Home Sinhala දසිස්ගේ සුපිරි පිතිකරණයෙන් රාජකීයන් පූර්ණ තරග ජයක් අභියස!

දසිස්ගේ සුපිරි පිතිකරණයෙන් රාජකීයන් පූර්ණ තරග ජයක් අභියස!

918

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 144 වැනි වරටත් පැවැත්වෙන නිල් මහා සටනේ දෙවැනි දිනය අද (17) අවසන් වුනේ රාජකීය විද්‍යාලයට තරගයේ මේ වන තෙක් සම්පූර්ණ ගෞරවය දිනා දෙමින්.

අද දෙවැනි දිනයට තරගය ඇරඹෙද්දී සාන්ත තෝමස් ඇරයුමට අනුව තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 326ක් ලබා සිටියා. ඒ දසිස් මංචනායක (137) සහ රමිරු පෙරේරා (128) වාර්තා කළ ද්විත්ව ශතක සබඳතාවයේ උපකාරයෙනුයි.

අද උදෑසන තවදුරටත් පිතිකරණයේ යෙදෙන්නට උත්සාහ නොකෙරූ රාජකීය විද්‍යාලය උදෑසන හෝරාවක පමණ කාලය තුල තණතිල්ල පන්දු යවන්නන්ට දක්වන සහය ගැන විශ්වාසය තබා තෝමසුවන්ට පිතිකරණ අවස්ථාව ලබා දුන්නා.

සිතූ පරිදිම අද රාජකීයන්ට සාන්ත තෝමස් විද්‍යාලයේ වටිනා කඩුලු 3ක් වේලාසනින්ම දවා ගැනීමට හැකි වුනා. එහි දී ආරම්භක පිතිකරු තිශේන් ඇහැලියගොඩ ලකුණු 5කට සීමා වෙද්දී අංක 3 පිතිකරු දිනෙත් ගුණවර්ධනගේ ඉනිම ලකුණු 10කට සීමා වුනා.

සාන්ත තෝමස් නායක රොමේෂ් මෙන්ඩිස්ට පන්දු 9ක් තුල දී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 4ක් පමණයි. මේ මොහොතේ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සේනාධි බුලන්කුලම ලබා ගත් ලකුණු 40 ඔවුන්ට යම් ආශිර්වාදයක් වුනා. දැඩි පීඩනයක් මැද පන්දු 104කට මුහුණ දුන් ඔහු එහි දී හතරේ පහර 5ක් එල්ල කළා.

තුන් ඉරියව් ක්‍රීඩක නේතන් කල්දේරා පන්දු 25ක් තුල දී ලකුණු 20ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 3ක් සමඟයි. මහිත් පෙරේරා ලකුණු 30ක් රැස් කළා. රාජකීය විද්‍යාලයේ ආක්‍රමණශීලී පන්දු යැවීම ඉදිරියේ සාන්ත තෝමස් විද්‍යාලයට ප්‍රථම ඉනිමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 153ක් පමණයි.

මේ අනුව විද්‍යාල දෙකේම පළමු ඉනිම අවසන් වන විට රාජකීය විද්‍යාලය ලකුණු 173ක් ඉදිරියෙන් සිටියේ තරගය තුල පැහැදිලි වාසියක් දිනා ගනිමිනුයි. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක බුලාන් වීරතුංග ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තා. මීට අමතරව රනුක මලවිආරච්චි, සන්දේශ් රාමනායක සහ සිනෙත් ජයවර්ධන අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

දෙවැනි ඉනිමේ දී රාජකීය විද්‍යාලය අද වේගයෙන් පිත්ත හැසිරුවේ මුල් ඉනිමේ පෙන්වූ සාර්ථකත්වය පූර්ණ තරග ජයග්‍රහණයකින් අවසන් කිරීමේ අදිටනින් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අද වේලාසනින්ම දැවී ගියත් රාජකීයන් තම ප්‍රහාරය නතර කළේ නැහැ.

මෙම සැලැස්ම සාර්ථක වූ බව පෙනෙන්නට තිබූ අතර අද දිනයේ අවසන් සැසියේ දී ඔවුන් පන්දුවාරයකට ලකුණු 6කට වැඩි වේගයක් පවත්වා ගනිමින් ලකුණු 168ක් රැස්කර ගත්තේ කඩුලු 4කටයි. එහි දී පළමු ඉනිමේ ශතකලාභී දසිස් මංචනායක දෙවැනි ඉනිමේ දී විශිෂ්ට අර්ධ ශතකයක් වාර්තා කළේ පන්දු 49කට පමණක් මුහුණ දෙමින්.

රාජකීය විද්‍යාලයේ නායක දසිස් මංචනායකගේ ලකුණු 57ට හතරේ පහර 6ක් ඇතුළත් වුනා. විශේෂයෙන්ම ඔහු පසු පාදයේ ඉතාමත් දැකුම්කළු පහරවල් කිහිපයක් ක්‍රීඩා කළේ අනාගත තරුවක ලක්ෂණ පෙන්නුම් කරමින්. රාජකීය විද්‍යාලය වෙනුවෙන් ලකුණු අතර සිටින අනෙක් පිතිකරුවා වන රමිරු පෙරේරා මේ වනවිට නොදැවී ලකුණු 46ක් ලබා සිටිනවා.

අද රාජකීය දෙවැනි ඉනිම අතරේ බිඳ වැටුණු කඩුලු 4ම දවා ගත්තේ වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ආකාශ් ප්‍රනාන්දුයි. හොඳ එල්ලයක්, ප්‍රමාණවත් තරම් දෝලනයක් සහ වයසට වඩා මුහුකුරා ගිය වේගයක් සහිත මෙම යොවුන් ක්‍රීඩකයා මේ දක්වා රාජකීයන්ගේ කඩුලු 8කටම වගකියා අවසන්.

සම්පූර්ණයෙන්ම රාජකීයන්ට නතු වූ අද දිනයේ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන එකම ක්‍රීඩකයා වූයේ ඔහුයි. මේ අනුව දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 6ක් අතැතිව දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කොළඹ රාජකීය විද්‍යාලය මේ වන විට ලකුණු 341ක් ඉදිරියෙන් සිටින්නේ හෙට දිනයේ පූර්ණ තරග ජයග්‍රහණයක් ගැන සුබ සිහින දකිමින්.

Result


Royal College
326/8 (74) & 168/4 (26)

S. Thomas’ College
153/10 (55) & 161/10 (58.5)

Batsmen R B 4s 6s SR
Rehan Peris c Senesh Hettiarachchi b Akash Fernando 4 4 1 0 100.00
Sineth Jayawardena b Nathan Caldera 1 3 0 0 33.33
Ovina Ambanpola b Akash Fernando 30 71 1 0 42.25
Uvindu Weerasekara c Nathan Caldera b Kavindu Dias 3 13 0 0 23.08
Dasis Manchanayake b Kavindu Dais 137 150 17 0 91.33
Ramiru Perera c Romesh Mendis b Kavindu Dais 128 186 15 2 68.82
Sandesh Ramanayaka lbw b Akash Fernando 0 4 0 0 0.00
Sanvidu Senartharachchi not out 8 8 0 0 100.00
Bulan Weerathunga b Akash Fernando 2 3 0 0 66.67
Nethwin Dharmarathne not out 0 5 0 0 0.00


Extras 13 (b 8 , lb 0 , nb 3, w 2, pen 0)
Total 326/8 (74 Overs, RR: 4.41)
Bowling O M R W Econ
Akash Fernando 13 1 55 4 4.23
Nathan Caldera 16 2 64 1 4.00
Kavindu Dias 13 2 58 3 4.46
Dinura Gunawardena 7 0 35 0 5.00
Charuka Peiris 13 0 55 0 4.23
Abheeth J Paranawidana 10 0 39 0 3.90
Senadhi Bulankulama 1 0 3 0 3.00
Mahith Perera 1 0 9 0 9.00
Batsmen R B 4s 6s SR
Senadhi Bulankulama c Sanvidu Senartharachchi b Ranuka Malaviarachchi 40 104 5 0 38.46
Thishen Ehaliyagoda c Sandesh Ramanayaka b Bulan Weerathunga 5 7 1 0 71.43
Dineth Gunawardena lbw b Sandesh Ramanayaka 10 26 2 0 38.46
Romesh Mendis c Sandesh Ramanayaka b 4 9 1 0 44.44
Nathan Caldera c Dasis Manchanayake b Ramiru Perera 20 25 3 0 80.00
Charuka Peiris c Sineth Jayawardena b Sandesh Ramanayaka 17 66 2 0 25.76
Mahith Perera c Sanvidu Senartharachchi b Bulan Weerathunga 30 43 5 0 69.77
Senesh Hettiarachchi c b Sineth Jayawardena 9 33 1 0 27.27
Akash Fernando not out 1 9 0 0 11.11
Kavindu Dais st Sanvidu Senartharachchi b Sineth Jayawardena 0 6 0 0 0.00
Abheeth J Paranawidana b Bulan Weerathunga 0 4 0 0 0.00


Extras 17 (b 6 , lb 0 , nb 2, w 9, pen 0)
Total 153/10 (55 Overs, RR: 2.78)
Bowling O M R W Econ
Ranuka Malaviarachchi 12 1 39 2 3.25
Bulan Weerathunga 14 6 26 3 1.86
Sandesh Ramanayaka 10 0 36 2 3.60
Dasis Manchanayake 2 0 11 0 5.50
Sineth Jayawardena 7 3 9 2 1.29
Ramiru Perera 10 1 29 1 2.90
Batsmen R B 4s 6s SR
Sineth Jayawardena lbw b Akash Fernando 4 5 1 0 80.00
Ovina Ambanpola c Romesh Mendis b Akash Fernando 5 11 0 0 45.45
Uvindu Weerasekara b Akash Fernando 28 43 2 1 65.12
Dasis Manchanayake b Akash Fernando 57 49 6 0 116.33
Ramiru Perera not out 46 34 3 2 135.29
Sanvidu Senartharachchi not out 11 16 0 0 68.75


Extras 17 (b 11 , lb 0 , nb 2, w 4, pen 0)
Total 168/4 (26 Overs, RR: 6.46)
Bowling O M R W Econ
Nathan Caldera 7 0 28 0 4.00
Akash Fernando 9 0 59 4 6.56
Kavindu Dias 6 0 39 0 6.50
Dinura Gunawardena 3 0 16 0 5.33
Charuka Peiris 1 0 15 0 15.00


Batsmen R B 4s 6s SR
Thishen Ehaliyagoda lbw b Ranuka Malaviarachchi 0 3 0 0 0.00
Dineth Gunawardena c Uvindu Weerasekara b Sandesh Ramanayaka 15 44 1 0 34.09
Romesh Mendis lbw b Bulan Weerathunga 12 20 2 0 60.00
Senadhi Bulankulama c b Nethwin Dharmarathne 13 39 2 0 33.33
Nathan Caldera b Nethwin Dharmarathne 18 40 1 0 45.00
Mahith Perera lbw b Dasis Manchanayake 7 8 1 0 87.50
Senesh Hettiarachchi c Dasis Manchanayake b Sineth Jayawardena 46 87 7 0 52.87
Charuka Peiris b Ramiru Perera 22 86 3 0 25.58
Akash Fernando c Uvindu Weerasekara b Ramiru Perera 0 1 0 0 0.00
Kavindu Dais lbw b Sineth Jayawardena 14 19 3 0 73.68
Abheeth J Paranawidana not out 0 8 0 0 0.00


Extras 14 (b 8 , lb 4 , nb 2, w 0, pen 0)
Total 161/10 (58.5 Overs, RR: 2.74)
Bowling O M R W Econ
Ranuka Malaviarachchi 10 2 34 1 3.40
Bulan Weerathunga 9 4 18 1 2.00
Sandesh Ramanayaka 7 1 24 1 3.43
Sineth Jayawardena 9.5 3 14 2 1.47
Dasis Manchanayake 4 0 9 1 2.25
Nethwin Dharmarathne 10 2 27 2 2.70
Ramiru Perera 9 2 25 2 2.78



මෙම තරගය ඔබට හෙට උදෑසන 09.00 සිට ThePapare.com වෙබ් පිටුවෙන් හෝ ThePapare Cricket ෆේස්බුක් පිටුව හරහා සජීවීව නැරඹීමේ අවස්ථාව ද උදාකර තිබෙනවා. නිල් මහා සටනේ තෙවැනි සහ අවසන් දිනයේ උද්වේගය සමඟ රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<