මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

317
Optus Sport

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා.

ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”, රොනාල්ඩෝ පැවසුවා.

ඊළඟ අවුරුදු දෙක තුනේ දී ඔවුන්ට ලකුණු සටහනේ ඉහළින් ඉන්න අපහසු වෙයි”, ඔහු වැඩිදුරටත් පැවසුවා.

37 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙවර ප්‍රීමියර් ලීගයේ දී වාර්තා කොට ඇත්තේ එක් ගෝලයක් පමණයි. ඔහු පවසන්නේ ක්‍රීඩා සමාජයේ හිමිකරුවන් කණ්ඩායම ගැන සැලකිල්ලක් නොදක්වන බවයි.

ක්‍රීඩා සමාජයේ අයිතිකරුවන්ට කණ්ඩායම ගැන හෝ වෘත්තීය ක්‍රීඩාව ගැන සැලකිල්ලක් නෑ”, රොනාල්ඩෝ පැවසුවා.

2017 යුරෝපා ලීගයේ ශූරයන් වීමෙන් අනතුරුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මෙතෙක් කිසිදු ශූරතාවයක් ජයගෙන නැහැ. Glazer පවුල විසින් ක්‍රීඩා සමාජය පාලනය කිරීම ගැන ප්‍රේක්ෂකයන් දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළා.

ප්‍රේක්ෂකයන් හැම විටම හරි”, රොනාල්ඩෝ පවසනවා.

“ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ක්‍රීඩකයන්ට ක්‍රීඩා සමාජයට හොඳම දේ කරන්නට අවශ්‍යයි. මටත් අවශ්‍ය කණ්ඩායමට හොඳම දේ කිරීමටයි. මම මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත නැවත පැමිණීමට හේතුව එයයි. මම ක්‍රීඩා සමාජයට ආදරය කරන්නේ ඒකයි.” රොනාල්ඩෝ පැවසුවේ හැඟුම්බරවයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<