විනිවිද නැති නිසා රසල් ද Tallawahs හැර යන්නට තීරණය කරයි

205
Andre Russell

ක්‍රිස් ගේල් ජැමෙයිකා Tallawahs කළමනාකාරිත්වයට බැණ වැදීමෙන් දිනකට පසු, ඔහුගේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සහායක ඇන්ඩ්‍රේ රසල්, ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇති “අමුතුම” කණ්ඩායම ලෙස Tallawahs කණ්ඩායම නම් කර තිබේ.  

පසුගිය අඟහරුවාදා රසල් ප්‍රකාශ කළේ 2020 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ඔහු Tallawahs කණ්ඩායම සඳහා අවසන් වරට ක්‍රීඩා කරන තරගාවලිය විය හැකි බවයි. තහනම් උත්තේජක චෝදනාවකින් අනතුරුව 2018 වසරේ දී ඔහු Tallawahs කණ්ඩායමට එක්විය. 

ගේල්ගේ කෝපය මූලික වශයෙන් මිලර් සහ සර්වාන් වෙත එල්ල වූ අතර ඒ පිළිබඳව රසල් වඩාත් ගැඹුරු මතයක් දරයි. විනිවිද පෙනෙන සන්නිවේදනයක් නොමැති Tallawahs කණ්ඩායම වෘත්තීයමය නොවන තත්වයක පවතින බව ඔහු පැවසීය. 

2018 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රසල් නැවත Tallawahs නායකයා ලෙස පත් වූ අතර එය ඔහුගේ ප්‍රතිරූපයට ඉතා හොඳ දෙයක් වූ බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, කණ්ඩායමේ කළමනාකාරිත්වය තරමක වෙනස් ස්වරූපයක් ගත් බව ඔහු කියා සිටියේය. 2018 තරගාවලියට පෙර රසල් කණ්ඩායමට අවශ්‍ය දේශීය හා විදේශීය ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවක් කළමනාකාරිත්වය වෙත ඉදිරිපත් කර තිබේ. 

“මම දිනන්න සෙල්ලම් කරන මිනිහෙක්. මම ශූරතා 13ක් [විස්සයි විස්ස ශූරතා] දිනාගෙන තිබෙනවා. ඒ නිසා මම පරාජය වීමට ක්‍රීඩා කරන්නේ නැහැ. මම මිතුරෙකු තෝරා ගන්නේ නම් මම එම මිතුරා විශ්වාස කරනවා. නමුත් Tallawahs මේ දේවල් ගැන සිතන ආකාරය ගොඩක් වෙනස්. එය අමුතුයි. මම ඔවුන්ට මට අවශ්‍ය දේවල් ගැන කිව්වා. ඉන් පස්සේ මම මෙම පුද්ගලයින් වෙත ළඟා වීමට උත්සාහ කළා. ඒත් ඔවුන් පිළිතුරක් දැක්වූයේ නෑ ” 

“කෙටුම්පත ඉදිරිපත් කළ අතරතුර මම තවමත් මේ අය හා සම්බන්ධ වෙන්න උත්සාහ කළා. ඒත් පිළිතුරක් නැත. කෙටුම්පතෙන් පසුව ඔවුන් මට පණිවුඩයක් යවා ඔවුන් තෝරාගත් කණ්ඩායම ගැන මා සතුටු වන්නේ දැයි මගෙන් විමසුවා. මම කලකිරී සිටි නිසා පිළිතුරු දීමට ටික වේලාවක් ගත වුනා.” 

අක්මාල්ගේ දැඩි දඬුවම ගැන ක්‍රිකට් ආයතනය හේතු කියයි

පාකිස්තානය තුල පවතින ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචාවල නවතම ගොදුර බවට පාකිස්තාන ..

රසල් පැවසුවේ Tallawahs හොඳ කණ්ඩායමක් තෝරා ගෙන තිබූ බවයි. එය අවසන් පූර්ව වටයේ දී සාන්ත කිට්ස් සහ නෙවිස් කණ්ඩායමට පරාජය විය. කෙසේ වෙතත්, රසල් කියා සිටියේ 2019 තරගාවලියේ දී වඩා හොඳ තත්ත්වයක් නොතිබූ බවයි.  

“මේ වසර වෙනස් ආකාරයකින් වෙනස් වුනා. මෙය මා මෙතෙක් ක්‍රීඩා කර ඇති අමුතුම කණ්ඩායමයි. මම අමුතු යැයි කියන්නේ පුද්ගලයකු ලෙස මා වෙත ළඟා විය යුතු යැයි සිතන පුද්ගලයින් ගොඩක් අමුතු නිසා. මම සාමාන්‍ය ක්‍රීඩකයෙක් පමණක් නොවේ  ජැමෙයිකා Tallawahs කණ්ඩායමේ නායකයෙක්. ඔවුන් දේවල් දෙස බලන ආකාරය සහ ඔවුන් දේවල් කරන ආකාරය අමුතුයි කියලා මට තේරුණා.” 

රසල් 2019 තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කළේය. ඔහු එහි දී කඩුලු 6ක් හා ලකුණු 99ක් රැස්කිරීමට සමත් විය. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඇතිවූ ආබාධයක් නිසා ඔහුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු විය.

තමන්ට කණ්ඩායම තුල නවක ක්‍රීඩකයෙකු ලෙස සැලකීම ගැන තමාට කලකිරීමක් ඇති බවත්, කණ්ඩායමේ සැලසුම් සම්බන්ධයෙන් ඔහු කිසිම දෙයකට සම්බන්ධ නැති බවත් රසල් පැවසීය. 

“එක් තරගයක් හෝ ක්‍රීඩා කර නැති පළමු පන්තියේ ක්‍රීඩකයෙකු ලෙස මට සැලකුවා. ඔවුන්ට මගේ මතය වටින්නේ නෑ. මට සැලකුවේ එහෙමයි.” 

මේ වසරේ දී පවා මිලර් රසල්ව අමතා ඇත්තේ ඔහු රඳවා තබා ගැනීම සඳහා ඔහු කොන්ත්‍රාත්තුවට අත්සන් කරන්නේ ද යන්න පරීක්ෂා කර බැලීමට පමණි. රසල් පැවසුවේ ප්‍රශ්න ඇසූ විට ඔහු දිගටම ප්‍රතිචාර නොදැක්වූ බවයි. 

“මම ප්‍රශ්න ඇසූ විට පවා; ඔබ රඳවා තබා ගැනීමට සැලසුම් කරන්නේ කවුද? ඔබ මිල දී ගැනීමට සැලසුම් කරන්නේ කවුද? මට ඒ ගැන පිළිතුරක් ලැබුණේ නෑ. එබැවින් මම එය අත් හරින්න තීරණය කළා.” 

රසල් කියා සිටියේ Tallawahs සමඟ රැඳී සිටීම සඳහා වැටුප් කප්පාදුවක් ගැනීම සතුටට කරුණක් වූයේ ඔහුගේ ගෙදර පිරිස, ඔහුගේ පවුලේ අය සහ මිතුරන් ඉදිරිපිට සෙල්ලම් කිරීමට ලැබීම නිසා පමණක් බවත්ය.

Tallawahs විසින් ඔහුට ගෙවන මුදලට වඩා වැඩි මුදලක් ඔහුට ගෙවීමට කැරිබියන් ප්‍රිමියර් ලීග් හි තවත් කණ්ඩායම් කිහිපයක් සූදානම් බව ඔහු පැවසීය. නමුත් රසල්ට පක්ෂපාතීත්වය වැදගත් විය.

රසල්ට අනුව, තල්වාස් කණ්ඩායම “වෘත්තීයමය නොවන” කණ්ඩායමක් ලෙස ආමන්ත්‍රණය කළ යුතුව ඇත. ඒ ඔවුන්ගේ සන්නිවේදන අඩුපාඩුකම් නිසාවෙනි. 

ඔහුට සිදු වූ අඩුපාඩුකම් නොසලකා කණ්ඩායම වෙනුවෙන් දිගටම දස්කම් දක්වන බව රසල් පැවසීය.  

“මම නිදහස් ක්‍රීඩකයෙක්. මම නායකයා නොවේ නම් එය මට ගැටලුවක් නොවෙයි. මම හොඳින්. මට සතුටුයි,” ඔහු පැවසීය.  

“මේ සියල්ල සම්බන්ධයෙන් සන්නිවේදනය තමයි විශාලතම ගැටලුව වුනේ. මේ දක්වා මම කිසිවක් දන්නේ නෑ. ජැමෙයිකා Tallawahs කණ්ඩායමේ සිදු වූ කිසිවක් මම දන්නේ නෑ. ඔවුන් ක්‍රිස්ව ඉවත් කරනවා. ඇයි ඔවුන් ක්‍රිස්ව ඉවත් කරන්නේ? ක්‍රිස්ට Tallawahs සමඟ අවුරුදු තුනක කොන්ත්‍රාත්තුවක් තියනවා. ඔබ කොන්ත්‍රාත්තුවක් උල්ලංඝනය නොකළ යුතුයි. කණ්ඩායමක් ලෙස ඔබට එය ගැටලුවක් වෙන්න පුළුවන්.” 

“ඒක මගේ ක්‍රිකට් ජීවිතයේ හැඟීම්බර අවස්ථාවක්”

නවසීලන්ත නායක කේන් විලියම්සන් පිළිබඳව මුළු මහත් ක්‍රිකට් ලෝකයටම ඇත්තේ අසීමිත…

රසල් කියා සිටියේ තමා දිගටම පවෙල්ට සහයෝගය දැක්වුවද, කණ්ඩායම තමාගෙන් නායකත්වය බාර ගන්නා ලෙස පැවසූව ද තමන්  නායකත්ව කාර්යභාරය භාර නොගන්නා බවයි.  

“මේ සියලු දෙනා ළඟම මගේ අංකය තියෙනවා. කිසිවෙකු මට පණිවිඩයක් එවන්නේ නෑ. මම මෙහි සටන් කිරීමට හා මට නායකයා වීමට අවශ්‍ය යැයි කියන්නේ නෑ. මන්ද දවස අවසානයේ දී, මම Tallawahsගේ පළමු තේරීම නොවේ නම් මට නැවත නායකත්වය අවශ්‍ය නෑ. මම එය භාර ගන්නේ නැහැ.”

රසල් කියා සිටියේ තමා මෙලෙස සමාජ මාධ්‍ය මඟින් අදහස් දැක්වීම අමුතු බවක් තමාට දැනුණු නමුත් ඔහුට වෙනත් විකල්පයක් නොතිබූ බවය. එහෙත් 2020 දී ඔහුගේ කොන්ත්‍රාත්තුව කල් ඉකුත් වූ පසු Tallawahs නැවතී නොසිටීම ගැන රසල් සතුටු වන බව ද කියා සිටියේය. 

“මම හිතන්නේ මෙය ජැමෙයිකා Tallawahs කණ්ඩායම සඳහා මගේ අවසාන වාරය විය හැකියි. මම Tallawahs [2020 වාරය] සමඟ තවත් වසරක ගිවිසුමක් තියනවා. මම සෙල්ලම් කිරීමට උත්සාහ කරනවා. ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. නමුත් මෙය මගේ අන්තිම අවස්ථාව වේවි. මේ සියල්ල එක්ක මට ක්‍රිකට් ක්‍රීඩා කරන්න බෑ. එය පහසු දෙයක් නොවෙයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<