නාලන්දා විද්‍යාලය ගුරුකුල හමුවේ සිය අණසක පතුරුවයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

154

දකුණතින් පිතිකරණයේ නිරත වන නායක අවිශ්ක පෙරේරා සහ දකුණතින් පා දඟපන්දු යවන රවීන් ද සිල්වාගේ දස්කම් නිසාවෙන් ගුරුකුල විද්‍යාලයට එරෙහිව පැවති ක්‍රිකට් තරගය ලකුණු 103 කින් ජය ගැනීමට නාලන්දා විද්‍යාලය සමත් විය. 

සාන්ත පීතර, අන්තෝනි සහ ත්‍රිත්ව විද්‍යාල වලට සුපිරි ජයග්‍රහණ

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (11) දිනයේ දී ක්‍රියාත්මක විය.

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය කොළඹ නාලන්දා පිටියේ දී ක්‍රියාත්මක වූ අතර කාසියේ වාසිය දිනා ගත් නාලන්දා ක්‍රීඩකයින් ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 135 ක් වාර්තා කරගත්හ. 

එහිදී රෂාන් දිසානායක සහ ජිතේෂ් වාසල පිතිකරණයෙන් වැඩි දස්කම් අතරට පැමිණෙමින් ලකුණු අතරට පිවිසුනු අතර එහිදී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 44 ක් සහ ලකුණු 31 ක් රැස්කර ගන්නා ලදි. නාලන්දා පළමු ඉනිම තුළ පිතිකරුවන්ට දැඩි හිසරදයක් වූ දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක රශ්මික මෙවන් ලකුණු 23 කට කඩුලු 6 ක් දවාලමින් දස්කම් දක්වන ලදි. 

එයට පිළිතුරු දුන් සංචාරක ගුරුකුල විද්‍යාල පිතිකරුවන් පන්දුවාර 47 කුත් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 93 ක් වන අතර කෙමිර නයනතරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 25 ක් රැස්කර ගන්නා ලදි. 

ලකුණු 42 ක පළමු ඉනිමේ වාසියක් සමඟ සිය දෙවන ඉනිම දියත් කළ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් නායකත්වයේ පිතිකරණයක නිරත වූ අවිශ්ක පෙරේරා රැස්කර ගත් ලකුණු 98 නොවන්නට ඔවුන්ගේ දෙවන ඉනිම ආසාර්ථක වීමට ඉඩ තිබුනි. කෙසේ නමුත් පළමු ඉනිමේ ලබා ගත් වාසිය සහ දෙවන ඉනිම තුළ රැස්කර ගත් ලකුණු ප්‍රමාණය ද සමඟින් ලකුණු 215 ක ඉලක්කයක් සිය ප්‍රතිවාදීන්ට ලබා දීමට නාලන්දා විද්‍යාලයට හැකි විය. 

ගුරුකුල විද්‍යාලයේ දෙවන ඉනිම තුළ ඔවුන්ගේ මුල්පෙළ අසාර්ථක වීම නිසා ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් වෙත දැඩි වගකීමක් පැටවිනි. පළමු ඉනිම තුළ දීද ගුරුකුල ලකුණු පුවරුව සවිමත් කළ කෙමිර නයනතරු දෙවන ඉනිම තුළද ලකුණු 40 ක් රැස්කර ගනිමින් සටන්කාමී පිතිකරණයක නිරත විය. නමුත් ඒ සඳහා ඔහුට නිසි සහයක් නොලැබීම නිසා නයනතරුගේ සටන්කාමී ඉනිමෙන් ද ඵලක් නොමැති විය. අවසානයේ ගුරුකුල විද්‍යාලයට ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 111 ක් පමණි. පන්දු යැවීමේ දී තරගය පුරාවට දස්කම් දැක්වූ රවීන් ද සිල්වා සහ චමෝද්‍ය රාජපක්ෂ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් වැඩි දස්කම් දක්වන ලදි. 

සුපිරි ඉන්දීය ක්‍රීඩකයෙක් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වෙයි

ඉන්දීය කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගය හිදී තුන් ඉරියව් අංශය සවිමත් කරමින් මෑත කාලයේ දී සුවිශේෂී දස්කම් පෑ ක්‍රීඩකයින්……………

නාලන්දා විද්‍යාලය : 135 (40) රෂාන් දිසානායක 44, ජිතේෂ් වාසල 31, රශ්මික මෙවන් 6/23, ප්‍රවීන් නිමේෂ් 2/37. සහ 172 (39.5) අවිශ්ක පෙරේරා 98, ජිතේෂ් වාසල 22*, තුෂාර මදුශාන් 4/38, ප්‍රවීන් නිමේෂ් 2/26. 

ගුරුකුල විද්‍යාලය : 93 (47.1) කෙමිර නයනතරු 25, මහීම වීරකෝන් 3/03, චමෝද්‍ය රාජපක්ෂ 3/11, ජිතේෂ් වාසල 2/15, දිනෙත් සමරවීර 2/19. සහ 111 (33.4) කෙමිර නයනතරු 40, සිතිජ චමෝද් 28, රවීන් ද සිල්වා 4/38, චමෝද්‍ය රාජපක්ෂ 3/22, දිනෙත් සමරවීර 2/05. 

නාලන්දා විද්‍යාලයට ලකුණු 103 ක ජයක් හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<