Home Sinhala ඉන්දීය අණසක හමුවේ නායක ප්‍රියන්ජන් හුදකලා වෙයි

ඉන්දීය අණසක හමුවේ නායක ප්‍රියන්ජන් හුදකලා වෙයි

402

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මුල පුරමින් පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගය ඊයේ (25) බෙල්ගාම් හිදී ඇරඹුණු අතර එහි දෙවන දිනය අද සාර්ථකව නිමාවට පත්විය.

තරගයේ දෙවන දිනය නිමා වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 83ක් ලබා ඉතා අසීරු අඩියක සිටි අතර ඉන්දීය කණ්ඩායම තම පළමු ඉනිම අත්හිටවනු ලැබුවේ 622/5 දැවැන්ත ලකුණු පුවරුවක් ශ්‍රී ලංකාවට ලබා දෙමිනි.

පංචාල්ගේ පිතිකරණයට විශ්ව සහ දික්වැල්ලගෙන් නැවතීමේ තිත

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මුල පුරමින් පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගය අද (25)…

ඊයේ දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 376ක් ලබා සිටි අතර එහි දී අභිමන්යු ඊස්වරන් සහ ජයන්ත් යාදව් පිළිවෙළින් ලකුණු 189ක් සහ 6ක් බැගින් ලබා නොදැවී පන්දුවට පහර දෙමින් කඩුල්ලේ රැඳී සිටියේ ය.

එහෙත් අද දිනය ආරම්භයේ දී ම ක්‍රියාත්මක වූ විශ්ව ප්‍රනාන්දු ඉන්දීය මුළු ලකුණු සංඛ්‍යාව 390 වන විට ලකුණු 8ක් ලබා සිටි ජයන්ත් යාදව්ව ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.

යාදව් ද දැවී ගියේ තම නායක පංචාල් ඊයේ දින දැවී ගිය ආකාරයටම විශ්වගේ පන්දුවකට දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉන්පසු පිටියට පිවිසියේ දකුණත් පිතිකරු අන්මොල්පරිට් සිං ය. ඒ වන විට තම ද්විත්ව ශතකය ද සම්පූර්ණ කර අනෙක් අන්තයේ රැඳී සිටි ඊස්වරන් සමඟ එක් වූ අන්මෝල්පරිට් ලකුණු 76ක සබඳතාවක් ගොඩනැගූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 466ක් වන විට අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි අභිමන්යු ඊස්වරන් ලකුණු 233කට දැවී ගියේ අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

මෙම තරගයේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශාලතම කාර්යභාරයක් සිදු කළ පිතිකරුවා බවට පත් වූ ඊස්වරන් දැවී ගියේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සිය වගකීම අකුරටම ඉටු කරමිනි.

ඉන්පසු පිටියට පිවිසියේ දකුණත් නවක පිතිකරු රිකී බුයි ය. එහෙත් ඔහුට ආ විගසම ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ යළි ක්‍රීඩාගාරයට කරා හැරී යාමට සිදු වූයේ අනෙක් අන්තයේ අන්මොල්පරිට් සිංව තනි කරමිනි. සඳකැන්ගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී යන විට ලබා සිටියේ එක් ලකුණක් පමණි. ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 469/4 ලෙස දිස්විය.

මාලිංග එන තෙක් දිමුත් නොඉවසිල්ලෙන්

2019 ලෝක කුසලාන තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින 4ක් පමණි. ලෝක කුසලානයට ලහි ලහියේ සූදානම් වන…

කඩුලු දෙකක් එකවර දැවී යාමෙන් අනතුරව පිටියට පිවිසියේ දේශීය පිටියේ අත්දැකීම් සහිත දකුණත් පිතිකරුවෙකු වන සිදේශ් ලාඩ් ය. අනෙක් අන්තයේ හුදකලාව අන්මොල්පරිට් සිං සමඟ එක් වූ ලාඩ් කෙමෙන් කෙමෙන් පිටියේ තැන්පත් වෙමින් සබඳතාවක් ගොඩනැගූ අතර පසුව ක්‍රමයෙන් ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙන්නට විය.

ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 153ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වූ අතර මුළු ලකුණු 622 දී සිදේශ් ලාඩ් දැවී යාමත් සමඟින් එම සබඳතාව නිමා වීමෙන් පසුව ඉන්දීය ඉනිම ද අත්හිටුවීමට නායක පංචාල් තීරණය කළේය. ලකුණු 76ක් ලබා සිටි ලාඩ් දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ වන විට අනෙක් අන්තයේ නොදැවී සිටි අන්මොල්පරිට් සිං ලකුණු 116ක් ලබා ගත්තේ ඉන්දීය ඉනිමේ තෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

ඉන්දීය ඉනිම අවසන් වන විට පන්දු වාර 142ක දී 622/5 ලෙස අතිදැවැන්ත ලකුණු පුවරුවක් දිස්වූයේ තරගයේ වැඩි වාසි මුළුමනින්ම ඔවුන්  සතුකර ගනිමිනි.

අද දිනයේ ද ඉන්දීය පිතිකරුවන් හමුවේ අන්ත අසරණ වෙමින් බැට කෑ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමස්තයක් වශයෙන් ගත් කළ අසාර්ථක වූවත් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් හොඳින් පන්දු යවනු ලැබීය.

තම පළමු ඉනිම සඳහා පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙදෙනා බවට පත්වූයේ දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු වූ සංගීත් කුරේ සහ පැතුම් නිස්සංකයි. එහෙත් ඉතා අසාර්ථක ආරම්භයක් ලබා ගත් ඔවුන් දෙදෙනාවම ආ විගස ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය වේගපන්දු යවන්නන් සමත් වූයේ මෙම තරගයේ සම්පූර්ණ ආධිපත්‍යය තමා සතුකර ගනිමිනි.

එහි දී සංගීත් කුරේ කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර සන්දීප් වෝරියර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටී දැවී ගිය අතර එහි දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 1/1ක් ලෙස දිස් විය.

ඉන් පසුව පැතුම් නිස්සංක ද ලකුණු 6ක් ලබා සිටිය දී දැවී ගියේ ශිවම් ඩූබෙගේ පන්දුවක් හමුවේ ඊස්වරන් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. මුල් කඩුලු දෙක දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 18/2ක් ලෙස යි.

දඟපන්දු යවන්නන්ට අභියෝගාත්මකයි – ජෙෆ්රි වැන්ඩර්සේ

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නියෝජනය කරන ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සූදානම…

ඒ වන විට කඩුල්ලේ රැඳී සිටි දකුණත් පිතිකරු සධීර සමරවික්‍රම සමඟ නො.4 පිතිකරු ලෙස පිටියට එක්වූයේ වමත් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂයි.

එහෙත් භානුක තමා මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අසීරු අඩියකට ඇද දමමිනි. ශිවම් ඩූබෙගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ඉන්දීය නායක පංචාල් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. එම අවස්ථාව වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 18/3ක් බවට පත් විය.

ඉන්පසු පිටියට එක්වූයේ ශ්‍රී ලංකා නායක සහ දකුණත් පිතිකරු අශාන් ප්‍රියන්ජන් ය. සධීර සමඟ එක්වෙමින් කෙමෙන් කෙමෙන් සබඳතාවක් ගොඩනැගීමට උත්සාහ කළ අශාන් අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට වඩා වගකීම් සහගත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය.

අනෙක් අන්තයේ සිටි සධීර සමරවික්‍රම ද තරමක් හොඳින් පිතිකරණයේ යෙදුණු නමුදු මුළු ලකුණු සංඛ්‍යාව 50ක් වන විට ඔහුට ද යළි ක්‍රීඩාගාරය කරා යාමට සිදු විය. ඒ ලකුණු 31කටය. ඔහු දැවීගි යේ සංගීත් කුරේ මෙන්ම සන්දීප් වෝරියර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දවටා ගනිමිනි.

ඉන් අනතුරුව ක්‍රීඩා පිටියට එක් වූයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද කඩුලු රකින්නා වන වමත් පිතිකරු නිරෝෂන් දික්වැල්ලයි.

අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදී සිටි අෂාන් සමඟ එක් වූ දික්වැල්ල අද දිනය නිමා වන තුරුම කඩුල්ලේ රැඳී සිටි අතර දිනය නිමා වන විට දෙදෙනාම ලකුණු 22 බැගින් රැස්කරගෙන සිටියේ ය.

දින දෙකක් අවසානයේ තරගයේ සම්පූර්ණ ගෞරවය ලබාගනිමින් ඉදිරියෙන්ම රැඳී සිටීමට ඉන්දියානුවන් සමත් වූයේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද තම අණසක පතුරවාහරිමිනි. තරගයේ තීරණාත්මක තෙවන දිනය හෙටයි.

Result


Sri Lanka A Team
232/10 (63.4) & 185/10 (52.3)

India A Team
622/5 (141)

Batsmen R B 4s 6s SR
PK Panchal c Niroshan Dickwella b Vishwa Fernando 160 261 9 2 61.30
AR Easwaran lbw b Akila Dananjaya 233 321 22 3 72.59
Jayant Yadav c Niroshan Dickwella b Vishwa Fernando 8 18 1 0 44.44
Anmolpreet Singh not out 116 165 11 0 70.30
Ricky Bhui b Lakshan Sandakan 1 3 0 0 33.33
Siddhesh Lad c Niroshan Dickwella b Lahiru Kumara 76 89 6 1 85.39


Extras 28 (b 8 , lb 12 , nb 5, w 3, pen 0)
Total 622/5 (141 Overs, RR: 4.41)
Fall of Wickets 1-390 (44.4) Jayant Yadav, 2-352 (83.1) PK Panchal, 3-466 (109.6) AR Easwaran, 4-469 (110.5) Ricky Bhui, 5-622 (141.6) Siddhesh Lad,

Bowling O M R W Econ
Vishwa Fernando 20.1 0 83 2 4.13
Lahiru Kumara 21 2 81 0 3.86
Akila Dananjaya 29 0 136 1 4.69
Chamika Karunaratne 18.5 1 62 0 3.35
Lakshan Sandakan 28 0 145 1 5.18
Ashan Priyanjan 12 1 48 0 4.00
Bhanuka Rajapaksa 10 0 27 0 2.70
Sangeeth Cooray 2 0 15 0 7.50
Batsmen R B 4s 6s SR
Sangeeth Cooray b Sandeep Warrier 0 6 0 0 0.00
Pathum Nissanka c AR Easwaran b Shivam Dube 6 38 1 0 15.79
Sadeera Samarawickrama b Sandeep Warrier 31 56 5 0 55.36
Bhanuka Rajapaksa c PK Panchal b Shivam Dube 0 1 0 0 0.00
Ashan Priyanjan c Ricky Bhui b Jayant Yadav 49 87 8 2 56.32
Niroshan Dickwella c Ankit Rajpoot b PK Panchal 103 113 13 0 91.15
Chamika Karunaratne b Rahul Chahar 1 11 0 0 9.09
Akila Dananjaya c KS Bharat b Rahul Chahar 16 28 2 1 57.14
Lakshan Sandakan lbw b Jayant Yadav 13 37 0 0 35.14
Vishwa Fernando not out 2 6 0 0 33.33
Lahiru Kumara c Ricky Bhui b Rahul Chahar 0 5 0 0 0.00


Extras 11 (b 0 , lb 5 , nb 6, w 0, pen 0)
Total 232/10 (63.4 Overs, RR: 3.64)
Fall of Wickets 1-1 (1.3) Sangeeth Cooray, 2-18 (11.4) Pathum Nissanka, 3-18 (11.5) Bhanuka Rajapaksa, 4-50 (20.1) Sadeera Samarawickrama, 5-161 (42.4) Ashan Priyanjan, 6-170 (45.4) Chamika Karunaratne, 7-203 (51.6) Akila Dananjaya, 8-229 (61.1) Niroshan Dickwella, 9-231 (62.2) Lakshan Sandakan, 10-232 (63.4) Lahiru Kumara,

Bowling O M R W Econ
Ankit Rajpoot 11 4 13 0 1.18
Sandeep Warrier 12 2 50 2 4.17
Shivam Dube 6 1 19 2 3.17
Rahul Chahar 17.4 1 78 4 4.48
Jayant Yadav 17 2 67 2 3.94


Batsmen R B 4s 6s SR
Sangeeth Cooray c Ricky Bhui b Sandeep Warrier 1 6 0 0 16.67
Pathum Nissanka c KS Bharat b Ankit Rajpoot 0 2 0 0 0.00
Sadeera Samarawickrama c Ricky Bhui b Rahul Chahar 48 92 6 0 52.17
Bhanuka Rajapaksa b Ankit Rajpoot 1 9 0 0 11.11
Ashan Priyanjan st KS Bharat b Rahul Chahar 39 69 7 0 56.52
Niroshan Dickwella c KS Bharat b Sandeep Warrier 27 39 0 0 69.23
Chamika Karunaratne c Jayant Yadav b Rahul Chahar 20 20 0 0 100.00
Akila Dananjaya st KS Bharat b Jayant Yadav 10 19 0 0 52.63
Lakshan Sandakan not out 10 30 0 0 33.33
Vishwa Fernando st KS Bharat b Jayant Yadav 10 18 0 0 55.56
Lahiru Kumara b Rahul Chahar 8 10 0 0 80.00


Extras 11 (b 4 , lb 6 , nb 0, w 1, pen 0)
Total 185/10 (52.3 Overs, RR: 3.52)
Fall of Wickets 1-1 (0.5) Pathum Nissanka, 2-3 (1.3) Sangeeth Cooray, 3-4 (4) Bhanuka Rajapaksa, 4-92 (28.4) Ashan Priyanjan, 5-99 (30.4) Sadeera Samarawickrama, 6-133 (36.1) Chamika Karunaratne, 7-153 (41.4) Akila Dananjaya, 8-153 (42.6) Niroshan Dickwella, 9-166 (47.6) Vishwa Fernando, 10-185 (52.3) Lahiru Kumara,

Bowling O M R W Econ
Ankit Rajpoot 5.2 1 11 2 2.12
Sandeep Warrier 10.4 4 26 2 2.50
Shivam Dube 7 0 27 0 3.86
PK Panchal 1 0 8 0 8.00
Rahul Chahar 13.3 2 45 4 3.38
Jayant Yadav 15 0 58 2 3.87



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<