දෙහිවල මධ්‍ය විද්‍යාලයීය සුහද ක්‍රිකට් සටන තෙවැනි වරටත්

Battle of the old Boys 2023

156

දෙහිවල මධ්‍ය විද්‍යාලයීය ආදී ක්‍රිකට් සංගමය තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන “Battle of the Old Boys 2023” වාර්ෂික සුහද ක්‍රිකට් තරගාවලිය පාසලේ ආදී ක්‍රිකට් ක්‍රීඩකයින් සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඇතිව 2023 මාර්තු 5 වැනිදා, ඉරිදා දෙහිවල මධ්‍ය විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මේ තරගාවලිය සඳහා Black Tigers, Orange Bears, Yellow scorpions, Green Cobras, Magenta T-Rex, Purple Hurricanes, Red Hawks සහ Blue Lions යන කණ්ඩායම් 08 සහභාගී වෙනවා. පසුගිය වසරේ  පැවැත්වුණු  තරගාවලියේ දී Purple Hurricanes ශූරතාවය දිනා ගත්තා.

තරගාවලිය අවසානයේ දී දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා, දක්ෂතම පන්දු රකින්න සහ වැඩිම 6 පහර එල්ල කළ ක්‍රීඩකයා සඳහා ත්‍යාග සහ සම්මාන ලබා දීමට නියමිතයි.

පිළිමළුන් පිටුදැකීමේ ආකාරයට පැවැත්වෙන මේ සුහද ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් ඔප නංවා ගැනීමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<