ඇෆ්ගනිස්ථාන සුපිරි ක්‍රීඩකයා නැවතත් සංචිතයට

ඇෆ්ගනිස්ථාන සුපිරි ක්‍රීඩකයා නැවතත් සංචිතයට

851
Rashid Khan

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට Rashid Khan ඇතුළත් කර තිබෙනවා.  

මීට පෙර බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් තරගය සඳහා ඔහු ක්‍රීඩා නොකළ අතර එම තරගයෙන් ලකුණු 546ක අති දැවැන්ත පරාජයක් උරුම කර ගැනීමට ඔවුන්ට සිදු වුනා. 

ඔහුගේ මෙම නැවත පැමිණීම ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශාල වාසියක් වන අතර ඔහුට යම් විවේකයක් ලබා දීමේ අරමුණින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ටෙස්ට් තරගයේ දී ඔහුව විවේක ගැන්වීමට කටයුතු කළා. 

ඔහු මේ වන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කළ තිබූ අතර තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ තණතීරුව පරීක්ෂා කිරීමට ඔහු ඉල්ලා සිටියත්, එයට අවසර ලැබී නැහැ.  

අපිට තණතීරුව වසා තිබෙන කවරය ඉවත් කිරීමට නොහැකි බව ඔහුට ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහු එය ඉතා සුහදශීලීව එය පිළිගත්තා,” යැයි ක්‍රීඩාංගණ නිලධාරියෙකු ප්‍රකාශ කළා.  

ඔහු පැයකට අධික කාලයක් පන්දු යවමින් පුහුණුවීම් කටයුතු සිදු කරන අයුරු දැක ගැනීමට ලැබී තිබෙන අතර ඔහුගේ නැවත පැමිණීම ගැන ඇෆ්ගනිස්ථාන නායක Hashmatullah Shahidi සිය සතුට පල කර තිබුණා.  

“ඇත්ත වශයෙන්ම ඔහු තමයි අපේ ප්‍රධාන ක්‍රීඩකයා. ඔහු අපි එක්ක ඉද්දී නායකයෙකු වශයෙන් මට ඉතා විශ්වාසයක් ඇති වෙනවා. එය අපිට ධනාත්මක දෙයක්. ඔහු ටෙස්ට් ක්‍රීඩා නොකළත් එක්දින තරගාවලිය සඳහා අපි සමඟ ක්‍රීඩා කරනවා.  

එම ටෙස්ට් තරගය අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ නිසා අපි දැන් හොඳින් සූදානම් වෙලා ඉන්නේ. අපිට අබුඩාබි නුවර දින 14ක පුහුණු සැසියක් තිබෙනවා. ඒ නිසා අපිට ටෙස්ට් තරගාවලියේ වැරදුණ දේවල් වලට අපි ලෑස්ති වෙලා ඉන්නේ.  

ඒ වගේම ටෙස්ට් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිපයක් එක්දින තරගාවලියට එක් වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ මොකක් වෙයි ද කියලා. ඒත්, අපි හැමදේටම ලෑස්ති වෙලා ඉන්නේ.  

බංග්ලාදේශය ඔවුන්ගේ ක්‍රීඩාංගණවල ඉතා හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක්. ඔවුන් අවසන් අවුරුදු 2 දී එක්දින තරගවල ඉතා හොඳින් දස්කම් දැක්වුවා. ඒ වගේම අපිත් අවසන් අවුරුදු 2 දී ඉතා හොඳින් ක්‍රීඩා කළ කණ්ඩායමක්.  

අපි සුපර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරලා ලෝක කුසලානයට සුදුසුකම් ලබා තියෙන්නේ. අපි ඒක කළේ ලීගයේ අවසන් තරග 9 ක්‍රීඩා කිරීමට පෙරයි. ඒ නිසා අපිට අවශ්‍ය මෙහි දී හොඳින් ක්‍රීඩා කරල හොඳ තරගයක් ලබා දෙන්නයි 

කණ්ඩායම් දෙකම අනිත් අය ගැන හොඳින් දන්න නිසා මේක ඉතාම වැදගත් තරගාවලියක්. අපිට ලෝක කුසලානයේ සහ ආසියා කුසලානයේ ඔවුන් සමඟ තරග තියෙනවා. ඒ නිසා අපිට ඔවුන්ගේ ක්‍රීඩකයින් ගැන දැන ගන්න මේක ඉතා වටින අවස්ථාවක්,” යැයි Hashmatullah Shahidi ප්‍රකාශ කළා.  

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<