සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය එලීම ආරම්භ වේ

245

සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථ ඇතිරීම අද (5) ඇරඹුණු අතර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් එම ක්‍රියාවලිය දැඩි අධීක්ෂණයට ලක් කරනු දක්නට ලැබුණි.

ඡන්ද 18-12ක් ලෙස ජය සුබ්‍රමනියම් මහතාට

පසුගිය 23 වැනිදා පැවති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේ දී එහි සභාපති තනතුර සඳහා සුරේෂ් …

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා තරග පැවැත්වීමට තිබූ සුපිරිතම ධාවන පථය වූ සුගතදාස ධාවන පථය 2011 වසරේ සිට ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයකට පත්ව තිබූ අතර, පැවැත්වීමට නියමිතව තිබූ සියලුම මලල ක්‍රීඩා තරගාවලි නිසි කළමනාකාරිත්වයක් නොමැති නිසා අබලං තත්වයට පත්ව තිබුනත්, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සිදු විය.

සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු පසුගිය සැප්තැම්බර් 14 දා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ සුරතින් ඇරඹිණි. නවීකරණ කටයුතු ඇරඹීමට නියමිතව තිබුණේ පසුගිය වසර මැද භාගයේ වුවද ටෙන්ඩර් ලබා දීමේ දී ඇතිවූ දෝෂයක් හේතුවෙන් පරාජය වූ ටෙන්ඩර් අපේක්ෂකයෙකු ටෙන්ඩර් පටිපාටියට අභියෝග කිරීමත් සමඟ දෙවතාවක් ටෙන්ඩර් කැඳවීමට සිදුවීම හේතුවෙන් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු පමා විය. ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු දේශීය සමාගමක් වන ඇක්සස් ඉදිකිරීම් සමාගම හා (Access group) හා CONICA ක්‍රීඩා ධාවන පථය සකස් කිරීමේ/එලීමේ සමාගම (CONICA Sports Flooring Company) එක්ව සිදු කරයි. ධාවන පථය සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය දෙසැම්බර් මස නිමා වීමට නියමිතව තිබුනත් අයහපත් කාලගුණය නිසා එම ක්‍රියාවලියට බාධා විය.  

ක්‍රීඩා අමාත්‍යංශ වාර්තාවලට අනුව මීටර් 200 පුහුණුවීමේ ධාවන පථය හා මීටර 400 ධාවන පථය මාර්තු 30 වැනිදා වන විට අවසන් වීමට නියමිත නමුත්, ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය හා IAAF ලෝක ශූරතාවලිය සඳහා තේරීම් තරඟ ලෙස පැවැත්වෙන කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා උළෙල පැවැත්වීමට ඉතා අසන්න හෙයින් ක්‍රීඩකයින්ගේ දස්කම් හා පහසුකම් ඉහළ දැමීම උදෙසා මාර්තු 27ට පෙර ධාවන පථයේ නවීකරණ කටයුතු නිම කිරීමට හැකිවන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<