Amla හා Kohli පසු කරමින් Azam වාර්තාවකට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පකිස්තාන සංචාරය 2022

1956
Babar Azam

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමකරන්නට පකිස්තානු කණ්ඩායම ඊයේ (31) සමත් වුනා.

ලකුණු 349ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පකිස්තානු කණ්ඩායම එම ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 4ක් පමණක් දැවී තිබිය දී වීම විශේෂත්වයක්. එම ඉලක්කය සඳහන් වූනේ පකිස්තානු කණ්ඩායමක් හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

නායක Babar Azam හා Imam-ul-Haq ශතක වාර්තා කරන්නට සමත් වුනා. මේ තරගයට පෙර පාකිස්තානය, ඕස්ට්‍රේලියාව හමුවේ අඛණ්ඩව තරග 10ක් පරාජය වී තිබීම විශේෂත්වයක්.

Lahore හි Gaddafi ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ දී පාකිස්තාන නායක Babar Azam පන්දු 83ක දී ලකුණු 114ක් රැස් කරන්නට සමත් වුනා. මේ ශතකයත් සමඟ Babar සිය 15 වැනි එක්දින ශතකය රැස් කර ගත්තේ එම සීමාවට ළඟා වූ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වෙමිනුයි. ඔහු සිය ශතක 15 සම්පූර්ණ කරගැනීම සඳහා වැය කර තිබුණේ තරග 83ක් පමණයි.

ඒ අනුව ඔහු පසුකර ගියේ Hashim Amla තරග 86ක දී ශතක 15ක් රැස්කරමින් පිහිටුවා තිබුණු වාර්තාවයි.

ශතක 15 සීමාවට ළඟා වූ වේගවත්ම ක්‍රීඩකයින්

  1. Babar Azam (පාකිස්තානය) – ඉනිම් 83
  2. Hashim Amla (දකුණු අප්‍රිකාව) – ඉනිම් 86
  3. Virat Kohli (ඉන්දියාව) – ඉනිම් 106
  4. David Warner (ඕස්ට්‍රේලියාව) – ඉනිම් 108
  5. Shikhar Dhawan (ඉන්දියාව) – ඉනිම් 108

ඕස්ට්‍රේලියාව සමඟ පළමු තරගයේ දී Babarගේ ප්‍රහාරක වේගය විචාරකයින්ගේ විවේචනයට ලක්වූ අතර එම තරගය පාකිස්තානය පරාජය වුනේ ලකුණු 88කිනුයි. කෙසේ වෙතත් මේ තරගයේ දී Babar සිය ශතකය සඳහා රැස් කළේ පන්දු 71ක් පමණයි.

පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය එළඹෙන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<