ශ්‍රී ලංකාවට දැවැන්ත සබඳතාවයක් සහිත, සුභවාදී ආරම්භයක්

993

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඊයේ (30) ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය අද (31) දිල්ලී අයි.අයි.ටී. ක්‍රීඩාංගණයේදී අවසන් වූයේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට ලකුණු 214ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටියේ තරග පාවාදීමේ චෝදනාවක්

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් කළුතර භෞතික සංස්කෘතික සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පැවති තරගයක්…

කාසියේ වාසිය තමන් සතුකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර නවසීලන්ත කණ්ඩායම කෙසේ හෝ මෙම තරගය ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිව තරගයට ප්‍රවිශ්ඨ වූයේ පළමු තරගය ඔවුන් ප්‍රබල පාකිස්තානු කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම නිසාවෙනි.

කාසියේ වාසිය ද ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භ සබඳතාවයක් ලබාදීමට පිටියට පැමිණි සුරංග සම්පත් හා රුවන් වසන්ත නවසීලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් තරගාවලිය සඳහා ජවසම්පන්න ආරම්භයක්  ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ලබාදීමට සමත් විය.

එහිදී පන්දු 69කට පමණක් මුහුණ දුන් රුවන් වසන්ත දර්ශනීය 4 පහර 25ක් සමඟින් ලකුණු 170ක් ලබාගන්නේ මෙම තරගාවලියේ පළමු ශතක ලාභියාට හිමි ගෞරවය ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබාදෙමින් වන අතර, අනෙක් අන්තයෙන් සුපිරි සහයක් ලබා දුන් සුරංග සම්පත් පන්දු 53කට පමණක් මුහුණ දෙමින් ලකුණු 146ක් ලබාගෙන වේගවත් පිතිකරණයක නිරත විය. ඔහුගේ ඉණිම 4 පහර 30කින් වර්ණවත් වූයේ නවසීලන්ත දෘශ්‍යාබාධිත කණ්ඩායමට කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකට ඇඳ දමමිනි.

අවසානයේ තම නියමිත පන්දුවාර 20 තුල ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 334ක් ලබා ගැනීමට සමත් විය. තවද රුවන් හා සුරංග යන දෙපලගේම මංගල 20-20 ශතකය මෙහිදී වාර්තා විය.

පන්දු 120ක් තුල ලකුණු 335ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට නවසීලන්ත කණ්ඩායමට නියමිතව තිබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂ ලෙස පන්දු යවමින් සම්පූර්ණ පීඩනය පිතිකරුවන් වෙත යොමුකරන ලදි. එයින් කලබලකාරී තත්ත්වයකට පත්වුණු නවසීලන්ත පිතිකරුවන් 5 දෙනෙකු පමණ දුවද්දී දැවීයාම් වලට හසුකර ගැනීමට සමත් විය. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් මාකුවෙල් මැක්සාකිල් ලකුණු 30ක් ලබා ගැනීමට 4 පහර 3ක් එල්ල කරන ලදි. පන්දු යැවීමේදී පැතුම් කුමාර හා කෝසල හේරත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවාලන ලදි.

පන්දු රැකීමේ දී චන්දන දේශප්‍රිය දුවද්දී දවාලීම් 3කට නවසීලන්ත පිතිකරුවන් හසුකර ගැනීමට සමත් වූ අතර, එය සුවිශේෂී සිදුවීමක් විය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – කිසිවෙකු නොදැවී ලකුණු 336 (පන්දුවාර 20): රුවන් වසන්ත 170*, සුරංග සම්පත් 146*, මාකුවෙල් මැක්සාකිල් 0/44

නවසීලන්ත දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 120 (පන්දුවාර 20): මාකුවෙල් මැක්සාකිල් 30, ප්‍රවීන් සංකර් 14, පැතුම් කුමාර 1/18, කෝසල හේරත් 1/23

දෘශ්‍යාබාධිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම් 10 ක් තරග වදින අතර එක් කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායම් නවය සමඟින් තරග වැදිය යුතුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග කාලසටහන

  • පෙබරවාරී 01 – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගින් දිල්ලී අයි.අයි.ටී. ක්‍රීඩාංගණයේදී
  • පෙබරවාරී 02 – පාකිස්තානය සමගින් දිල්ලී සිරි ෆෝර්ට් ක්‍රීඩාංගණයේදී
  • පෙබරවාරී 03 – එංගලන්තය සමගින් අහමදාබාද් සර්දාර් පටෙල් ක්‍රීඩාංගණයේදී
  • පෙබරවාරී 04 – ඉන්දියාව සමගින් අහමදාබාද් සර්දාර් පටෙල් ක්‍රීඩාංගණයේදී
  • පෙබරවාරී 05 – නේපාලය සමගින් පූනේ පී.වයි.සී. ක්‍රීඩාංගණයේදී
  • පෙබරවාරී 06 – ඕස්ට්‍රේලියාව සමගින් කෝචී රාජ්ගිරි පාසල් ක්‍රීඩාංගණයේදී
  • පෙබරවාරී 08 – බංග්ලාදේශය සමගින් බැංගලෝර් අලූර් ක්‍රීඩාංගණයේදී
  • පෙබරවාරී 09 – දකුණු අප්‍රිකාව සමගින් බැංගලෝර් අලූර් ක්‍රීඩාංගණයේදී

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට