පාසල් ක්‍රිකට් වසන්තය ඇරඹෙයි!

March Madness

149

කොරෝනා වසංගත තත්වය නිසා වසර දෙකක් තිස්සේ කිසිදු ප්‍රේක්ශක සහභාගීත්වයකින් තොරව පැවැත්වුණු පාසල් මහා ක්‍රිකට් තරග සංග්‍රාමය (Big Match Season) පෙබරවාරි මස අවසාන සති අන්තයෙන් ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව මෙවර පාසල් ක්‍රිකට් වසන්තය මාස දෙකකට අධික කාලයක් තිස්සේ දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩාංගණ රැසක දී පැවැත්වෙනු ඇත.

මෙවර ක්‍රිකට් තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට ඉඩ ලැබීමත් සමඟින්  වසර දෙකකට පසුව නැවතත් ඉතා විශාල ජනකායක් මෙම තරග නැරඹීම වෙනුවෙන් මෙන්ම, සිය ආදි විද්‍යාර්ථ සගයින් මුණ ගැසී සතුටු සාමීචියේ යෙදීමේ අරමුණෙන් ද යුතුව ක්‍රීඩාංගණවලට එක්රොක් වනු ඇති බව නොඅනුමානයි.

ඒ අනුව මෙවර පාසල් ක්‍රිකට් වසන්තය හෙට දිනයේ (24) කොළඹ SSC ක්‍රීඩා පිටියේ දී කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර (සහෝදරයින්ගේ සටන) පැවැත්වීමට නියමිත තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම නොකඩවා පැවැත්වුණු ලොව දෙවැනියට දීර්ඝතම ක්‍රිකට් තරගාවලිය වන “නිල් මහ සටන” කොළඹ සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර 144 වැනි වතාවටත් මෙම වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ආනන්ද – නාලන්ද, වෙස්ලි – සාන්ත බෙනඩික්, DS සේනානායක – මහානාම වැනි විද්‍යාලාන්තර ක්‍රිකට් තරග ද ඉදිරි සති 8කට ආසන්න කාලය තුල දී පැවැත්වීමට පිඹුරුපත් සකසා අවසානයි.

මේ අතර කොළඹට පමණක් සීමා නොවුනු මෙම ක්‍රිකට් වසන්තය යාපනයේ “උතුරු සටන”, ගාල්ලේ “ආදරවන්තයින්ගේ සටන”, කුරුණෑගල “ඇතුගල්පුර සටන” , මාතර “රුහුණු නිල් මහා සටන” වැනි ක්‍රිකට් තරග සමඟින් දිවයින පුරා පැතිර යනු ඇත.

එමෙන්ම සුපුරුදු පරිදි ThePapare.com විසින් මෙවරත් පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු තොරතුරු March Madness ඔස්සේ පන්දුවෙන් පන්දුව ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටින අතර, බොහෝ ක්‍රිකට් තරග සජීව ලෙස විකාශනයට මෙන්ම, ඡායාරූපගත කිරීමට ද සූදානමින් පසුවනවා.

Mrach Madness මහා ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිත කාලසටහන මෙසේයි,

තරග විස්තර ක්‍රීඩාංගණය තරග පැවැත්වෙන දින
තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය – 60th Battle of the Brothers SSC ක්‍රිඩාංගණය පෙබරවාරි 24 සහ 25
සාන්ත පැට්‍රික් විද්‍යාලය සහ යාපනය විද්‍යාලය – 106th Battle of the Golds යාපනය පාසල් ක්‍රීඩාංගණය පෙබරවාරි 24 සහ 25
ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය – 93rd Battle of the Maroons SSC ක්‍රීඩාංගණය මාර්තු 4 සහ 5
තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය  – 43rd Limited Overs Encounter ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය මාර්තු  5
ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය – 47th One Day Encounter SSC ක්‍රීඩාංගණය මාර්තු 12
රාජකීය විද්‍යාලය  සහ සාන්ත තෝමස් විද්‍යාලය  – 144th Battle of the Blues SSC ක්‍රීඩාංගණ මාර්තු 16, 17 සහ 18
වෙස්ලි විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  – 3rd Rev. James Cartman Cup පි. සරා ඕවල් ක්‍රීඩාංගණය මාර්තු 16 සහ 17
ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය  – 115th Battle of the Maroons පල්ලෙකැලේ මාර්තු 17 සහ 18
රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය – 118th Lovers’ Quarrel ගාල්ල මාර්තු 17 සහ 18
රාජකීය විද්‍යාලය  සහ සාන්ත තෝමස් විද්‍යාලය  – 46th One Day Encounter SSC ක්‍රීඩාංගණය මාර්තු 24
ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය  – 104th Hill Country Battle of the Blues කටුගස්තොට මාර්තු 24 සහ 25
මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය – 39th Battle of the Rocks වෙලගෙදර ක්‍රීඩාංගණය මාර්තු 24 සහ 25
ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය  – 17th Battle of the Golds පී. සරා ඕවල් මාර්තු 24 සහ 25
සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය – 117th Battle of the Blues Ruhuna මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය මාර්තු 24, 25 සහ 26
තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය – 16th T20 Encounter තර්ස්ටන් ක්‍රීඩාංගණය මාර්තු 25
වෙස්ලි විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 2nd Rev. Bro. Luke Gregory Shield SSC ක්‍රීඩාංගණය මාර්තු 25
ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය  – 33rd Limited Overs Encounter පල්ලෙකැලේ මාර්තු 25
මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය – 25th One Day Encounter වෙලගෙදර ක්‍රීඩාංගණය මාර්තු 26
රාහුල විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය – 7th Battle of the Golden Lions උයන්වත්ත ක්‍රීඩාංගණය මාර්තු 31 සහ අප්‍රේල් 1
පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ශිලා මද්‍ය විද්‍යාලය – 21st Battle of Salpiti Rayigam Korala ටිරෝන් ප්‍රනාන්දු  ක්‍රීඩාංගණය මාර්තු 31 සහ අප්‍රේල් 1
සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය  – 63rd Battle of the Babes පල්ලෙකැලේ මාර්තු 31 සහ අප්‍රේල් 1
ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය – 41st One Day Encounter අස්ගිරිය අප්‍රේල් 1
පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ශිලා මධ්‍ය විද්‍යාලය – 21st One Day Encounter ටිරෝන් ප්‍රනාන්දු  ක්‍රීඩාංගණය අප්‍රේල් 2
රාහුල විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය– 7th Limited Overs Encounter උයන්වත්ත ක්‍රීඩාංගණය අප්‍රේල් 2
ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය– 17th Limited Overs Encounter ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අප්‍රේල් 8
සාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර විදුහල  – 73rd Battle of the Golds ටිරෝන් ප්‍රනාන්දු  ක්‍රීඩාංගණය අප්‍රේල් 21 සහ 22
සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය  – 37th Limited Overs Encounter SSC ක්‍රීඩාංගණය අප්‍රේල් 23
මොරටු මහා විදුහල සහ ශ්‍රී සුමංගල විදුහල  – Big Match ටිරෝන් ප්‍රනාන්දු  ක්‍රීඩාංගණය අප්‍රේල් 28 සහ 29
සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය – 89th Battle of the Saints SSC ක්‍රීඩාංගණය අප්‍රේල් 28 සහ 29
සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය– 49th One Day Encounter SSC ක්‍රීඩාංගණය අප්‍රේල් 30
මොරටු මහා විදුහල සහ ශ්‍රී සුමංගල විදුහල – L/O Match ටිරෝන් ප්‍රනාන්දු  ක්‍රීඩාංගණය අප්‍රේල් 30

පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු තතු විත්ති දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<