අසේල හා කුසල් ජනිත් එක්දින සංචිතයට

6904
Sri Lanka v India ODI squad

ලබන 10 වැනිදා ධර්මසාලා හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නිල වශයෙන් මාධ්‍යයට නිවේදනය කරන ලදි.

කෝලි දඩයම අත්නොහැර ඉදිරියටම

ජයග්‍රහණය වෙනුවෙන් තම ජීවිතය වුවද පරදුවට තැබීමට සූදානමින් සිටින විරාත් කෝලි අද (05)..

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුතු සංචිතය සඳහා නායකත්වය සපයන්නේ තිසර පෙරේරා විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර තුල දැනට සහභාගි වී ඇති එක්දින තරග අතුරෙන් තරග 4ක් පමණක් ජයග්‍රහණය කර ඇත්තේ තරග 21ක් පරාජය වෙමිනි. ඊට අමතරව එහි ඇති භයානකම සිදුවීම වන්නේ ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ එක්දින තරග 12ම පරාජයට පත්වී තිබීමයි.

ඇන්ජලෝ මැතිව්ස්, සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් පැවති එක්දින තරගාවලිය 3-2ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව සිය නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වූයේ වමතින් පිත්ත හසුරුවන උපුල් තරංගයි.

ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා පාකිස්තානයට එරෙහිව එක්දින තරගාවලි තුනක් පිළිවෙළින් 5-0ක් ලෙස පරාජය විය. නමුත් තරංග ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් හි නිල නායකයා ලෙස නායකත්වය ඉටු කළේ නිමා වූ ඉන්දීය සංචාරයේ සිටයි.

දකුණු අප්‍රිකානු තරගාවලියේ දී තරංග නායකත්වයට පත් වූයේ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටි නිසාවෙනි.  ඒ නිසාවෙන් පසුගිය සතියේ දී ඉන්දීය සංචාරයට පමණක් සීමිත පන්දුවාර තරග සඳහා කණ්ඩායම් නායකයෙක් ලෙස තිසර පෙරේරා පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළේය.

ඇමති නොදැන ඉන්දියා යන්න ගිය එක්දින කණ්ඩායම නැවත කැඳවයි

ඉන්දීය තරග සංචාරයේ එක්දින තරග සඳහා තෝරා ගත් ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ නොසතුට පල..

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර දී අතෙහි ආබාධයකට ලක්වූ අසේල, මේ වන විට ඉන් සම්පූර්ණයෙන් සුවය ලබා සිටියත් ඔහු ඉහළ ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවීම නිසා ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය සඳහා නම් කළ ටෙස්ට් සංචිතය සඳහා ඇතුළත් කර නැත. නමුත් ඊයේ (5) නිකුත් වූ එක්දින සංචිතයට කැඳවා ඇති තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න අවසන් වරට එක්දින තරගයක් සඳහා සිය දායකත්වය දක්වා ඇත්තේ 2017 ජුලි මස 10 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වූ තරගයක දීය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් නිමා වූ පාකිස්තානු එක්දින තරගාවලියේ සහභාගි වූ එක්දින තරග 5 දී ම ලබාගෙන ඇත්තේ ලකුණු 41ක් පමණි. එහි දී වැඩි දස්කම් අතරට ඒමට නොහැකි වූ මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න හා චාමර කපුගෙදර ද සංචිතයෙන් ඉවත් කර ඇත.

මැදපෙළ පිතිකරුවෙකුව සිටි කුසල් මෙන්ඩිස් තේරීම් කමිටුව විසින් මෙවරත් සැලකිල්ලට ගෙන නොමැති අතර, දක්ෂ වමත් පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා ද යම් ආබාධයක් සහිතව සිටියත් එය එතරම් අසාධ්‍ය මට්ටමක නොවන නිසාවෙන් ඔහුවත් මෙම සංචිතයට තෝරාගෙන ඇත.

තරග තහනමකට ලක්වීම නිසා පකිස්තානු එක්දින තරගාවලිය අහිමි වූ ප්‍රහාරත්මක වමත් පිතිකරු දනුෂ්ක ගුණතිලක නැවතත් පූර්ණ එක්දින තරගාවලියක් හා එක්වීමට අවස්ථාව උදාකරගෙන ඇත. ඔහු එක්දින ක්‍රිකට් පිටිය තුල 32.81ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගැනීමට සමත් වී ඇත.

තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා හා පිට දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය ඉන්දීය එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇත්තේ පන්දු යවන්නන්ගේ බලඇණිය සවිමත් කරනු පිණිසයි. තවද තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග ද සිල්වා හා සචිත් පතිරණ ද කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

එක්දින සංචිතයට තෝරාගත් එක්දින විශේෂඥ  ක්‍රීඩකයින් 10 දෙනා අද (6) මධ්‍යම රාත්‍රියේ දී ඉන්දියාව බලා පියාසර කරනු ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – තිසර පෙරේරා (නායක), උපුල් තරංග, දනුෂ්ක ගුණතිලක, නිරෝශන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ , අකිල දනංජය, දුශ්මන්ත චමීර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ධර්මසාලා – දෙසැම්බර් 10 පෙ.ව 11.30
  • දෙවන එක්දින තරගය – මොහාලි – දෙසැම්බර් 13 පෙ.ව 11.30
  • තෙවන එක්දින තරගය – විශාඛාපට්නම් – දෙසැම්බර් 17 ප.ව 1.30

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<