අද ලකී 7 පන්දු යවන්නා ගයාන් සිරිසෝම

87

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවති බ්ලූම්ෆීල්ඩ් සහ නුගේගොඩ අතර තරගයේ දී ලකුණු 97කට කඩුලු 7ක් දවා ගැනීමට බ්ලූම්ෆිල්ඩ් ක්‍රිකට් සමාජයේ වමතින් දඟපන්දු යවන ගයාන් සිරිසෝම සමත් විය. 

මිනෝද් නැවතත් ශතක ලැයිස්තුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ…

වරාය අධිකාරිය සහ කුරුණෑගල යූත්

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත් ලකුණු 235 පිළිතුරු ලෙසින් අද වරාය අධිකාරිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 331ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් විදෙස් ක්‍රීඩක හස්නයින් බොකාරි ශතකයක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී නවීන් කවිකාර ලකුණු 102කට කඩුලු 5ක් දවා ගත්තේය. 

තරගයේ දෙවැනි දින අවසන් වන විට තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 20ක් ලබා සිටියහ. ඔවුන්ට ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 76ක් අවශ්‍යය.  

    • කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 235 (74.4) සමීර සඳමාල් 21, කේශාන් වන්නිආරච්චි 97, රන්දීර රණසිංහ 82, චානක කොමසාරු 5/72, රජීව වීරසිංහ 4/57
    • ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 12.3ක දී කඩුල්ලක් දැවී 28) සියලුම දෙනා දැවී 331 (93.1) සයිඩ් බින් නසීර් 26, අදීශ නානායක්කාර 33, ඉෂාන් රංගන 35, හස්නයින් බොකාරි 121, නවින් කවිකාර 5/102, ශිවකුමාර් ටිරෝන් 3/98
  • කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 20 (7) 

මෙම තරගය හෙට (09) තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතය.

බ්ලුම්ෆීල්ඩ් සහ නුගේගොඩ

කොළඹ 7, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් නුගේගොඩ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 294ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් නායක දෙනුවන් රාජකරුණා පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 51ක් ලබා ගත්තේය.

දැවී ගිය කඩුලු 10න් 7ක හිමිකාරිත්වය ගයාන් සිරිසෝම සතු විය . 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බ්ලූම්ෆීඩ්ල් ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙන විට කඩුල්ලක් දැවී ලකුණු 48ක් ලබා සිටියහ.  

  • නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 294 (80.2) ඩිලංක වික්‍රමසිංහ 45, ඉරෝෂ් සමරසූරිය 40, ප්‍රමුද් හෙට්ටිවත්ත 48, ෂෙහාන් වීරසිංහ 44, දෙනුවන් රාජකරුණා 51, ගයාන් සිරිසෝම 7/97
  • බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 48 (13) ඩිල්හාන් කුරෙ නොදැවී 23

මෙම තරගය හෙට (10) දෙවැනි දිනයට ක්‍රියාත්මක ය. 

සචිත්‍රගෙන් විශේෂ නිවේදනයක්!

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලුම අංශවලට…

නාවික හමුදාව සහ කැන්ඩි කස්ටම්ස් 

වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය තවත් දිනයක් ඉතිරිව තිබිය දී ඉනිමක සහ ලකුණු 65ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදාව සමත් විය.

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 46ක් පමණි. අනතුරුව පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 300ක් ලබා ගත්හ. 

ලකුණු 254ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩකයෝ එවර ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 189ක් පමණි. 

කැන්ඩි කස්ටම් දෙවැනි ඉනිමේ දී කඩුලු 5 බැගින් දවා ගැනීමට සවිඳු පීරිස් සහ නිලංක සඳකැන් සමත් වූහ. සවිඳු පිරීස් මෙම තරගයේ දී ලකුණු 74කට කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය. 

  • කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 46 (27) අකීල් ඉන්හාම් 13, ඩිලන්ක අවර්ඩ් 4/21, සවිඳු පීරිස් 5/07 
  • ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 63ක දී කඩුලු 6ක් දැවී 219) සියලුම දෙනා දැවී 300 (85.2) සුපුන් ලීලාරත්න 62, තරුෂාන් ඉද්දමල්ගොඩ 65, ඩබ්ලිව්. මයන්ත 25, ශාලිත් ප්‍රනාන්දු 58, සවිඳු පීරිස් 28, සම්පත් පෙරේරා 2/51, උමේග චතුරංග 2/48, සචිත්‍ර පෙරේරා 5/110
  • කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 189 (49.4) අකීල් ඉන්හාම් 38, චිරාග් කුරාන් 40, දේව් සිං 23, සම්පත් පෙරේරා නොදැවී 40, සවිඳු පීරිස් 5/67, නිලංක සඳකැන් 5/64

ගුවන් හමුදාව සහ ගාල්ල

කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය දිනයක් ඉතිරිව තිබිය දී ඉනිමක සහ ලකුණු 20ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත් විය. 

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 96ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 275ක් ලබා ගත්හ. 

ලකුණු 179ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 159ක් පමණි. 

මෙම තරගයේ දී පෙර දිනයේ නොදැවී ලකුණු 60ක් ලබා සිටි විනුර දුල්සර අද තම ඉනිම ශතකයක් කරා රැගෙන ගියේය. ඔහු පන්දු 195කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමගින් ලකුණු 101ක් ලබා ගත්තේය.

ගුවන් හමුදා දෙවැනි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 65ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට කවික ඩිල්ශාන් සමත් විය. 

    • ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 96 (34.5) උදයවංශ පරාක්‍රම 22, නිලූෂාන් නෝනිස් 23, කවික ඩිල්ශාන් 3/29, සාරංග රාජගුරු 2/07
    • ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 53ක දී කඩුලු 6ක් දැවී 165) සියලුම දෙනා දැවී 275 (80.4) ජාකොබ් සචින් 35, විනුර දුල්සර 101, සාරංග රාජගුරු 32, කවික ඩිල්ශාන් 26, අරවින්ද ප්‍රේමරත්න 5/58, රශින්ද්‍ර සිල්වා 2/65
    • ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 159 (50.3) රවිඳු සෙම්බකුට්ටිගේ 22, ලක්වින් වීරසූරිය 42, උදයවංශ පරාක්‍රම 21, මාධව නිමේෂ් 32, කවික ඩිල්ශාන් 5/65, රවිශ්ක විජේසිරි 2/33, සාරංග රාජගුරු 3/16

කිවියන්ගේ අලුත්ම අත්හදාබැලීම ඉන්දීය පිළ දණ ගස්වයි!

මීට පෙර කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැති 25 හැවිරිදි දකුණත් වේග පන්දු යවන්නෙකුගේ…

සෙබස්තියනයිට් සහ පානදුර

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජය අද සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සෙබස්තියනයිට් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 126ක් ලබා ගත් අතර ප්‍රතිවාදී පානදුර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 238ක් ලබා ගත්හ. 

ලකුණු 112ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි සෙබස්තියන් ක්‍රීඩකයෝ එවර ලකුණු 211ක් ලබා ගත්තේය. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 100ක හඹායන ඉනිමකට පිටියට පිවිසි පානදුර ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගත්හ.

එම ඉනිමේ දී ආරම්භක පිතිකරු මින්හාජ් ජලීල් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේය. 

      • සෙබස්තියන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 126 (51.2) කිරාන් ජෝෂි 33, ප්‍රභාත් ද සොයිසා නොදැවී 21, චලන ද සිල්වා 5/28, උමේෂ් කරුණාරත්න 3/30
      • පානදුර ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 28ක දී කඩුලු 4ක් දැවී 164) සියලුම දෙනා දැවී 238 (66.1) විශ්ව චතුරංග 46, සංජික රිද්ම 39, හර්ෂ කුරේ 20, උමේෂ් කරුණාරත්න 56, රාජු ගයාෂාන් 21, රොෂාන් ජයතිස්ස 23, කුමාර් බොරේසා 4/66, නවීන් ගුණවර්ධන 4/40
      • සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 61ක දී කඩුලු 6ක් දැවී 183) සියලුම දෙනා දැවී 211 (72.5) කිරාන්ජෝෂි 59, සචින් ප්‍රනාන්දු 49, ප්‍රභාත් ද සොයිසා 21, චලන ද සිල්වා 4/104, අසාර් අතාරි 5/27
      • පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 102 (21.2) මින්හාජ් ජලිල් නොදැවී 58 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<