සිව්කොන් තරගාවලියක් ගැන Ramiz Rajaගෙන් යෝජනාවක්

2222

දේශපාලනය සඳහා ප්‍රාණ ඇපකරුවෙක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව යොදා නොගත යුතුයි”, යැයි Ramiz Raja පවසා සිටිනවා. ඒ සිව්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම යෝජනා කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවක දීයි.

මේ පිළිබඳ යෝජනාව එළඹෙන අප්‍රේල් 9 වැනිදා ඩුබායි හිදී ICC ක්‍රිකට් කවුන්සිල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. මම දන්නේ නැහැ ICC සාමාජිකයින් මේක ගැන කොහොම සලකා බලයි ද කියලා. නමුත් කොච්චර කල් කියලා රටවල් අතර දේශපාලනයට ක්‍රීඩාව පාලනය කරන්න දෙන්න පුළුවන් ද?”, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Cricbuzz වෙත පවසා සිටියා.

“විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය කෙතරම් ප්‍රේක්ෂකයින් නැරඹුවා ද යන්න Star Sports ICCය සමඟ පැවති රැස්වීමක දී පෙන්වා තිබුණා. ඇයි අපි ප්‍රේක්ෂකයින්ට අවශ්‍ය දේ දෙන්නේ නැත්තේ.”

ද්වි පාර්ශවීය ක්‍රිකට්වලට වඩා බහු පාර්ශවීය ක්‍රිකට් ගැන තරග විකාශකයින් උනන්දුයි. ද්වි පාර්ශවිය ක්‍රිකට් තරග හරිම කම්මැලියි.”

ඉන්දියා – පාකිස්තානු තරගය තමයි ඉතිහාසයේ වඩාත්ම නැරඹූ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය. අපිට ප්‍රේක්ෂකයින් උදෙසා වගකීමක් තිබෙනවා. ඉන්දීය පාකිස්තානු තරගවලට මෙන්ම එංගලන්ත ඕස්ට්‍රේලියා තරගවලටත් හොඳ ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් සිටිනවා.”

Ramiz පවසා සිටින්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය හා එංගලන්ත අතර තරගාවලියක් සංවිධානය කළ යුතු බවයි. “ලීග් තරගාවලි ජාත්‍යන්තර තරගාවලි වලට ආදේශකයක් වෙන්න බැහැ.”

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් අනෙක් පාර්ශවයන් මේ පිළිබඳව අදහස් දක්වා නැහැ. කෙසේ වෙතත් රටවල් හතරක් සහභාගී කරගනිමින් සිව්කොන් ICC තරගාවලි පවත්වන්නට හැකියාවක් නැහැ. එවැනි සිව්කොන් තරගාවලියකට සහභාගී කර ගත හැක්කේ කණ්ඩායම් තුනක් පමණයි.

එක නීතියක් නිසා ක්‍රීඩාවට දීර්ඝ කාලීන වටිනාකමක් ගෙන දෙන හොඳ අදහසක් අතහැර දමන එක අපරාධයක්. හැමෝම රාමුවෙන් පිටත සිතන්න ඕනේ. ICC කමිටුවේ හිටපු ක්‍රීඩකයින් තිදෙනෙක් ඉන්නවා. මේක දැන් වෙනස් කරන්න බැරි නම් කවදද පුළුවන්.”

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<