සොනාල්, පවන් සහ කොමසාරු පළමු දිනයේම දක්ෂතා අතරට

Major සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලිය 2021/22

208

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (27) පැවති තරගවල දී සොනාල් දිනූෂ සහ පවන් රත්නායක පිතිකරුවන් ලෙස දක්ෂතා දක්වද්දී පන්දු යවන්නන් අතරින් දක්ෂතා දැක්වීමට චානක කොමසාරු සමත් වුනා.

දවසේ වැඩිම ලකුණු ලාභියා වෙමින් CCC කණ්ඩායමේ 20 හැවිරිදි වමත් පිතිකරු සොනාල් දිනූෂ පන්දු 119කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 93ක් රැස්කර ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් වුනා.

ඊට අමතරව එම කණ්ඩායමේ ම 19 හැවිරිදි දකුණත් පිතිකරු පවන් රත්නායක ද පන්දු 69ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 53ක් වාර්තා කළා. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 96ක්. ඔවුන් මේ දක්ෂතාව වාර්තා කළේ සත්කාරක BRC කණ්ඩායමට එරෙහිවයි.

පන්දු යැවීමේ දී Ace Capital ක්‍රිකට් සමාජය නියෝජනය කරන චානක කොමසාරු තම පන්දුවාර 10 ලකුණු 14කට සීමා කරමින් කඩුලු 6ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

ඔහුට අමතරව කළුතර නාගරික සමාජයේ සෙනාල් ද සිල්වා (5/41) සහ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ කවිශ්ක අංජුල (4/37) ද දක්ෂ පන්දු යැවීමක නිරත වූවා.

දිනය අවසාන වන විට සොනාල් සහ පවන්ගේ අර්ධ ශතකවලට අමතරව තවත් අර්ධ ශතක 8ක් වාර්තා වීම කැපී පෙනුණා. ඒ අනුව උමේෂ්  කරුණාරත්න (81*), ක්‍රිශාන් සංජුල (76), තිසර පෙරේරා (60*), අශාන් රන්දික (57), කමේෂ් නිර්මාල් (57), අදීශ නානායක්කාර (55), මධුරංග සොයිසා (55) සහ රොමේෂ් බුද්ධික (54) අර්ධ ශතක ලැයිස්තුවට ඇතුළත් වුනා.

Group A – යුද හමුදා සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ (දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්.

  • ගුවන් හමුදාව – කඩුලු 8ක් දැවී 148 (50): ඩිල්හාන් කුරේ 35, අසන්ත සිංගප්පුලි නොදැවී 41*, Ayan Chandrabose 2/23.
  • යුද හමුදාව – කඩුලු 3ක් දැවී 141 (21): අශාන් රන්දික 57, තිසර පෙරේරා නොදැවී 60*, ලසඳ රුක්මාල් 2/32.

Group B – බදුරලිය සහ Ace Capital ක්‍රිකට් සමාජ (බේරුවල Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

Ace Capital ක්‍රිකට් සමාජයට ලකුණු 123ක ජයක්.

  • Ace Capital – කඩුලු 9ක් දැවී 243 (50): තනුක දාබරේ 34, සංජික රිද්ම 31, උමේෂ් කරුණාරත්න නොදැවී 81*, ජනක් ප්‍රකාශ් 34, අලංකාර අසංක 2/45, බුද්ධික සංජීව 3/71.
  • බදුරලිය – සියලුම දෙනා දැවී 120 (29.1): රනේෂ් පෙරේරා 31, ජීවන් මෙන්ඩිස් 32, චානක කොමසාරු 6/14, ජනක් ප්‍රකාශ් 3/20.

Group B – SSC සහ පොලිස් ක්‍රීඩා සමාජය (NCC)

පොලිස් ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 13ක ජයක්.

  • SSC – කඩුලු 7ක් දැවී 190 (36): ක්‍රිශාන් සංජුල 76, ලහිරු අත්තනායක 25, කවිඳු නදීශාන් 21, නලින් ප්‍රියදර්ශන 2/27.
  • පොලිස් – කඩුලු 4ක් දැවී 137 (25.1): මධුරංග සොයිසා 55, තිලකරත්න සම්පත් 22, කිත්රුවන් විතානගේ නොදැවී 32*.

Group A – නාවික හමුදා සහ කළුතර නාගරික සමාජ (වැලිසර)

කළුතර නාගරික සමාජයට කඩුලු 2ක ජයග්‍රහණයක්.

  • නාවික හමුදාව – සියලුම දෙනා දැවී 160 (42.2): ශාලිත් ප්‍රනාන්දු 20, අනුක් ප්‍රනාන්දු 33, මධුර මධුශංක නොදැවී 37*, අරවින්ද අකුරුගොඩ 24, සෙනාල් ද සිල්වා 5/41.
  • කළුතර – කඩුලු 8ක් දැවී 164 (41.2): විශාර ප්‍රනාන්දු 28, රුසිර මුණසිංහ 20, සෙනාල් ද සිල්වා 28, ඉන්ශක සිරිවර්ධන නොදැවි 31*, අනුක් ප්‍රනාන්දු 3/38, අරවින්ද අකුරුගොඩ 2/23.

Group A – CCC සහ BRC (CCC)

CCC කණ්ඩායමට ලකුණු 76ක ජයග්‍රහණයක්.

  • CCC – කඩුලු 7ක් දැවී 230 (47): රොන් චන්ද්‍රගුප්ත 20, සොනාල් දිනූෂ නොදැවී 93*, පවන් රත්නායක 53, චමිඳු විජේසිංහ 22, තිලාන් තුෂාර 2/62, මළිඳු ෂෙහාන් 2/26.
  • BRC – සියලුම දෙනා දැවී 154 (38.2): Dan Mousley 20, ශෂීන් ප්‍රනාන්දු 35, රමින්ද විජේසූරිය 28, ලහිරු ගමගේ 2/25, මාලින්ද පුෂ්පකුමාර 2/30, සුවත් මෙන්ඩිස් 2/16, චමිඳු විජේසිංහ 2/18.

Group B – Tamil Union සහ සෙබස්තියනයිට්ස් (පී. සරා Oval)

Tamil Unionට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 2ක ජයග්‍රහණයක්.

  • සෙබස්තියනයිට්ස් – සියලුම දෙනා දැවී 186 (42.5): අදීෂ නානායක්කාර 55, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 36, මනෝජ් සරත්චන්ද්‍ර 30, ජෙෆ්රි වැන්ඩර්සේ 3/43, නවෝද් පරණවිතාන 2/26, ප්‍රමෝද් මධුශාන් 2/28.
  • Tamil Union – කඩුලු 4ක් දැවී 149 (37): දමිත් පෙරේරා 45, කමේෂ් නිර්මාල් 57, රවිඳු ප්‍රනාන්දු

Group B – කෝල්ට්ස් සහ ගාල්ල ක්‍රිකට් සමාජ (කෝල්ට්ස්)

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 17ක ජයක්.

  • කෝල්ට්ස් – කඩුලු 6ක් දැවී 226 (50): සංගීත් කුරේ 45, හෂාන් දුමිඳු 23, ඇන්ජලෝ මැතිව්ස් 45, ජෙහාන් ඩැනියෙල් 36, විශාද් රන්දික නොදැවී 28*, රජිත ප්‍රියාන් 2/40.
  • ගාල්ල – කඩුලු 7ක් දැවී 189 (47): ඩිල්ශාන් කාංචන 36, චානක රුවන්සිරි 35, දුලාෂ් උදයංග නොදැවී 36*, රජිත් ප්‍රියාන් නොදැවී 25*, කවිශ්ක අංජුල 4/37.

Group B – සැරසන්ස් සහ හලාවත මේරියන්ස් (කටුනායක MCG)

හලාවත මේරියන්ස්ට ලකුණු 149ක ජයග්‍රහණයක්.

  • මේරියන්ස්; කඩුලු 8ක් දැවී 289 (50): Jay Panday 39, Ameer Zeeshan 39, රොමේෂ් බුද්ධික 54, විශ්ව චතුරංග 30, ප්‍රවීන් සඳමාල් 2/28, සඳුන් මෙන්ඩිස් 2/49, මොහොමඩ් ඩිල්ශාඩ් 2/55.
  • සැරසන්ස් – සියලුම දෙනා දැවී 140 (43.1): නිපුන් කරුණානායක 28,ප්‍රවීන් සඳමාල් 27, රසිඳු ඉෂාන් 23, දසුන් සෙනෙවිරත්න 2/13, ෂෙශාන් සිල්වා 2/20, තික්ෂිල ද සිල්වා 2/30.

මේ අතර Group A කාණ්ඩය නියෝජනය කරමින් පැවති තරග අතරින් සත්කාරක මුවර්ස් සහ ලන්කන් අතර, සත්කාරක කුරුණෑගල යොවුන් සහ මහනුවර Customs ක්‍රීඩා සමාජ අතර සහ Group B කාණ්ඩය නියෝජනය කරමින් සත්කාරක බ්ලූම්ෆීල්ඩ් සහ පානදුර ක්‍රීඩා සමාජ අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දමන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ක්‍රීඩා පිටියේ සිදු වන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<