Red Bull විශ්ව විද්‍යාලයීය ශ්‍රී ලංකා සටන උණුසුම්ව ඇරඹේ

Red Bull Campus Cricket Tournament 2021

657
Red Bull Campus Cricket Tournament 2021

2021 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදියර අද (11) කොළඹ දී ආරම්භ වුනු අතර එහි දී CCC, SLIM, Imperial සහ Esoft යන කණ්ඩායම් ජයග්‍රහණ දිනා ගනිමින් අර්ධ අවසන් වටයේ සිය අසුන් වෙන් කර ගන්නා ලදි.

මේ තරග හතර කොළඹ BRC ක්‍රිකට් පිටියේ දී සහ තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවැත්වුණු අතර දිනයේ උණුසුම් තරගය ලෙසින් නිමාව දුටුවේ තර්ස්ටන් පිටියේ පැවති Australian College of Business Technology සහ Imperial College of Business Studies තරගයයි. එම තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට Imperial College of Business Studies කණ්ඩායම සමත් වුනා.

පිතිකරණ දස්කම් සලක බැලීමේ දී තරගාවලියේ ආරම්භක දිනය වූ අද දිනයේ දී රවිඳු සෙම්බුකුට්ටිගේ (ESOFT), තෙවිඳු සේනාරත්න (SLIM), සවාන් ප්‍රභාෂ් (ACBT) යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගත්තා. පන්දු යැවීමේ දී දිනය පුරාවට කඩුලු 53ක් බිඳ වැටුණු අතර ඉන් වැඩිම කඩුලු ප්‍රමාණයක් සඳහා හිමිකම් කීවේ නවෝද් පරණවිතාන (CCC), චමෝද්‍ය රාජපක්ෂ (CCC) සහ සජිත් මදුරංග (ESOF) යන ක්‍රීඩකයින් වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

එසේම දිනයේ කැපී පෙනෙන කණ්ඩායම් දස්කම් පෙන්නුම් කළ CCC (Central Campus Colombo) කණ්ඩායම චමිඳු වික්‍රමසිංහගේ වැඩ බලන් නායකත්වය යටතේ යමින් ඔවුන් වෙත ලැබුණු ලකුණු 75 ඉලක්කය පන්දු 40ක් තුල සපුරා ගැනීමට සමත් වුනා. එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය වුනු නවෝද් සහ කඩුලු රකින පිතිකරු කවිඳු මදරසිංහ පළමු පන්දුවාරයේ දීම ලකුණු 27ක් ලබා ගනිමින් සිය ප්‍රහාරය දියත් කිරීම ආරම්භ කළා.

Royal Institute of Colombo සහ Central Campus Colombo

Royal Institute of Colombo – 74 (15.3): ටශාන් පෙරේරා 18, නවෝද් පරණවිතාන 3/05, චමෝද්‍ය රාජපක්ෂ 3/24, නිපුන් මාලිංග 2/15

Central Campus Colombo 76/2 (6.4): මනීෂ රූපසිංහ 19*, හේෂාන් දනුෂ්ක 16*, නවෝද් පරණවිතාන 16

CENTRAL CAMPUS COLOMBO කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Esoft Metro Campus සහ Sri Lanka Technological Campus

Sri Lanka Technological Campus 98 (18.5): D M D S දසනායක 31, M K S ද සිල්වා 23, සජිත් මදුරංග 3/12, සදීෂ් පතිරගේ 2/08

Esoft Metro Campus 99/4 (14.3): රවිඳු සෙම්බුකුට්ටිගේ 69*, A A D C කරුණානන්ද 3/09

ESOFT METRO CAMPUS කණ්ඩායමට කඩුලු 6ක ජයක්

Australian College of Business Technology සහ Imperial College of Business Studies

Imperial College of Business Studies 156 (20): රෙවාන් කෙලී 46, තරිඳු රොෂාන් 28, සවාන් ප්‍රභාෂ් 2/19, T පෙරේරා 2/22

Australian College of Business & Technology 145/6 (19): සවාන් ප්‍රභාෂ් 62, කෙවින් පෙරේරා 45, මල්ෂාන් කවිෂ්ක 2/21, අයේෂ් හර්ෂණ 2/25

IMPERIAL COLLEGE OF BUSINESS කණ්ඩායමට එක් ලකුණක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස්)

Sri Lanka Institute of Marketing සහ Icon Business School

Sri Lanka Institute of Marketing 186/7 (20): තෙවිඳු සේනාරත්න 54, කසුන් උක්ගල්පාය 30, රොමේෂ් සුරංග 2/29, ශම්සුල් මුනීර් 2/36

Icon Business School 52/4 (6): සසිරි අධිකාරි 24, නිමේෂ් තරිඳු 2/23

SRI LANKA INSTITUTE OF MARKETING කණ්ඩායමට ලකුණු 12ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<