ගේල්ගේ සැර වීඩියෝවට Tallawahsගෙන් පිළිතුරු

117
Tallawahs management

2020 වාරය සඳහා ඔහුව නිදහස් කරන ලෙස හිමිකරු වන ක්‍රිස් පර්සෝඩ්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් Tallawahs හි ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් මිලර් සහ සහකාර පුහුණුකරු රම්නරේෂ් සර්වාන්ට ගේල් චෝදනා කළේය. 

කෙසේ වෙතත් එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ගේල් නිදහස් කිරීම සර්වාන්ගේ ක්‍රියාවක් නොව කණ්ඩායම විසින් සාමූහිකව ගනු ලැබූ “දැඩි ව්‍යාපාරික” තීරණයක් බව Tallawahs කළමනාකාරිත්වය බදාදා (29) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

තමුන් නින්දිත කෙනෙක්; ගේල්ගෙන් සර්වාන්ට දෝස්මුරයක්

ක්‍රිස් ගේල් පසුගිය කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කළේ ජැමෙයිකාවේ Tallawahs..

2020 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර රම්නරේෂ් සර්වාන් සිය නෙරපා හැරීම පිටුපස සිටින බවට ක්‍රිස් ගේල් කළ ප්‍රකාශය ජැමෙයිකාවේ Tallawahs විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

“ක්‍රිස් ගේල් Tallawahs කණ්ඩායමෙන් ඉවත් වීම පිළිබඳව කළ ප්‍රකාශය දැක ජැමෙයිකා Tallawahs හි හිමිකාරිත්වය සහ කළමනාකරණය කලකිරීමට පත්වුනා. මෙම සාකච්ඡා පෞද්ගලිකව අපි ගත් තීරණයක්” Tallawahs කළමනාකාරීත්වය  ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.  

ගේල් ඔහුව Tallawahs හි රඳවා නොගැනීමට ගත් තීරණයට හේතු කිහිපයක් ඉදිරිපත් කළේය. නමුත් මෙම තීරණය සාමූහිකව ගනු ලැබුවේ රාම්නරේෂ් සර්වාන් ඇතුළත් නොවූ හිමිකාරීත්වය සහ කළමනාකරණ කණ්ඩායම විසින් බව එම කණ්ඩායම පැවසීය.

විනිවිද නැති නිසා රසල් ද Tallawahs හැර යන්නට තීරණය කරයි

ක්‍රිස් ගේල් ජැමෙයිකා Tallawahs කළමනාකාරිත්වයට බැණ වැදීමෙන් දිනකට පසු, ඔහුගේ බටහිර ඉන්දීය..

2019 දී අවසන් ස්ථානය ලබාගනිමින් තරගාවලිය නිමා කළ Tallawahs කණ්ඩායම නැවත ගොඩනැගීම සඳහා ගේල් නිදහස් කිරීම අත්‍යවශ්‍ය වූ බව එම කළමනාකාරිත්වය පවසා ඇත. 

“2019 දී Tallawahs කණ්ඩායම ඉතා බලාපොරොත්තු සුන් වූ තරගාවලියක් ක්‍රීඩා කළේ. කණ්ඩායම තරගාවලියේ අවසන් ස්ථානයට පත්වුනා. කණ්ඩායමේ අභිවෘද්ධිය සඳහා 2020 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී හිමිකාරිත්වය සහ කළමනාකරණ කණ්ඩායම සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක කළා. අනාගතය සඳහා කණ්ඩායම ගොඩනැගීම කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<