නිල් මහා සංග්‍රාමයේ පළමු දිනය වර්ෂාවට සේදේ

රාජකීය - සාන්ත තෝමස් නිල් මහා සංග්‍රාමය 2021

172

කොරෝනා වසංගතය නිසාවෙන් අවස්ථා කිහිපයක දී කල් දැමීමට සිදු වූ “142 වැනි රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටන” අද (28) සිට 30 වැනිදා දක්වා කොළඹ SSC පිටියේ දී පැවැත්වේ.

කෙසේ නමුත් එහි ආරම්භක දිනය පුරාවට ඇදහැළුණු වර්ෂාව නිසාවෙන් කාසියේ වාසිය වත් උරගා බැලීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මෙවර මේ නිල් මහා සටන සියලුම සෞඛ්‍ය ආරක්‍ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වෙන නිසාවෙන් කිසිදු ප්‍රේක්ෂකයෙක් හට ක්‍රීඩාංගණයේ සිට තරග නැරඹීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

පසුගිය මාර්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නිල් මහා සංග්‍රාමය සඳහා කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් සූදානම් වී සිටි නමුත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් සංග්‍රාමය කල් දැමීමට සංවිධායකයින්ට සිදු වුනා.

DS සේනානායක සමරු පළිහ වෙනුවෙන් පැවැත්වෙන මේ ඉතිහාසගත ක්‍රිකට් තරගාවලියේ 141 වැනි දිග හැරුම ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, 2019 වසරේ පැවති 140 වැනි නිල් මහා සටන ජයග්‍රහණය කිරීමට සිතර හපුහින්නගේ නායකත්වයෙන් යුත් සාන්ත තෝමස් සංචිතය සමත් වුනා. ඒ අනුව දැනට මේ පලිහ සතුවන්නේ ඔවුන් සතුවයි.

දින 3ක් මුළුල්ලේ (28. 29. 30) කොළඹ සිංහල ක්‍රිකට් සමාජ පිටියේ (SSC) පැවැත්වෙන 142 වැනි නිල් මහා සටන ThePapare.com වෙබ් අඩවිය, ඩයලොග් TV නාලිකා අංක 1 සහ Dialog Viu App හරහා සජීව ලෙස සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටිනවා. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<