“මේ කිසිම දේකට මම සම්බන්ධ නැහැ” – සර්වාන්

91
Ramnaresh Sarwan

හිටපු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැමෙයිකා Tallawahs කණ්ඩායමේ හි සහය පුහුණුකරු රම්නරේෂ් සර්වාන් තමන් 2020 වාරය සඳහා කණ්ඩායමේ ක්‍රීඩකයන් නිදහස් කරනු ලැබීමේ දී කිසිදු කාර්යභාරයක් නොකළ බව පවසා ඇත. 

ඔහු මේ බව පවසා සිටියේ පසුගිය දා කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් පලකර තිබූ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින්. 

තමුන් නින්දිත කෙනෙක්; ගේල්ගෙන් සර්වාන්ට දෝස්මුරයක්

ක්‍රිස් ගේල් පසුගිය කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කළේ ජැමෙයිකාවේ Tallawahs

“2020 කැරීබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට ජැමෙයිකා Tallawahs කණ්ඩායමෙන් ක්‍රිස් ගේල් නිදහස් කිරීමට හේතු වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මගේ කිසිදු සම්බන්ධයක් නෑ. ඒ චෝදනා මම තරයේ ප්‍රතික්ෂේප කරනවා” සර්වාන් පිටු දෙකක ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. එය පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පලකර තිබුණි. 

ගේල් නිදහස් කිරීම සම්බන්ධයෙන් Tallawahs කළමනාකාරිත්වය විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. එයට දිනකට පසුව සර්වාන් ද ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ මෙම තීරණය ගනු ලැබුවේ සාමූහික හිමිකාරීත්වය සහ කළමනාකරණ කණ්ඩායම විසින් බවයි. මෙම තීරණය සඳහා රම්නරේෂ් සර්වාන් ඇතුළත් කර නොතිබූ බවත්, එය හුදෙක් ව්‍යාපාරික හා ක්‍රිකට් තර්කනය මත පදනම් වූ බවත් කණ්ඩායම් කළමනාකාරිත්වය පවසා සිටියා. 

2020 තරගාවලිය සඳහා ගේල්ව St Lucia Zouks විසින් බඳවා ගන්නා ලද අතර එම තරගාවලිය එළඹෙන අගෝස්තු-සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතය.

පසුගිය සඳුදා ගේල් YouTube හි පෞද්ගලික වීඩියෝවක් පල කළ අතර එහි දී ඔහු මූලික වශයෙන් සර්වාන්, කණ්ඩායම් හිමිකරු වන ක්‍රිස් පර්සෝඩ් සහ ප්‍රධාන විධායක ජෙෆ් මිලර්ගේ නායකත්වයෙන් යුත් Tallawahs කළමනාකාරිත්වය තමා සමඟ සෙල්ලම් කළ බවට චෝදනා කළ අතර ඔහු නිදහස් කිරීමට ගත් කණ්ඩායමේ තීරණය පිළිබඳව කිසි විටෙකත් ඔහුට දැනුම් දුන්නේ නැති බව ඔහු පැවසීය.

ඔහු නිදහස් කිරීමේ පුවත ගේල්ට දැනුම් දී ඇත්තේ කැරිබියන් ප්‍රිමියර් ලීග් බලධාරීන් විසිනි. Tallawahs විසින් නිකුත් කළ රඳවා තබා ගැනීමේ අවසන් ලැයිස්තුවේ ඔහුගේ නම නොතිබූ බව ද ක්‍රිස් ගේල් පවසා සිටියා. ඔහු නෙරපා හැරීමේ දී සර්වාන්ට විශාල කාර්යභාරයක් සිදු කර ඇති බවත් ඔහු “සර්පයෙකු”, “රැවටිලිකාර” සහ “අවිශ්වාසවන්ත” පුද්ගලයෙකු ලෙස හැඳින්වීමට ද ගේල් කටයුතු කළේය. ගේල් වීඩියෝව නිකුත් කරමින් සර්වාන්ට පවසා ඇත්තේ තමන් ඔහු සමඟින් මින් ඉදිරියට කිසිදු ක්‍රියාවක් සඳහා එක් නොවන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගේල්ගේ කෝපය තරමක් අවාසනාවන්ත බව සර්වාන් පැවසූ අතර ඔහු තමාගේම ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට එකම හේතුව බොරු චෝදනාවලට ලක්වූ ඔහු වැනි අයගේ චරිතය ආරක්ෂා කිරීම බව ද පැවසීය. 

“එම වීඩියෝ පටයේ ඔහු බොරු චෝදනා නගමින් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ හොඳ නමට සහ කීර්ති නාමයට කැළලක් ඇති කළා” යැයි සර්වාන් පැවසීය.  

“බොහෝ පහරදීම්වල කේන්ද්‍රය වුනේ මම. මම පිළිතුරු දෙන්නේ ගේල්ගේ කටකතා එයට සුදුසු යැයි මට හැඟෙන නිසා නෙමෙයි. මහජනතාවට මේ සිදුවීම ගැන වාර්තාව කෙළින්ම ඉදිරිපත් කිරීම වැදගත් නිසා. ඒ වගේම බොහෝ දෙනෙකුගේ චරිතය සහ වෘත්තීන් ආරක්ෂා කිරීමට මට සිදු වුනා. මිනිසුන්ගේ ප්‍රතිරූපය අවමානයට ලක් කිරීමට ගේල් උත්සාහ කළා.”

ඔහුගේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දිගුකාලීන සහකරුගේ චෝදනාව ගැන සර්වාන් කලකිරීමට හා කම්පනයට පත්ව තිබේ. සර්වාන් ජාත්‍යන්තර තරග 249කට ක්‍රීඩා කර ඇති අතර ගේල් සමඟ ඔහුගේ මිත්‍රත්වය 19න් පහළ කණ්ඩායම සඳහා ක්‍රීඩා කළ කාලය දක්වා දිව යයි.

“මගේ ජාත්‍යන්තර වෘත්තීය දිවියේ ආරම්භයේ සිටම මම ගේල් සමඟ ක්‍රීඩා කර තිබෙනවා. ඔහු සෑම විටම අසාමාන්‍ය දක්ෂයෙක්. සගයෙකු සහ වඩාත් වැදගත් කිට්ටු මිතුරෙකු ලෙස මම ඔහුට ගරු කළා. ඒ නිසා මේ නින්දිත චෝදනා මාව කම්පනයකට පත් කළා.” 

ගේල්ගේ සැර වීඩියෝවට Tallawahsගෙන් පිළිතුරු

2020 වාරය සඳහා ඔහුව නිදහස් කරන ලෙස හිමිකරු වන ක්‍රිස් පර්සෝඩ්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් Tallawahs

ගේල් තම පවුලේ අය පවා දන්නා හිතවත් මිතුරෙකු බවත්, 2016 දී බිග් බෑෂ් ලීගය අතරතුර කාන්තා මාධ්‍යවේදිනියක් ලිංගික අතවරයකට ලක් කිරීම සම්බන්ධයෙන් ගේල්ව ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් කරන ලෙසට ඇමතුම් ලැබුණු විට ඔහු ගේල් පිටුපස පෙළ ගැසී සිටි බවත් සර්වාන් කියා සිටියා.

කණ්ඩායමේ වටිනාම ක්‍රීඩකයා ලෙස Tallawahs කණ්ඩායමට එක්වූ ගේල් 2019 වසරේ දී එහි නායකයා බවට පත්විය. 2019 තරගාවලිය ආරම්භයේ දී සර්වාන්ට ප්‍රධාන පුහුණුකරු වීමට අවශ්‍ය බව පවසා තිබුණ ද ගේල් කළමනාකාරිත්වයට කියා සිටියේ එම භූමිකාවට ඔහු සුදුසු නැති බවයි. එයට විවිධ අවශ්‍යතා ඇතුළත් වන බවත් ගේල් පවසා තිබිණි. 

සර්වාන්ට අනුව Tallawahs ඇත්ත වශයෙන්ම ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත. ඔහු 2018 දී එම ධූරය භාර නොගැනීමට අවශ්‍ය වූයේ මාක් ඕ ඩොනෙල් එම තනතුරට පත්වීමට ඔහුට අවශ්‍ය වූ නිසා බව සර්වාන් පවසා සිටියා. 

“2019 දී මාව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළා. මම ක්‍රිස් වෙත ගොස් ඔහු සමඟ සාකච්ඡා කළා. කණ්ඩායමක් තෝරා ගැනීම ගැන. මම එසේ කළේ ඔහුට ගරු කිරීමක් විදිහට. කණ්ඩායම ගැන ගේල් සමඟ මා කළ සංවාදයේ දී ඔහු කිව්වා ඩොනොවන් මිලර් ජැමෙයිකානු ක්‍රීඩකයෙකුගේ සංස්කෘතිය වඩා හොඳින් වටහා ගත හැකි කෙනෙක් නිසාත් ක්‍රිස්ගේ ඉතා කිට්ටු මිතුරෙකු වන නිසාත් ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ යුතු බව.” 

“මම ගේල්ගේ මතය ප්‍රධාන විධායක නිලධාරියාට දන්වා, මිලර්ගේ පත්වීම සඳහා ඉවත් වීමට ලැබීම ගැන මම සතුටු වන බව ඔවුන්ට කිව්වා. ක්‍රිස්ට ඔහුගේ පත්වීම ගැන තදින්ම දැනෙන බවත් මම කිව්වා. මගේ ප්‍රමුඛතාවය වුනේ කණ්ඩායමේ යහපතට හේතු වන දෙයයි. ගේල් මේ පසුබිම ගැන හොඳින් දන්නවා. නමුත් මම ප්‍රධාන පුහුණුකරු වීමට සටන් කරන බවට ඔහු මට චෝදනා කරනවා.” 

පුහුණු දිනවලට නොපැමිණීම නිසා තරුණ ක්‍රීඩකයන් ඉදිරියේ තමාට සමච්චල් කරන ලෙස සර්වාන් විදෙස් ක්‍රීඩකයින් පොළඹවා ඇති බවට ද ගේල් චෝදනා කළේය.

“විදේශීය ක්‍රීඩකයන් භාවිතා කරලා ගේල්ට අගෞරව කිරීමට මා උත්සාහ කළ බවට ගේල් කරන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා” සර්වාන් පැවසීය. “ඔහු එවැනි නිගමනයකට පැමිණියේ කෙසේ දැයි මට තේරෙන්නේ නෑ. මෙය සත්‍යයක් නොවේ.” 

විනිවිද නැති නිසා රසල් ද Tallawahs හැර යන්නට තීරණය කරයි

ක්‍රිස් ගේල් ජැමෙයිකා Tallawahs කළමනාකාරිත්වයට බැණ වැදීමෙන් දිනකට පසු

සර්වාන් මෙම අවාසනාවන්ත කතන්දරය ගැන දැඩි කනගාටුව ප්‍රකාශ කළ අතර ගේල් Zouks සමඟ ඇතිකරගත් සබඳතාවට සුබ පතා ඇත. කෙසේ වෙතත්, ගේල් විසින් අනාගතයේ දී තරුණ ක්‍රීඩකයන්ට තමා සමඟින් කටයුතු කිරීමට අපහසු වන පූර්වාදර්ශයක් සපයනු ඇතැයි සර්වාන් බිය වී ඇත.

“මගේ ගැඹුරු කනස්සල්ල නම් ගේල්ව ආදර්ශවත් චරිතයක් ලෙස සලකන තරුණ හා ඉදිරියට එන ක්‍රීඩකයින් මෙය ඔවුන්ගේ වෘත්තීන් තුළ ඇතිවිය හැකි ගැටලු විසඳීමේ පිළිගත හැකි ක්‍රමයක් යැයි සිතන්න පුළුවන්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<