ඩයලොග් සහ SLC එක්ව හැදූ “අපේ කොල්ලෝ” නිල දිරිගැන්වීමේ ගීතය

273
Sri Lanka T20 world cup official

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එකතුවෙන්, 2021 ඔක්තෝබර් 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඇරඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දිරිදීමේ ‘අපේ කොල්ලෝ’ ගීතය ඉකුත් දා එළිදක්වන ලදි.

ශ්‍රී ලාංකේය ජනප්‍රිය ගායන තරු සහ ඩයලොග් සන්නාම තානාපතිවරු වන භාතිය, සන්තුෂ්, උමාරියා, යොහානි, සංඛ, සජිත, සනුක, සෙනාලි, මාධුවී සහ ආරාධිත ශිල්පියෙක් වන රෝයි ජැක්සන් මෙම ගීය වෙනුවෙන් ගායනයෙන් දායක වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත සුවහසක් ශ්‍රී ලාංකියන්ගේ සුභාශිංසන පිරිනැමෙන සේ ඔවුන්ට සහයෝගය දක්වනු පිණිස නිර්මාණය වූ මේ ගීයේ පද නිර්මාණය කරන ලද්දේ Triad විසිනි.

ශ්‍රී ලංකාවේ පන්දුවාර 20 ලෝක කුසලාන ගමන ඔක්තෝබර් 18 වැනිදා නැමීබියාව සමඟ තරගයෙන් ආරම්භ වී ඔක්තෝබර් 20 වැනිදා අයර්ලන්තය සමඟ ද, ඔක්තෝබර් 22 වැනිදා නෙදර්ලන්තය සමඟ ද අදාළ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය යටතේ තරග වැදීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ ආචාර්ය ජයන්ත ධර්මදාස මෙසේ පැවසීය. මෙම පන්දුවාර 20 ලෝක කුසලාන ගීතය යථාර්ථයක් කිරීම සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා සමාගමට මාගේ ස්තුතිය පිරිනමනවා. මේ ප්‍රශංසාව ක්‍රීඩකයන්ට වගේම ප්‍රේක්ෂකයන්ගේත් ජයග්‍රාහී මානසිකත්වය ඉහළ නංවන්නක්. ඉකුත් මාස කිහිපයේ දී කණ්ඩායම ක්‍රීඩා කළ තරගාවලි සහ පුහුණු තරගවල උපකාරයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට හොඳම සංයුතිය සකසා ගැනීමට අපට හැකි වුනා’.

‘ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වශයෙන්, මෙම පන්දුවාර 20 ලෝක කුසලානය අභිමුව ජාතික කණ්ඩායම වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම සුබ පැතුම් එක්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්වීමට ලැබීම ඩයලොග් හට සතුටක්. මම ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ප්‍රාර්ථනා කරනවා’, යැයි ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිණි අමලි නානායක්කාර පැවසුවාය.

දේශීය ක්‍රීඩා හැකියාවන් ජාතික සහ ජාත්‍යන්තර තලය දක්වා බලගැන්වීම උදෙසා කැපවෙමින් 2023 වසර දක්වා ‘ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් ඩයලොග් ආසිආටා සමාගම දස වසරක අනුග්‍රාහකත්වයකට එළඹුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් වංශකථාවේ අභිමානවත් අතීතයක් හිමි ශ්‍රී ලංකාව 1996 ICC ලෝක කුසලානය සහ 2014 පන්දුවාර 20 ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර 2002 ICC ශූරයන්ගේ කුසලාන සම ශූරතාව සමඟ 1986, 1997, 2004, 2008 සහ 2014 ආදී වශයෙන් 5 වරක් ආසියානු කුසලාන ශූරයන් විය.

ඩයලොග් ආසිආටා සමාගම විසින් ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු ජාතික කණ්ඩායම්හී අභිමානවත් අනුග්‍රාහකයා වේ. ඒ සමඟම ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ දැල්පන්දු තරගාවලි, අන්තර් සමාජ රග්බි, ප්‍රමුඛ පෙළ රග්බි, පාසල් ක්‍රිකට්, කනිෂ්ඨ වොලිබෝල් යන තරග අංශ සමඟ ද, පැරාලිම්පික් අංශයේ දී යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල, ජාතික පැරා ක්‍රීඩා උළෙල සමඟ ද සමීපව කටයුතු කරන අතරවාරයේ ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම් සවිබල ගැන්වීම ද ඩයලොග් වෙතින් සිදු වේ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<