තමුන් නින්දිත කෙනෙක්; ගේල්ගෙන් සර්වාන්ට දෝස්මුරයක්

384

ක්‍රිස් ගේල් පසුගිය කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කළේ ජැමෙයිකාවේ Tallawahs කණ්ඩායමට ය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක රම්නරේෂ් සර්වාන්ගේ සහය පුහුණුකාරීත්වය සහිත ජැමෙයිකාවේ Tallawahs කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා ක්‍රිස් ගේල් නිදහස් කිරීමට තීරණය කර තිබුණි. 

පසුගිය සඳුදා Youtube හි පුද්ගලික වීඩියෝවක් පලකරමින් ගේල්, Tallawah හි ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් මිලර් සහ හිමිකරු ක්‍රිෂ් පර්සෝඩ්ට දොස් පවරා තිබුණි. ඔවුන් ඔහු සමඟ ක්‍රීඩාවක් කළ බවත්, කණ්ඩායමේ සැලසුම් පිළිබඳව ඔහුව කිසි විටෙකත් දැනුවත් නොකළ බවත් ගේල් පවසා සිටියේය. 

අක්මාල්ගේ දැඩි දඬුවම ගැන ක්‍රිකට් ආයතනය හේතු කියයි

පාකිස්තානය තුල පවතින ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචාවල නවතම ගොදුර බවට පාකිස්තාන ……..

අවසන් මිනිත්තුවේ දී සිදු කරන ලද තීරණයක දී, ගේල් St Lucia Zouks සමඟින් 2020 කැරිබියන් ප්‍රිමියර් ලීග්  සංස්කරණය සඳහා අත්සන් තබන ලදි. Tallawahs (2013-16 සහ 2019) සමඟ ගිවිසුම් දෙකකට පසුව සහ St Kitts and Nevis (2016-17) සමඟ වසර දෙකක කාලයක් රැඳී සිටීමෙන් පසු ගේල් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන තුන්වැනි කණ්ඩායම St Lucia Zouks වනු ඇත.

පසුගිය වසරේ තරගාවලියේ දී, ගේල් Tallawahs සමඟ වසර තුනක ගිවිසුමක් අත්සන් කර ඇති අතර ඔහු 2019 කෙටුම්පතෙහි දී ඔවුන්ගේ මාර්කී ක්‍රීඩකයා ලෙස මිල දී ගෙන ඇත. තම උපන් ප්‍රදේශයේ කණ්ඩායම වන ජැමෙයිකාවේ “නිල ඇඳුමෙන්” සිය වෘත්තීය ජීවිතය අවසන් කිරීමට තමාට සෑමවිටම අවශ්‍ය වූ බව ගේල් පැවසීය. 

නමුත් එම සිහිනය දැන් අවසන් වී ඇති බව පෙනෙන්නට ඇති බවත් ගේල් පැවසීය. මේ සම්බන්ධයෙන් ගේල් මූලිකවම දෝෂාරෝපණය කළේ සර්වාන් වෙතය. එය සර්වාන්ගේ පලිගැනීමේ නින්දිත උපක්‍රමයක් බව ද ඔහු පැවසීය. 

බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්තය වන ක්‍රිස් ගේල් Youtube හි මිනිත්තු 15ක වීඩියෝවක් මගින් මේ බව පවසා තිබුණි. 

40 හැවිරිදි පිතිකරුවෙකු වන ගේල් කැරිබියානු ප්‍රිමියර් ලීග් හි මීළඟ සංස්කරණයට පෙර ජැමෙයිකා Tallawahs විසින් නිදහස් කිරීම සම්බන්ධයෙන් කණ්ඩායමේ සහය පුහුණුකරු සර්වාන්ට දොස් පැවරීමට ගේල් කටයුතු කළේය. 

ජාත්‍යන්තර විස්සයි විස්ස ඉතිහාසයේ ප්‍රමුඛ පෙළේ ලකුණු ලාභියා වන ගේල් පැවසුවේ Tallawahs සමඟ එක්වූ ගිවිසුම සමඟින් ඔහුට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වූ බවයි.

“ඔබ දන්නවා, සර්වාන්, ඔබ කැරීබියානු වැසියන් වඩාත්ම ආදරය කළ පුද්ගලයා නොවේ. ඔබේ රටේ කිසිවෙකු ඔබට ආදරය කරන්නේ නැහැ. ” 

“තමුන් පලිගන්න පුද්ගලයෙක්. තමුන් තාමත් නොමේරූ කෙනෙක්. ඔබ තාම මිනිස්සුන්ට පිහියෙන් අනිනවා.”

ගේල් 2013 සහ 2016 දී කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාව සඳහා Tallawahs කණ්ඩායමට නායකත්වය දුන් අතර St Kitts & Nevis Patriots සමඟ එක් වරක් ක්‍රීඩා කර පසුගිය වසරේ දී නැවත Tallawahs වෙත පැමිණියේය. එහි දී ඔහුගේ දෙවන තරගයේ දී ලකුණු 116ක් රැස් කළ ද ඉන් අනතුරුව ඔහුට ඉනිම් 10ක දී ලබා ගත හැකි වූයේ ලකුණු 243ක් පමණි. Tallawahs කණ්ඩායම අවසාන ස්ථානය ලබා ගනිමින් තරගාවලිය නිමා කළේය. 

ගේල් නිදහස් කිරීමත් සමඟින් අගෝස්තු මාසයේ ආරම්භ වීමට නියමිත මෙම වසරේ තරගාවලිය සඳහා ඔහු St Lucia Zouks වෙනුවෙන් අත්සන් තබා තිබේ.

ගේල් එක්දින තරගවල දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ ලකුණු ලාභියා වන අතර 2016 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් 39 හැවිරිදි සර්වාන් සමඟ ටෙස්ට් 103න් 70ක් ක්‍රීඩා කර තිබේ.

පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියේ සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති ගේල් සර්වාන් ප්‍රබල ලෙස විවේචනය කර තිබුණි. 

“තමුන් හොඳ කෙනෙක් නොවෙයි, නින්දිත කෙනෙක්. තමුන්ට කණ්ඩායමක් නේ අවශ්‍ය, ගන්න. ඒත් ගේල් නැහැ. තමුන් කරලා පෙන්වන්න ඒක.”

ගේල් Tallawahs වෙතින් ඉවත්වීම පිළිබඳව නිකුත් කළ වීඩියෝ පට තුන අතරින් දෙවැන්න මෙම වීඩියෝ පටයයි. මාසයකට පෙර ඔහුව නිදහස් කරන බව කළමනාකාරිත්වය දැන සිටි නමුත් ඔහුට ඒ අවස්ථාවේ එය නොකී බවත් ගේල් පවසා සිටියා.

“ඒක මගේ ක්‍රිකට් ජීවිතයේ හැඟීම්බර අවස්ථාවක්”

නවසීලන්ත නායක කේන් විලියම්සන් පිළිබඳව මුළු මහත් ක්‍රිකට් ලෝකයටම ඇත්තේ ……..

සර්වාන් සමඟ ඇති වූ මෙම ගැටුම වයස් කාණ්ඩ සඳහා ක්‍රිකට් ක්‍රීඩා කරන කාලය දක්වා දිවෙන බව ඔහු පවසා සිටියේය.

“1996 සිට, අපි වෘත්තීමය තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස ආරම්භ වූ අවස්ථාවේ දී ම මේ ගැටුම තිබුණා. අපි බටහිර ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින් විදිහට එකම කාමරයක් බෙදා ගත්තා” යැයි ගේල් පැවසීය.

” මාව බාර්බඩෝස් සිට ගෙදර යැවීමට තමුන් කළමනාකරණ කාර්ය මණ්ඩලයට බලපෑම් කළා. මම තමුන්ට සමාව දුන්නත් මට කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ.” 

“තමුන් කළමනාකරණ කණ්ඩායමට කිව්වා තමුන්ට නිදා ගන්න බැහැ, මොකද ක්‍රිස් ගේල් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නවා කියලා. සෑම කෙනෙකුගේම ඇස් හමුවේ ඔබ ක්‍රියා කරන්නේ සාන්තුවරයෙකු වගේ, ඔබ හොඳ පුද්ගලයෙක් වගේ. ඒත් සර්වාන්, තමුන් නපුරු කෙනෙක්.” 

ගේල්ගේ මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය කීපයක් Tallawahs කණ්ඩායම සම්බන්ධ කරගැනීමට උත්සාහ කර තිබේ. නමුත් මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් නිල වශයෙන් තවමත් ප්‍රතිචාරයක් දක්වා නැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<