Home Sinhala තරගයේ වාසිය කෙසේ වෙතත් දෙවන ඉනිමේ වාසිය ශ්‍රී ලංකාවට

තරගයේ වාසිය කෙසේ වෙතත් දෙවන ඉනිමේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

402

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසිය දකුණු අප්‍රිකානුවන් සතු වුවත්, එහි දෙවන දිනය වූ අද (4) දිනයේ වැඩි ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. 

තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටින්නේ දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 5ක් ඉදිරියෙන් සිටිමිනි.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් ලෙස Johannesburg හිදී පැවැත්වෙන මේ තරගයේ අද දිනය ආරම්භ වන විට දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් ලබාගනිමින් ඉතාමත් ප්‍රබල තැනක පසුවිය. 

නමුත් දෙවන දිනයේ පළමු පැය 3-4ක කාලය තුල දකුණු අප්‍රිකානු පළමු ඉනිමට තිත තැබීමට වමතින් වේගපන්දු විශ්ව ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකාව සමත් වූයේ දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 302කට සීමා කරමින්.

තවත් ක්‍රිකට් පුවත්:

Dean Elgar සහ Rassie van der Dussen අතරේ දෙවන කඩුල්ල සඳහා ගොඩනැංවුණු ලකුණු 184 සබඳතාවය දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙදෙනෙක් දෙවන කඩුල්ල සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා පොත් අතරට එකතු විය. 

ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් ගොඩනැංවුණු එම සබඳතාවය නිමාවට පත්වූයේ දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලකුණු 127ක් ලබා සිටි Elgar දැවී ගිය නිසාවෙනි. ඔහුගේ එම ශතක ඉනිම සඳහා 4 පහර 22ක් ඇතුළත් වූ අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 13 වැනි ටෙස්ට් ශතකය විය. Elgarගේ දැවී යාමත් සමඟම ලකුණු 67ක් ලබා සිටි van der Dussenගේ කඩුල්ල ද දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණි.

තරගයේ පළමු දිනයේ අවසන් හෝරා කිහිපයේ දී පන්දුව පතිත කළ ස්ථානවලට වඩා වැඩි විශ්වාසයකින් යුතුව ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හොඳ line සහ lengthවල පන්දුව පතිත කරමින් තණතීරුවෙන් ලැබෙන සහය උපරිම ලෙස ප්‍රයෝජනයට ලබා ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු 218/2ක් ලෙස සටහන්ව තිබූ දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 84ක් තුල දවා ගැනීමට හැකියාව ලැබුණි. 

ඒ අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශතකයක් ලබා ගත් Faf du Plessis, නායක Quinton de Kock සහ Temba Bavuma යන ප්‍රබල පිතිකරුවන් තිදෙනාගේ ද කඩුලු ඇතුළත් විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම දස්කම් දැක්වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 101කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. එසේම දකුණු අප්‍රිකාවේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් දැනට දවා ගත් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණය සඳහා හිමිකම් කියන විශ්ව චමින්ද වාස්, ලහිරු කුමාර, සුරංග ලක්මාල් සහ දිල්හාර ප්‍රනාන්දු අභිබවා යමින් එහි පළමු තැන දිනා ගත්තේ තරග 4ක් තුල කඩුලු 20*ක් දවා ගනිමිනි.

Vishwa Fernando loves bowling in South Africa #SAvSL
101/5 – Johannesburg
62/4 – Durban
71/4 – Durban
62/3 – Port Elizabeth
More Info ⏩ http://bit.ly/SLTourOfSA2020

Posted by ThePapare Cricket on Monday, January 4, 2021

ලකුණු 145ක පළමු ඉනිමේ අවාසියක් ඇතිව සිය පිළිතුරු දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දීමට පළමු ඉනිමේ දී සටන්කාමි ලකුණු 60ක් ලබා ගත් කුසල් පෙරේරා හට අද අවස්ථාවක් ලැබුණේ නැත. 

කෙසේ නමුත් නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න එක්ව දෙවන කඩුල්ල සඳහා පන්දු 125ක් තුල ලකුණු 85ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් රැගෙන එන ලදි.

කෙසේ නමුත් දකුණතින් වේගපන්දු යවන Lungi Ngidi ක්‍රියාත්මක කළ 22 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවෙන් බේරීමට තිරිමාන්න හට නොහැකි වූයේ පා ඉන්නෙන් පිටතට ඇදී ගිය පන්දුව Leg Glance කිරීමට ගොස් ඔහුගේ අත් ආවරණයේ වැදී කඩුලු රකින්නා වෙත ඇදී ගිය නිසයි.

අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් නැවත වතාවක් ලකුණු නොලබා දැවී යාම නිසාවෙන් ශ්‍රී ලංකා ලකුණු සටහන එක් වරම යම් පීඩනයක් සඳහා හසුවිය. මෙන්ඩිස්ගේ අවසන් ටෙස්ට් ඉනිම තුනම තුල දී ම ලකුණු ලබා ගැනීමට ඔහු අපොහොසත් වූ අතර නොකඩවා ලකුණු නොලබා දැවී යාම් තුනක් සටහන් වූයේ මෙන්ඩිස්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු වතාවටයි. 

සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන මිනෝද් භානුක හට දෙවන ඉනිම තුල ද සාර්ථක වීමට නොහැකි වීමත් සමඟම පළමු ඉනිමේ දී මෙන් ශ්‍රී ලංකා මැදපෙළ කඩාවැටුණු නමුත් අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල නායක දිමුත් සමඟ දෙවන දිනයේ අවසානය දක්වා 5 වැනි කඩුල්ලේ සබඳතාවය රැකගන්නා ලදි.

තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබාගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 5ක් පෙරමුණේ සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දිමුත් 4 පහර 17ක් සමඟින් ලකුණු 91*ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වන විට, අනෙක් අන්තයේ සිටින දික්වැල්ල ලකුණු 18*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින්නේ 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 41*ක සබඳතාවයක් ගොඩනංවමිනි.

Result


South Africa
302/10 (75.4) & 67/0 (13.2)

Sri Lanka
157/10 (40.3) & 211/10 (56.5)

Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Quinton de Kock b Anrich Nortje 2 32 0 0 6.25
Kusal Perera c Aiden Markram b Wiaan Mulder 60 67 11 0 89.55
Lahiru Thirimanne c Faf du Plessis b Wiaan Mulder 17 30 3 0 56.67
Kusal Mendis c Rassie van der Dussen b Wiaan Mulder 0 4 0 0 0.00
Minod Bhanuka c Rassie van der Dussen b Anrich Nortje 5 10 1 0 50.00
Niroshan Dickwella c Quinton de Kock b Anrich Nortje 7 10 1 0 70.00
Dasun Shanaka c Quinton de Kock b Anrich Nortje 4 17 0 0 23.53
Wanindu Hasaranga c Quinton de Kock b Lutho Sipamla 29 27 5 0 107.41
Dushmantha Chameera c Quinton de Kock b Anrich Nortje 22 29 4 0 75.86
Vishwa Fernando not out 2 11 0 0 18.18
Asitha Fernando b Anrich Nortje 4 6 1 0 66.67


Extras 5 (b 0 , lb 5 , nb 0, w 0, pen 0)
Total 157/10 (40.3 Overs, RR: 3.88)
Bowling O M R W Econ
Lungi Ngidi 10 3 44 0 4.40
Anrich Nortje 14.3 1 56 6 3.92
Lutho Sipamla 9 3 27 1 3.00
Wiaan Mulder 7 3 25 3 3.57
Batsmen R B 4s 6s SR
Dean Elgar c Lahiru Thirimanne b Dushmantha Chameera 127 163 22 0 77.91
Aiden Markram c Kusal Mendis b Asitha Fernando 5 21 0 0 23.81
Rassie van der Dussen c Niroshan Dickwella b Dasun Shanaka 67 127 12 0 52.76
Quinton de Kock c Kusal Mendis b Vishwa Fernando 10 20 1 0 50.00
Faf du Plessis c Niroshan Dickwella b Dasun Shanaka 8 15 1 0 53.33
Temba Bavuma lbw b Vishwa Fernando 19 30 3 1 63.33
Wiaan Mulder lbw b Vishwa Fernando 7 17 1 0 41.18
Keshav Maharaj c Niroshan Dickwella b Asitha Fernando 2 8 0 0 25.00
Anrich Nortje c Kusal Mendis b Vishwa Fernando 13 16 2 0 81.25
Lutho Sipamla c Dasun Shanaka b Vishwa Fernando 5 19 1 0 26.32
Lungi Ngidi not out 14 18 3 0 77.78


Extras 25 (b 8 , lb 14 , nb 0, w 3, pen 0)
Total 302/10 (75.4 Overs, RR: 3.99)
Bowling O M R W Econ
Vishwa Fernando 23.4 0 101 5 4.32
Asitha Fernando 19 5 61 2 3.21
Dushmantha Chameera 14 1 53 1 3.79
Dasun Shanaka 15 4 42 2 2.80
Wanindu Hasaranga 4 0 23 0 5.75
Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c Wiaan Mulder b Anrich Nortje 103 128 19 0 80.47
Kusal Perera b Lungi Ngidi 1 7 0 0 14.29
Lahiru Thirimanne c Quinton de Kock b Lungi Ngidi 31 57 7 0 54.39
Kusal Mendis c Quinton de Kock b Lungi Ngidi 0 1 0 0 0.00
Minod Bhanuka c Keshav Maharaj b Anrich Nortje 1 7 0 0 14.29
Niroshan Dickwella c Temba Bavuma b Lungi Ngidi 36 68 6 0 52.94
Dasun Shanaka c Lutho Sipamla b Wiaan Mulder 8 24 1 0 33.33
Wanindu Hasaranga b Lutho Sipamla 16 32 2 0 50.00
Dushmantha Chameera c Quinton de Kock b Lutho Sipamla 0 10 0 0 0.00
Vishwa Fernando not out 1 7 0 0 14.29
Asitha Fernando b Lutho Sipamla 0 2 0 0 0.00


Extras 14 (b 9 , lb 2 , nb 2, w 1, pen 0)
Total 211/10 (56.5 Overs, RR: 3.71)
Bowling O M R W Econ
Lungi Ngidi 15 5 44 4 2.93
Anrich Nortje 19 2 64 2 3.37
Wiaan Mulder 13 3 52 1 4.00
Lutho Sipamla 9.5 1 39 3 4.11


Batsmen R B 4s 6s SR
Dean Elgar not out 31 27 5 0 114.81
Aiden Markram not out 36 53 4 0 67.92


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 67/0 (13.2 Overs, RR: 5.03)
Bowling O M R W Econ
Vishwa Fernando 4 0 23 0 5.75
Asitha Fernando 4 1 20 0 5.00
Wanindu Hasaranga 2.2 0 16 0 7.27
Dasun Shanaka 3 1 8 0 2.67



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<