දිල්හාන්, මහේල සහ හශාන් පිතිකරණයෙන් පිටිය වර්ණවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

199
SLC Major Club T20 2021

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (07) කොළඹ නගරයේ ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා.

ශනුක දුලාජ් (55) සහ අනුක් ප්‍රනාන්දුගේ 46* පිතිකරණයත්, සචින්ත පීරිස් (3/28) සහ චමීර දිසානායකගේ (2/16) පන්දු යැවීමත් නිසාවෙන් Kandy Customs ක්‍රීඩකයන් ලකුණු 39කින් පරාජය කිරීමට BRC ක්‍රීඩකයන් සමත් වුනා.

දිල්හාන් කුරේගේ අගනා අර්ධ ශතකය (73) සහ පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන දස්කම් නිසාවෙන් Ace Capital කණ්ඩායම ලකුණු 39කින් පරාජය කිරීමට Bloomfield ක්‍රීඩකයන්ට හැකි වුනා.

හෂාන් දුමින්දගේ (62) පිතිකරණ දස්කම් සහ හෂේන් රාමනායකගේ පන්දු යැවීමේ දස්කම් (3/26) නිසාවෙන් Sebastianites CC ක්‍රීඩකයන් පරදවා ලකුණු 11ක තියුණු ජයක් ලබා ගැනීමට Saracens ක්‍රීඩකයන් සමත් වුනා.

රනිත් ලියනආරච්චි (4/17) සහ ඩිලේෂ් ගුණරත්නගේ (3/12) පන්දු යැවීමත් මහේල උඩවත්තගේ (68*) අර්ධ ශතකයත් නිසාවෙන් Chilaw Marians කණ්ඩායම පරදවා කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට Moors ක්‍රීඩකයන් සමත් වුනා.

බුද්ධික සංජීව (3/15) සහ නිමන්ද මධුශංකගේ (3/26) අගනා පන්දු යැවීම නිසාවෙන් Negambo ක්‍රීඩකයන් පරදවා ලකුණු 48ක ජයක් ලබා ගැනීමට බදුරලිය ක්‍රීඩකයන් සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ එකිනෙකට නොදෙවෙනි දස්කම් නිසාවෙන් ගුවන් හමුදා ක්‍රීඩකයන් පරදවා පහසු ජයක් ලැබීමට NCC ක්‍රීඩකයන් සමත් වුනා.

රාගම කණ්ඩායම ලකුණු 42කින් පරාජය කරමින් තරගාවලියේ මුල්ම ජයග්‍රහණය ලැබීමට Panadura ක්‍රීඩකයන් සමත් වුනා.

හිමේෂ් රත්නායකගේ (3/16) පන්දු යැවීමටත් නුවනිඳු ප්‍රනාන්දු (39) සහ චරිත් අසලංකගේ (37*) පිතිකරණයත් නිසාවෙන් Kurunagala Youth ක්‍රීඩකයන් පරදවා කඩුලු 7ක පහසු ජයක් ලැබීමට SSC ක්‍රීඩකයන් සමත් වුනා.

දිනයේ කෙටි ලකුණු සටහන,

Group – A

  • Venue – SSC Ground, Colombo
  • Toss – BRC

Burgher Recreation Club – 169/9 (20) – ශනුක දුලාජ් 55, අනුක් ප්‍රනාන්දු 46*, ලියෝ ෆැන්සිස් 26, ශෙහාන් වීරසිංහ 2/33, ඉසිත විජයසුන්දර 2/52

Kandy Customs Sports Club – 130/9 (20) – ශෙහාන් වීරසිංහ 45, විශ්ව විජයරත්න 39, සචින්ත පීරිස් 3/28, චමීර දිසානායක 2/16, ළහිරු සමරකෝන් 2/33

BRC කණ්ඩායමට ලකුණු 39ක ජයක් 

Group – B

  • Venue – P Sara Oval, Colombo
  • Toss – Ace Capital CC

Bloomfield Cricket Club – 127/6 (20) – දිල්හාන්කුරේ 73, පසිඳු මාධව 3/07, අදීශ නානායක්කාර 2/29

Ace Capital Cricket Club – 88/8 (20) – ශෂරික පුස්සේගොල්ල 23, නවෝද්‍ය ඉමේෂ් 20, මිශේන් සිල්වා 2/05, ගයාන් සිරිසෝම 2/19, දේශාන් ප්‍රනාන්දු 2/20

Bloomfield කණ්ඩායමට ලකුණු 39ක ජයක් 

Group – C

  • Venue – Colts Ground, Colombo
  • Toss – Moors SC

Chilaw Marians Cricket Club – 96 (20) – පුලින තරංග 36, රනිත ලියනආරච්චි 4/27, ඩිලේෂ් ගුණරත්න 3/12, අදීශ තිලන්චන 2/14

Moors Sports Club 97/3 (14.2) – මහේල උඩවත්ත 68*, අවින්දු තීක්ෂණ 2/23

Moors කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

Group – D

  • Venue – NCC Ground, Colombo
  • Toss – Sebastianites CC

Saracens Sports Club – 161/5 (20) – හෂාන් දුමින්ද 62, චරිත කුමාරසිංහ 35, තවීෂ කහදුවරආරච්චි 31, චතුර රන්දුනු 2/16, මනික්ලර් ද සිල්වා 2/35

Sebastianites CC – 150/8 (20) – සචිත් ජයතිලක 63*, සමීන් කන්දනආරච්චි 42, සචා ද අල්විස් 29, හෂාන් රාමනායක 3/26, මාලිංග අමරසේකර 2/14

Saracens කණ්ඩායමට ලකුණු 11ක ජයක් 

Group – A

  • Venue – SSC Ground, Colombo
  • Toss – TBA

Badureliya Cricket Club – 156/8 (20) -ගමින්දු කනිෂ්ක 38*, සදුන් වීරක්කොඩි 35, යසෝද ලංකා 33, තිලකරත්න සම්පත් 23, නිසල තාරක 2/26, රොශාන් ප්‍රනාන්දු 2/36

Negambo Cricket Club – 108/10 (18.5) – ඩිල්ෂාන් මුණවීර 27, බුද්ධික සංජීව 3/15, නිමන්ද සුබසිංහ 3/26, අලංකාර අසන්ක සිල්වා 2/25

බදුරලිය කණ්ඩායමට ලකුණු 48ක ජයක් 

Group – B

  • Venue – P Sara Oval, Colombo
  • Toss – NCC

Nondescripts Cricket Club – 170/5 (20) – ඇන්ජලෝ පෙරේරා 45, සහන් ආරච්චිගේ 44*, චතුරංග ද සිල්වා 41, ළහිරු උදාර 23, සංජය රණවීර 2/21

Air Force Sports Club – 90/10 (16.4) – සමීර ද සොයිසා 25, උදයවංශ පරාක්‍රම 22, තිවංක කැකුලුවලගේ 2/04, සහන් ආරච්චිගේ 2/17, අශේන් ඩැනියල් 2/20 

NCC කණ්ඩායමට ලකුණු 80ක ජයක් 

Group – C

  • Venue – Colts Ground, Colombo
  • Toss – KYCC

Kurunagala Youth Cricket Club – 127/6 (20) – රවින්ද්‍ර කරුණාරත්න 56, රංදීර රණසිංහ 38*, හිමේෂ් රාමනායක 3/16, ජෙෆ්රි වැන්ඩසේ 2/21

Sinhalese Sports Club – 128/3 (14.5) – නුවනිදු ප්‍රනාන්දු 39, චරිත් අසලංක 37*, නිපුන් ධනංජය 28

SSC කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

Group – D

  • Venue – NCC Ground, Colombo
  • Toss – Ragama CC

Panadura Cricket Club – 130/7 (20) – නිමේෂ් විමුක්ති 33*, අරුණ ධර්මසේන 22, හෂාන් චාමර 20, ජානක සම්පත් 2/08, අමිල අපෝන්සු 2/19, ඉශාන් ජයරත්න 2/35

Ragama Cricket Club – 88/10 (16.2) – ඉශාන් ජයරත්න 29, චතුර පීරිස් 2/12, ශනුක මධුශාන් 2/14, යොමේෂ් රණසිංහ 2/18, චරිත් ජයම්පති 2/22

Panadura කණ්ඩායමට ලකුණු 42ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<