ධනංජය ලක්ෂාන් අර්ධ ශතකයකට; අසේලගෙන් තුන් ඉරියව් දස්කම්

175

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (07) කොළඹ සහ කටුනායක ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා.

මලින්ද පුෂ්පකුමාරගේ (4/09) සුපිරි පන්දු යැවීම සහ ලසිත් අබේරත්නගේ (53) අගනා අර්ධ ශතකය නිසාවෙන් Kandy Customs කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් ලබා ගැනීමට CCC ක්‍රීඩකයන් සමත් වුනා.

නැගී එන යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ගේ අර්ධ ශතකයත් (63), සාරංග රාජගුරුගේ පන්දු යැවීමත් (3/22) නිසා Bloomfield ක්‍රීඩකයන් පරදා ලකුණු 20ක ජයක් ලබා ගැනීමට Colts ක්‍රීඩකයන් සමත් වුනා.

නායක තික්ෂිල ද සිල්වාගේ පිතිකරණයත් (54), පුලින තරංගගේ පන්දු යැවීමත් නිසාවෙන් (3/23) පොලිස් ක්‍රීඩා සමාජය පරදා ලකුණු 34ක ජයක් ලබා ගැනීමට Chilaw Marians ක්‍රීඩකයන් සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

අසේල ගුණරත්නගේ තුන් ඉරියව් දස්කම් (2/22 & 58*) නිසාවෙන් Sebastianites ක්‍රීඩකයන් පරදා කඩුලු 7ක ජයක් ලබා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වුනා.

සවස් රුවේ ක්‍රීඩාංගණවල ඇද වැටුණු වැසි සහිත අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් BRC සහ Nugegoda SWC අතර තරගය සහ Saracens සහ නාවික හමුදා කණ්ඩායම අතර තරගය විසඳුමක් රහිතව අවසන් කිරීමට සිදු වුනා.

දිනයේ කෙටි ලකුණු සටහන,

Group – A

  • Venue – SSC Ground, Colombo
  • Toss – TBA

Kandy Customs Sports Club – 91 (18.4) – විශ්ව විජයරත්න 36, මලින්ද පුෂ්පකුමාර 4/09, ළහිරු මධුශංක 3/25

Colombo Cricket Club – 92/6 (15.3) – ලසිත අබේරත්න 53, සචිත්‍ර පෙරේරා 3/13, ඉසිත විජයසුන්දර 3/24

CCC කණ්ඩායමට කඩුලු 4ක ජයක් 

Group – B

  • Venue – CCC Ground, Colombo
  • Toss – Colts CC

Colombo Colts Cricket Club – 146/8 (20) – ධනංජය ලක්ෂාන් 63, සංගීත් කුරේ 33, දිලීප ජයලත් 2/15, මදුෂාන් රවින්ද්‍රකුමාර් 2/31

Bloomfield Cricket Club – 126/6 (20) – සචින් ජයවර්ධන 32, හර්ෂ විතාන 25, සාරංග රාජගුරු 3/22

Colts කණ්ඩායමට ලකුණු 20ක ජයක් 

Group – C

  • Venue – Colts Ground, Colombo
  • Toss – Police SC

Chilaw Marians Cricket Club – 164/7 (20) – තික්ෂිල ද සිල්වා 54, රුමේෂ් බුද්ධික 36, ලසිත් කෲස්පුල්ලේ 29, කසුන් විදුර 29, මලිත් ද සිල්වා 3/22, ඩනල් හේමන්ද 2/35

Police Sports Club – 130/8 (20) – සුජාන් මයුර 29, දුලාෂ් උදයංග 25, පුලින තරංග 3/23, රවීන් යසස් 2/17, අවිදු තීක්ෂණ 2/28

Chilaw Marians කණ්ඩායමට ලකුණු 34ක ජයක් 

Group – D

  • Venue – Marians Cricket Ground, Katunayaka
  • Toss – Army CC

Sebastianites Cricket Club – 141/4 (20) – සමීන් කන්දරආරච්චි 55, සචිත ජයතිලක 26*, මනිල්ක ද සිල්වා 23, අසේල ගුණරත්න 2/22

Army Cricket Club – 143/3 (16.3) – අසේල ගුණරත්න 58*, හිමාෂ ලියනගේ 51*, චරිත් රාජපක්ෂ 2/15

යුද හමුදා කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

Group – A

  • Venue – SSC Ground, Colombo
  • Toss – Nugegoda SWC

Nugegoda SWC – 164/7 (18.4) – ප්‍රමුද් හෙට්ටිවත්තගේ 66, ළහිරු සමරකෝන් 3/24, බානුක රාජපක්ෂ 3/26

Burger Recreation Club – DNB 

තරගය ප්‍රතිඵලයක් රහිතයි 

Group – D

  • Venue – Marians Cricket Ground, Katunayaka
  • Toss – Saracens SC

Saracens Sports Club – 132/7 (19) – ප්‍රමෝද් මධුවන්ත 23, නවිදු විතානගේ 22, බුද්ධික මදුෂාන් 3/24, ඩිලන්ක 2/21, චානක රුවන්සිරි 2/37

Navy Sports Club – DNB 

තරගය ප්‍රතිඵලයක් රහිතයි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<