Kings XI Punjab නාමය වෙනස් වෙයි

598
Kings XI Punjab

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Punjab ප්‍රාන්තයේ නියෝජනය කරමින් සහභාගි වන කණ්ඩායම වන Kings XI Punjab මෙම වසරේ දී සිය කණ්ඩායම් නාමය වෙනස් කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

ඒ අනුව අප්‍රේල් දෙවන සතියේ ආරම්භ වීමට නියමිතව ඇති මෙවර තරගාවලිය සඳහා සහභාගී වන එම කණ්ඩායමේ නාමය Punjab Kings (පංජාබ් කිංග්ස්) ලෙසින් වෙනස් කිරීමට කටයුතු කර ඇත.

මේ සඳහා එම කණ්ඩායමේ හිමිකරුවන් විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟින් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවලින් අනතුරුව කණ්ඩායම් නාමය වෙනස් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය හිමිව ඇත.

කෙසේ නමුත් කණ්ඩායම් නාමය වෙනස් කිරීමට හේතුව මේ දක්වා එම කණ්ඩායමේ කිසිවෙකු විසින් හෙලි දක්වා නොමැති අතර මෙම මස 18 වැනිදා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම නැවත හඳුන්වා දීමේ වැඩසටහනක් පැවැත්වීමට ඔවුන් සූදානමින් ඇති බව ද Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය සුපිරි නිළි Preity Zinta සහ Mohit Burman, Ness Wadia, Karan Paul යන අයවලුන්ගේ සම හිමිකාරීත්වයෙන් යුත් Punjab Kings ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයේ සිටම නොකඩවා ක්‍රීඩා කළ කණ්ඩායම්වලින් එකකි.

එමෙන්ම තරගාවලියේ අසාර්ථකම කණ්ඩායම්වලින් එකක් ද වන Punjab කණ්ඩායම වසර 13ක ඉතිහාසය තුළ කිසිදු ශූරතාවයක් දිනා ගැනීමට සමත්ව නැති අතර 2014 වසරේ දිනා ගත් අනුශූරතාවය ඔවුන් ලැබූ ඉහළම දක්ෂතාවය වේ.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙම වසරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන බ්‍රහස්පතින්දා (18) මුම්බායි හීදී පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<