඔහුගේ සුවිශේෂී සාර්ථකත්වය මනාව ලෝකයා ඉදිරියේ ඔප්පු කරමිනි. ඔහු එංගලන්ත නිත්‍ය නායකත්වයට පත්වූයේ 2015 ලෝක කුසලානය ආරම්භයත් සමඟිනි.

එංගලන්ත කණ්ඩායමට සංගක්කාරගෙන් පණිවිඩයක්

2020 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එංගලන්තය කණ්ඩායමේ තරග සංචාරය අවලංගු නොවනු ඇතැයි කුමාර්……

මෝගන් මුලින්ම අන්තර්ජාතික ක්‍රිකට් පිටියට අවතීර්ණ වූයේ අයර්ලන්ත ක්‍රීඩකයෙකු වන බැවින් මේ වන විට ඔහුගේ සම්පූර්ණ එක්දින තරග වාර්තාවේ එක්දින ජාත්‍යන්තර තරග 23ක දී ලකුණු 744ක් අයර්ලන්තය වෙනුවෙන් ද, තරග 200කදී  ලකුණු 6290ක් එංගලන්තය වෙනුවෙන් ද සනිටුහන් වී ඇත.

මේ වන විට සම්පූර්ණ එක්දින ලකුණු 7034ක් ලබා ඇති ඔහුගේ නමට එක්දින ශතක 12ක් සහ අර්ධ ශතක 45ක් මේ දක්වා ලියවී ඇත. එංගලන්ත පිතිකරණ බලඇණියේ නො.4 ස්ථානය වෙන් වී ඇති මෝගන්ගේ එක්දින පිතිකරණ සාමාන්‍යය 39.74ක් සහ ප්‍රහාරක වේගය 90.40ක් වන අතර මේ වන විට ඔහු ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 18 වැනි ස්ථානයේ රැඳී සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<