කැන්ගරුවන්ට ලෝක ටෙස්ට් ශූරතාවය අහිමි වුනේ මෙහෙමයි

782
(sports star)

අඩු පන්දුවාර වේගය නිසා අහිමි වූ ලෝක ටෙස්ට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු හේතුකොටගෙන ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය අහිමි වුනා මේ පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු Justin Langer පවසා සිටියේ ඔස්ට්‍රේලියාව ඉන්දියාවට එරෙහිව මෙල්බර්න් තරගයේ දී ඉතා නොසැලකිලිමත්ව මන්දගාමීව ක්‍රීඩා කළ බවයි.

නියමිත කාලයේ දී පන්දුවාර දෙකක් අඩුවෙන් යවා තිබීම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ලෝක ටෙස්ට් ශූරතා ලකුණු හතරක් අහිමි වුනා.

ඉන්දියාව හමුවේ එංගලන්තය 3-1ක් ලෙස පරාජය වීමත් සමඟ ඉන්දියාවට ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයේ අසුනක් වෙන් වුනා. ඉන්දියාව, නවසීලන්තය සමඟ එළඹෙන ජුනි  මාසයේ දී ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි. අඩු පන්දුවාර වේග නිසා අහිමි වූ ප්‍රසාද ලකුණු නොවන්නට නවසීලන්තය වෙනුවට ඕස්ට්‍රේලියාවට අවසන් මහා තරගය ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබුණා.

මේක මහා මෝඩ කතාවක් වෙන්න පුළුවන්, අපේ කළමනාකරු Gavin Dovey, ඔහු නත්තල් නිවාඩුව ලබාගෙන සිය නිවෙස බලා ගිහින් හිටියා, Langer මාධ්‍ය වෙත පවසා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

තරග අවසන් වුනාට පස්සේ තමයි අපි දැනගත්තේ පන්දුවාර වේගය අඩුයි කියලා. අපි හරිම නොසැලකිලිමත්ව මන්දගාමීව කටයුතු කළා.

ඕස්ට්‍රේලියාව නවසීලන්තයට වඩා ලකුණු 0.3ක ප්‍රතිශතයක් ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ඉදිරියෙන් සිටියා. කෙසේ වෙතත්  අප්‍රිකාවේ Covid-19 ව්‍යාප්තිය දරුණු බව පවසමින් නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරය ද මඟ හැරියා.

මම තරගයෙන් පසුව නායක Tim Paine හා දත්ත විශ්ලේෂක Dene Hills සමඟ කතා කළා. මට ටිකක් තරහ ගිහින් හිටියේ.  අපිට මේක නිසා ලෝක ටෙස්ට් ශූරතාවය අහිමි වුනොත් කියලා මට ඒ වෙලාවේ නිකමට හිතුණා.

මම ක්‍රීඩකයින්ට කිව්වා මේ යවන්නට නොහැකි වුණු පන්දුවාර දෙක නිසා අපිට ලෝක ටෙස්ට් ශූරතාවය අහිමි වෙන්න පුළුවන්, ඒ නිසා අපි මේ වගේ දෙයක් සිඩ්නි හෝ බ්‍රිස්බේන් හිදී වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ කියලා.

මේක හරිම කණගාටුදායකයි, මේකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම තමයි අපිට පාලනය කරන්න පුළුවන් දේවල් අපි පාලනය කරන්න ඕනේ. ටෙස්ට් තරගවල දී අපිට විනාඩියක්වත් විවේක ගන්න බැහැ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවේ දී පැවැත්වෙන බැවින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තෝරද්දී IPL තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දක්වන දස්කම් සැලකිල්ලට ගන්නා බව ද Langer පවසා සිටියා.

අපේ ක්‍රීඩකයින්ට දස්කම් දක්වන්නට තිබෙන හොඳ අවස්ථාවක් මේක. ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට භාවිතා වන තත්ව වලමයි සෙල්ලම් කරන්නේ.

IPL තරගාවලියේ අප්‍රේල් 9 වැනිදා සිට මැයි 30 වැනිදා දක්වා ඉන්දියාව පුරා ක්‍රීඩාංගණ හයක දී පැවැත්වීමට නියමිතයි.

Times of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<