Rajasthan Royals වේගපන්දු යවන්නා IPL තරගාවලියෙන් ඉවතට

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2890

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Rajasthan Royals නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක Nathan Coulter-Nile හට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ තරගාවලිය අතරතුර ඇතිවූ ආබාධයක් නිසයි.

තරගාවලියේ Rajasthan Royals සහභාගී වූ පළමු තරගය වූ Sunrisers Hyderabad සමඟ පැවති තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට පැමිණි Nathan Coulter-Nile හට එම පන්දුවාරය සම්පූර්ණ කිරීමට නොහැකි වූ අතර ඔහු පන්දුවාරය අතරතුර දී ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වනු දක්නට ලැබුණා.

එම ආබාධය නිසාවෙන් ඔහුට තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වන බව Rajasthan Royals ප්‍රකාශ කර තිබූ අතර ඔහුගේ ආදේශක ක්‍රීඩකයා කවුරුන් ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

වර්තමානයේ කැපී පෙනෙන දස්කම් අතර සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Coulter-Nile මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකට මිල දී ගැනීමට Rajasthan Royals බලධාරීන් කටයුතු කළා.

Rajasthan Royals පසුගිය තරග වාරයේ මූලික වටය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිට අවසන් කිරීමට සමත් වූ අතර මෙවර තරග වාරයේ ඔවුන් මේ වන විට පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<